රාත්‍රියේ ඉතුරු බත් වලින් පහුවදාට තෝසේ හදමු..

රාත්‍රියේ ඉතුරුවන බත් අපතේ නොදා මෙන්න මේ වගේ රසවත් ආහාරයක් හදා ගන්න පුලුවන් නම් අපූරුයි නේද.

ඉතිරිය වෙනුවෙන් වෙහෙසෙන ස්මාර්ට් ගෘහණියන්ටයි මේ තෝසේ රෙසිපිය…

අවශ්‍ය ද්‍රව්‍ය මේවා..

  • රෑ ඉතිරි වූ පිස ගත් බත් පීරිසි කෝප්ප 1 ක්
  • පාන් පිටි මේස හැදි  6ක්
  • බිත්තර 1ක්
  • ඊස්ට් ඉතාමත් ස්වල්පයක්
  • අවශ්‍ය පමණ ලුනු සහ වතුර..

සාදා ගන්නා ආකාරය

  • පළමුව ඉතුරුම් බත් ටික වැසෙන ප්‍රමාණයට වතුරද දමා ක්‍රීම් එකක් වන තුරු බ්ලෙන්ඩ් කරගන්න.
  • ඉන් පසු එය සුදුසු භාජනයකට දමා අවශ්‍ය ලුණු.බිත්තර.පාන් පිටි.(ඊස්ට්)වතුර අඩු කෝප්ප 1/2ක් ද දමා හොඳින් පිටි මිශ්‍රණය සාදා හොඳින් වසා පැයක් පමණ කාලයක් තබන්න.
  • පිටි මිශ්‍රණය හොදින් උකු ගතියට තිබීම අත්‍යවශ්‍යයි.
  • උකු ගතියට මදි නම් පාන්පිටි ටිකක් එක් කරගන්න.
  • ළූණු,අබ,කරපිංචා එක් කර තෙම්පරාදුවක්ද මිශ්‍රණයට එක් කර ගන්න.
  • ඉන් පසු සාමාන්‍ය තෝසේ ආකාරයට සාදා ගන්න.
  • සැරට සාදා ගන්න සාම්බාරු හොදි හා කොච්චි දමා කොටා ගත් පොල් සම්බෝලයකින් රස තවත් වැඩි වේ.. 

Related Articles

Don't Miss


Latest Articles