විවාහ ජීවිතය තුළ එකිනෙකා කෙරෙහි ඇති සැබෑ වගකීම.

විවාහය කියන්නේ ම ආදරයත් මිත්‍රත්වයත් – විශ්වාසයත්  අවබෝධයත් එකට එකතු වෙන තැනක්. නීතියෙන් බැඳෙන්නට කලින් ගෙවන ජීවිතයත් විවාහයෙන් පසුව ගෙවන ජීවිතයත් ඇත්තටම වෙනස් තත්ත්වයන් දෙකක්. කායිකවත් මානසිකවත් බොහෝ දේ බෙදාගැනීම තුළ ගැටුම් ඇති වීම සාමාන්‍යයි. අපේ දුර්වලතා බොහොමයක් මුණ ගැසෙන්නේ විවාහයෙන් පසු එකට ජීවත් වීම තුළයි. ඒත් අපි අපේ භූමිකාව නිවැරදිව ඉටු කරනවා නම්, සුන්දර විවාහයක් තව දුරටත් සිහිනයක් නෙවෙයි. 

ඇන්ජලිනා ජොලී කායිකවත් – මානසිකවත් පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක ඇගේ එකල සැමියා බ්‍රැඩ් පිට් ඇයට ලියූ හසුනක් පසු ගිය දිනවල අන්තර්ජාලයේ නිතර දක්නට ලැබුණා. සැමියෙකුට බිරිඳකගේ ජීවිතයට කොතරම් බලපෑමක් කරන්නට හැකිද කියා එයින් තේරුම් ගන්නට පුලුවන්. එහි අදහස බිරිඳ සැමියා මත යැපෙනවා යන්න නම් නොවෙයි. ඇගේ වටිනාකම ඇයට දෙමින් ඔහුගේ චර්‍යාත්මක වෙනසත් ආදරයත් බිරිඳගේ ජීවිතය උඩු යටිකුරු කරන්නට සමත් වන ආකාරයයි. මේ වන විට ඔවුන් දෙදෙනාගේ ජීවිත වෙනස් පාරවල් දෙකක ගමන් ගන්නා බව ඇත්ත. ඔවුන් එකම මගක ගමන් සගයන් වූ කාල පරිච්ඡේදයේ දී ඇයට ඔහු අත දුන් අයුරු මේ ලිපියේ සඳහන්.

මගේ බිරිඳ අසනීප වුණා. රැකියාවේ ප්‍රශ්න, පෞද්ගලික ප්‍රශ්න, දරුවන්ගේ ප්‍රශ්න නිසා ඇයව දිගින් දිගටම කඩා වැටෙන්නට වුණා. වයස තිස් පහේදී රාත්තල් 30කින් අඩු වූ ඇගේ බර රාත්තල් 90ක් වුණා. 

ඇය ඉතාම කෘෂ ස්වභාවයකට පත් වුණා. නොනවත්වා ම හඬන්නට පටන් ගත්තා. ඇය කොහෙත්ම පෙර සිටි සතුටින් ගත කළ ගැහැණිය වුණේ නැහැ. කෙළවරක් නැති හිසරද, පපුවේ වේදනා, ස්නායු ආබාධ ආදියෙන් ඇය වේදනාවට පත් වුණා. රාත්‍රිය පුරාම නිදි නොලැබූ ඇය උදයේ නින්දට වැටී දවසම වෙහෙසකාරීව ගත කළා.

අපේ ආදර කතාව නිම වෙන්නට ඉතා ආසන්න තත්ත්වයකයි තිබුණේ.

ඇගේ සුරූපීබව වියැකෙමින් තිබුණා. ඇස්යට දුර්වර්ණ වෙමින් තිබුණා. ඈ පිළිබඳ සැලකිලිමත් වීම ඈ අත් හැර තිබුණා. ඇය කිසිදු චරිතයක් රඟ දැක්වීමට කැමැත්තක් දැක්වූයේ නොමැති අතර දිගින් දිගටම චිත්‍රපට ප්‍රතික්ෂේප කළා. මට කිසිදු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. අප ඉක්මනින් වෙන් වේවි යැයි මට සිතුණා.  එහෙත්!!! එක් මොහොතක මම ක්‍රියාත්මක වෙන්නට පටන් ගත්තා. ඉන්පසු මට ලොව වසන සුන්දර ම ගැහැණිය හිමි වුණා.

ලොව බොහොමයක් කාන්තාවන්ගේ මෙන්ම පිරිමින්ගේත් සිහිනවල ඇය ඉන්නවා. එහෙත් ඈ අසල නිදන්නට – ඈ වැළඳ ගන්නට හැක්කේ මට පමණයි. මම මල් පොකුරුවලි, හාදුවලින්, අගයකිරීම් වලින් ඇයව තෘප්තිමත් කරන්නට පටන් ගත්තා. මම ඇයව පුදුම කරමින් සෑම විනාඩියකම ඇයව සතුටින් තැබුවා. නිතර තෑගි දෙමින් ඈ වෙනුවෙන් ම පමණක් ජීවත් වුණා.

මම ප්‍රසිද්ධියේ කතා කළේ ඇය ගැන පමණයි. හැම දෙයක් ම මම ඈ දෙසටයි යොමුකළේ. මගේත් ඇගේත් මිතුරු මිතුරියන් ඉදිරියේ පවා මම ඇයව සතුටින් තබන්නට උත්සාහ කළා. ඔබ විශ්වාස නොකරාවි. එහෙත් ඈ පිබිදුණා!!! ඇගේ බර වැඩි උණා. පෙරටත් වඩා සුන්දර වුණා. පෙරටත් වඩා මා සමඟ ආදරෙන් බැඳුණා. සැබැවින්ම ඇය එපමණ ආදරේ කිරීම ගැන මට සැකයක් නැහැ.

ඉන්පසු මම එක්දෙයක් තේරුම් ගත්තා. බිරිඳ ස්වාමියාගේ ප්‍රතිබිම්බයයි. ඔබ ඇයට උමතු ලෙස ප්‍රේම කරන්නේ නම්, ඇය උමතුවක් ම වේවි.

වර්තමාන සමාජයේ අප දකින බොහොමයක් විවාහකයින් තම විවාහය ගැන අතෘප්තිමත්. විවාහය ඇතුළෙදි එකිනෙකාගේ වටිනාකම් තේරුම් නොගැනීම, එකිනෙකාගේ ගමනට උදව් නොකිරීම නිසා දෙතැනක හුදකලා වීම බොහෝ විට එයට හේතුවයි. ඉතින් ඔබ එවැනි තත්ත්වයක ඉන්නවා නම්, ඔබේ විවාහය අ‍ර්ථවත් කරගන්නටයි මේ ඇමතුම.

Related Articles

Don't Miss


Latest Articles