පිළිස්සුණු ආත්මයකට ජීවය දුන් මිනිසකුගේ සැබෑ ප්‍රේමයේ කතාව

සැබෑ ප්‍රේමය යනු  කුමක්දැයි නිතර නැගෙන පැනයකි. ඊට හේතුව නම් ආදරය, විවාහය වැනි උත්තරීතර ආධ්‍යාත්මික මානුෂීය සබදතා රූපය, මුදල්, රැකියාව, සමාජ තත්වය වැනි සරල භෞතික කාරණා මූලික කර ගනිමින් ඇරඹෙන අසාර්ථක ගණු දෙණු බවට පත් වී තිබීමත්, ඒ හේතුව නිසාම සමාජය පුරාම රුවටීම්, වංචාවන් බහුල වී තිබීමත්ය. මේ නිසා අද සෑම තැනකම දක්නට ඇත්තේ ආදරය, විවාහය පිළිබද කළකිරුණු පුද්ගලයන්ගේ බිදවැටුණු හදවත්ය. මෙවන් කලක පසුගිය දිනවල අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධයට පත්වූ Turia සහ Michaelගේ කතාව යම් පිළිතුරක් සපයනු ඇත.

 

27 හැවිරිදි Turia Pitt යනු Australian පතල් ඉංජිනේරුවරියකි, දිරිගන්වන්නියක (motivationalist) සහ ග්‍රන්ථ කතුවරියකි. මෝස්තර නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරමින් සිටි ඇය 2011 දී Kimberley හි පැවති 100 kilometer ultra-marathon තරගයකට සහභාගී වෙමින් සිටියදී ලැව් ගින්නකට කොටුවූවාය.

වෛද්‍ය මතය අනුව ඇගේ සිරුරින් 65% ක්ම පිළිස්සී තිබුණු අතර වමතේ ඇඟිළි හතරක් ද දකුණතේ මහපටැඟිල්ලද ඉවත් කරනලදී. වසර 2ක් පුරා රෝහලකට කොටුවී සිටින්නට ඈට සිදුවිය.

මෙම වේදනකාරී කාලය පුරාවටමද ඉන් ඉදිරියටද තවත් පුද්ගලයෙක් ඇයට දිරි දෙමින් නිබඳවම ඈ පසෙකින් විය. ඒ ඇගේ පෙම්වතා වූ Michael Hoskinය. පොලිස් නිලධාරියෙකු වූ ඔහු ඇය රැකබලා ගැනීමට රැකියාවෙන් ඉවත්විය.

පසුගිය දිනයකදී, වාර්තාකරුවකු Michaelගෙන් විමසා සිටියේ “සාත්තු සේවිකාවක් ඈ ළඟ නවතා ඔබේ ජීවිතය ඉදිරියට ගෙනයන්න කිසියම් මොහොතක ඔබ කල්පනා කළේ නැතිද?  ඔහුගේ පිළිතුර ලොව දහසක් හදවත් ස්පර්ෂකරවීය: “මම ආදරය කරන්නේ ඇගේ ආත්මයට, ඇගේ චරිතයට, සහ මගේ සිහින සපුරන එකම කාන්තාවත් ඇයයි”

විවාහ ගිවිස ගැනීමෙන් පසු Turia, ඇගේ සහ Michaelගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ: මෙම ආදරණීය මිනිසා මගේ ජීවිතයට සවියක්! ඔබ ගෙනෙන්නේ මාගේ යහපත්ම ස්වරූපයයි. අපගේ ජීවිත ඉදරියටද එක්ව ගතකරන්නට ඉවසුම් නැත. ” යනුවෙන් සටහනක් තබමිනි.

රුවින් ධනයෙන් අඩු යැයි තම සහකරු හැරදමා යන මිලමුදලට විකිණෙන මිනිසුන් අතරේ මෙවන් පිවිතුරු ආදරයක් පිළිබඳව අසන්නට දකින්නට ලැබීමත් කෙතරම් වාසනාවක්ද?

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles