චොක්ලට් බිස්කට් ගෙදරදීම හදමු…

චොක්ලට් බිස්කට් කියන්නෙ ලොකු පොඩි හැමෝම අතරෙ එක ලෙස ජනප්‍රිය බිස්කට් වර්ගයක්, ගෙදරම චොකලට් බිස්කට් හදන්න පුලුවන් රෙසිපි එකක් ගැනයි මේ අපි අද කියන්නෙ.

අවශ්‍ය දේවල්

  • පිටි කෝප්ප එකක්
  • කොකෝවා පවුඩර් කෝප්ප කාලක්
  • හොඳින් කුඩුකර ගත් සීනි කෝප්ප භාගයක් බේකින් පවුඩර් මේස හැඳි බාගයක්
  • බටර් කෝප්ප කාලක්
  • බිත්තරයක්
  • වැනිලා මේස හැදි කාලක්

මෙහෙමයි හදන්නෙ..

  • පිටි චොකලට් පවුඩර් බේකින් පවුඩර් එකට මිශ්‍ර කර හලා ගන්න.
  • එය හොදින් මිශ්‍ර කර ගන්න.
  • බිත්තරය බීට් කර ගන්න .
  • එයට සීනි එකතු කර හොඳින් සීනි දියවන තුරු බීට් කරගන්න .
  • බටර් එකතු කර නැවත බීටි කරන්න.
  • වැනිලා එසන්ස් එකතු කරන්න.
  • දැන් බීට් කර ගත් මිශ්‍රණයට, පිටි කොකෝවා මිශ්‍රණය එකතු කර හොඳින් කලවම් කරන්න.
  • කුඩා ගුළි වලට කඩා ගන්න .
  • ගෑරුප්පුවකින් කිසියම් රටාවක් තබා ගන්න .
  • බේකින් ට්‍රේ එකකට තෙල් කඩදාසියක් දමා ඒ මත බිස්කට් තබන්න .
  • දැන් සෙල්සියස් අංශක 180° උෂ්ණත්වයක විනාඩි 25ක් පමණ බේක් කරගන්න .

Related Articles

Don't Miss


Latest Articles