උදේ ආහාරයට පෝෂ්‍යදායක කැඳ වර්ග..

සව් කැඳ

අවශ්‍ය දේ

  • සව් ග්‍රෑම් 100
  • හකුරු බෑයක්
  • මිටි කිරි කෝප්ප 1
  • දියකිරි කොප්ප 1/2
  • කුරුඳුපොතු, එනසාල්, කරාබුනැටි
  • කජු ටිකක්
  • රස අනුව ලුණු

හදන්නේ මෙහෙමයි..

  • සව් ටික හෝදලා තැම්බෙන්න තියන්න.
  • තැම්බෙන අතර ටික ටික හැඳි ගාන්න.
  • මේකට එනසාල්, කරාබුනැටි සහ කුරුඳුපොතු කෑල්ලක් දාගන්න.
  • තැම්බෙන අතර හකුරු ටික ග්‍රේට් කරගන්න.
  • දැන් සව් ටික තැම්බුනාම හකුරු ටික එකතු කරගෙන හොඳට හැඳි ගාන්න.
  • හකුරු දිය වූ විට  මිටිකිරි ටික එකතු කරන්න.
  • කිරි මදි වගේ නම් දිය කිරි ටිකකුත් දාන්න.
  • රස බලා ලුණු දාගන්න.
  • කිරි ටික උතුරන විට ටික ටික ඝන මිශ්‍රණයක් හැදෙනවා.
  • ඒ නිසා කැටි වෙන්න නොදී හැඳි ගාන්න .
  • කජු ටිකක් බැද සව් එකට දාගෙන රස බලන්න.

කිරි කැඳ

කවුරුත් බොන්න ප්‍රිය කරන කැඳ එකක් තමයි මේ. දවසේ ඕනම වෙලාවක බොන්න පුළුවන් ඇඟ සිසිල් කරන පානයක්.

අවශ්‍ය දේ

  • සුදු හාල් මිටක් පමණ
  • සුදුළූණු බික් 8-10
  • පොල්කිරි කෝප්ප 3ක්
  • රස අනුව ලුණු
  • ගම්මිරිස් කුඩු

හදන්නේ මෙහෙමයි..

  • හාල් ටික සෝදා වතුර ටිකක් වැඩියෙන් ලිප තියන්න.
  • එයට සුදුළූණු ටික් දා බත බෙරි වෙන්න වගේ උයාගන්න.
  • වතුර ටික හිඳුන පසු පොල්කිරි ටික එකතු කරන්න.
  • රස අනුව ලුණු දාගන්න.
  • පොල්කිරි ටික නටනකල් හැන්දකින් කලවම් කරගන්න.
  • කැමතිනම් බත් ටික පොඩි කරගෙ​න කැඳ එක හදාගන්​නත් පුළුවනි.
  • අවශ්‍ය අය උඩින් ගම්මිරිස් කුඩු ටිකක් ඉහලා බීමට ගන්න.

Related Articles

Don't Miss


Latest Articles