පහසුවෙන් වැනිලා අයිස්ක්‍රීම් හදා ගන්නේ මෙහෙමයි

අයිස් ක්‍රීම් ගෙදරදී හදලා කන්න තියනවා නම් අපූරුයි නේද? මේ අයිස් ක්‍රීම් එකේ විශේෂත්වය මේවා බීටර් එකක් නැතිව බ්ලෙන්ඩර් එකේ හදපු අයිස්ක්‍රීම්. විපින් ක්‍රීම් සහ ජෙලටින් පාවිච්චි වෙන්නෙත් නෑ. කෙටියෙන් කීවොත් හරිම සරලව අයිස් ක්‍රීම් හදා ගන්න මේ රෙසිපිය ඔයාලට උදව් වේවි.

අවශ්‍ය වෙන්නේ මේවා

  • එළකිරි 500ml
  • කිරි පිටි මේස හැදි 3
  • සීනි
  • කෝන් පිටි මේස හැදි 3
  • වැනිලා තේ හැදි 2

මෙහෙම තමයි හදා ගන්නේ..

  • පිටි කිරි මඳ රස්නය සහිත වතුර කෝප්ප භාගයක් දමා දිය කර ගන්න.
  • කෝන් පිටි ඇල් වතුර කෝප්ප කාලක් පමණ දමා දිය කර ගන්න.
  • එලකිරි මඳ ගින්නේ ටික වෙලාවක් රත් කර ගන්න.
  • යන්තම් රත් වෙද්දී එ සීනි රස අනුව එකතු කර හොඳින් හැඳි ගාන්න.
  • ඉන්පසු දිය කර ගත් පිටි කිරි එකතු කර ගන්න. හොඳින් හැදි ගාන්න.
  • එයට කෝන් පිටි එකතු කර හොඳින් හැඳි ගාන්න.
  • මිශ්‍රණය ඝන වූ විට ලිපෙන් බා ගන්න.
  • මිශ්‍රණය හොඳින් නිවුණු පසු එයට වැනිලා එකතු කර ගන්න.
  • ඉන් පසු මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දමා විනාඩි දහයක් පමණ හොඳින් බ්ලෙන්ඩ් කරන්න.
  • භාජනයකට දමා හොඳින් වසා ශීතකරණයට දමා පැය දෙකක් තබන්න.
  • ශීතකරණය max freeze level තිබිය යුතුයි.
  • පැය දෙකකට පසු නැවතත් එම මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දමා විනාඩි දහයක් බ්ලෙන්ඩ් කර නැවත පැය දෙකක් ශීතකරණයේ තබන්න.
  • මෙලෙස සිව් වතාවක් පැය දෙකකට සැරයක් බ්ලෙන්ඩ් කරන්න
  • සිව් වතාවකට පසු බ්ලෙන්ඩ් කරගත් අයිස්ක්‍රීම් භාජනයට දමා පැය අටක් ශීතකරණයේ තබන්න.

පැය අටකට පසු රසම රස අයිස් ක්‍රීම් රස බලන්න.

Related Articles

Don't Miss


Latest Articles