මුහුණේ ඇතිවන අඳුරු ලප හෙවත් පිග්මන්ටේෂන්වලට (Pigmentation) ස්වභාවික සත්කාර

පිග්මන්ටේෂන් කියන්නේ සමේ සමහර තැන්වල මෙලනින් වැඩි වශයෙන් එක් වී අඳුරු ලප හා තිත් ඇති වීමයි. මේවාට හේතු බොහොමයක් බලපානවා. නමුත් නිවැරදි ප්‍රතිකර්ම මගින් මෙම පිග්මන්ටේෂන් තත්ත්වයට සාර්ථක විසඳුම් ලබා ගත හැකියි. මේ ලිපියෙන් අපි කතා කරන්නේ පිග්මන්ටේෂන්වලට (Pigmentation) ස්වභාවික සත්කාර කරන්න ආකාරය ගැනයි.

පිග්මන්ටේෂන් ඇති වීමට හේතු

  • මෙලනින් වර්ණකය සමේ තැනින් තැන එක් රැස් වීම මඟින් පිග්මන්ටේෂන් ඇති විය හැකියි.
  • සම අධික හිරු එලියට නිරාවරණය වීමෙන් UV කිරණ හෙවත් පාරජම්බුල කිරණ වල බලපෑම මඟින් මේවා ඇති විය හැකියි.
  • ගර්භනී සමයේ ඇති වන සංකූලතා නිසා ගර්භනී සමයේ ඇති වන මෙම ලප දරුවා බිහි වීමෙන් පසු නැති වී යයි.
  • ජානවල බලපෑමක් හෝ හෝමෝනවල බලපෑමක් නිසා.
  • බ්ලීචින්ග් සහිත ක්‍රීම් වර්ග ආලේප කිරීම නිසා.
  • උපත්පාලන පෙති භාවිතා කිරීම නිසා.
  • රසායනික ද්‍රව්‍ය සහිත, ප්‍රමිතියෙන් තොර වර්ණක හිස කෙස් වර්ණ ගැන්වීමට යොදා ගැනීම නිසා.
  • යම් රෝගයක් වෙනුවෙන් ලබා ගත් බෙහෙතක අතුරු ඵලයක් නිසා.
  • වයස්ගත වීමත් සමඟ මුහුණේ ඇති මැරුණු සෛල සහ මෙලනින් වර්ණකය එකට එක් වීම නිසා.

ප්‍රතිකාරයට අවශ්‍ය දේවල්

  • අර්තාපල්
  • කැරට්
  • කෝමාරිකා
  • මී පැණි
  • කහ දොඩම්
  • දෙහි
  • හාල් පිටි
  • කහ
  • කඩල පිටි
  • අර්තාපල් හොඳින් සුද්ද කර බ්ලෙන්ඩ් කර ගන්න.
  • කැරට් කුඩා කැබලි වලට කපා බ්ලෙන්ඩ් කර ගන්න.
  • කහ දොඩම් ගෙඩියේ හා දෙහිවල ඉස්ම මිරිකා ගන්න.
  • කෝමාරිකා මදය වෙන් කර ගන්න. එක් කැබලි දෙකක් දෙකට පලා තබා ගන්න.

ප්‍රතිකාරය කරන ආකාරය

  • හොඳින් සෝදා ගත් මුහුණ කෝමාරිකා මදවලින් ක්ලෙන්සර් කර ගන්න.
  • ඉන්පසු තෙත ස්පොන්ච් එකකින් ක්ලෙන්සර් එක උඩු අතට ඉවත් කරන්න.
  • බ්ලෙන්ඩ් කරගත් අල තේ හැන්දක්, හාල් පිටි තේ හැන්දක් සහ ලෙමන් යුෂ ටිකක් ගෙන ස්ක්‍රබ් එක සකසා ගන්න.
  • වීඩියෝවේ පෙන්වන ආකාරයට හොඳින් ස්ක්‍රබ් කර ගන්න.
  • පිග්මන්ටේෂන් ඇති ඒරියාවල කවාකාරව විනාඩි විස්සක් පමණ ස්ක්‍රබ් කරන්න.
  • එය තෙත ස්පොන්ජ් එකකින් ඉවත් කර ගන්න.
  • අල තේ හැන්දක්, කැරට් තේ හැන්දක් , කඩල පිටි තේ හැදි දෙකක්, කහ කුඩු තේ හැදි කාලක් කහ දොඩම් ඉස්ම වලින් මිශ්‍ර කරන්න.
  • ඉන්පසු පිග්මන්ටේෂන් ඇති තැන් වලත් සම්පුර්ණ මුහුණේමත් මෙය ආලේප කරන්න.
  • ඇස් මත පැක් එක ආලේප කළ නොහැකි නිසා සිහින්ව කැපූ අල පෙති දෙකක් ඇස්මත තබන්න.
  • ටික වෙලාවක් තබා සෝදා හරින්න.

පිග්මන්ටේෂන්වලට (Pigmentation) ස්වභාවික සත්කාර සම්බන්ධ තවත් කාරණා සහ මේ ට්‍රීට්මන්ට් එක කරන නිවැරදි ආකාරය මේ වීඩියෝ එකෙන් වැඩිදුර දැන ගන්න පුලුවන්.

තොරතුරු සැපයීම රූපලාවණ්‍ය ශිල්පිනී මධූ ජයවීර

Related Articles

Don't Miss


Latest Articles