ආදරවන්තයාට Shirt එකක් තෑගි දෙන්න කලින් මේ දේවල් ගැන හිතන්න.

සැමියාට වගේම පෙම්වතාට තෑග්ගක් දෙනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනෑම දෙයක් තමයි එයාලාට වැඩක් ඇති දෙයක් දෙන්න. ගැහැනු ළමයි විසිතුරු දේ, ටෙඩී බෙයාර්ස්ලා තෑගි ලැබෙනවට කැමති වුණාට කොල්ලෝ කැමති දේවල් තෝරන්න ටිකක් අමාරුයි. ඉතින් උපන්දිනයට,ඇනිවසරි එකට, ආදරේ හිතෙන ඕනෑම වෙලාවකදී එයාට දෙන්න හොඳ තෑග්ගක් තමයි ෂර්ට් එකක් කියන්නේ.

ෂර්ට් එකක් මිලට ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනෑ කාරණා බොහොමයි. ඒ දේවල් ගැන අවධානය යොමු කරමු.

1.අඳින්නේ කොහේටද?

Casual shirt,formal shirt,party wear  විදියට ෂර්ට්  වර්ග කීපයක් තියනවා.  ගන්න කලින් ඔහුට වැදගත් මොන වගේ ශර්ට් එකක් ද හිතලා  බලන්න ඕනි.මේ අනුව කෆ් එක රහිත හෝ සහිත,මුද්‍රිත(printed) හෝ තනි වර්න(plain) රෙදි තෝරාගත හැකියි.

2.රෙදි වර්ගය.

පිරිමි ශර්ට් සඳහා ප්‍රසිද්ධම රෙදි වර්ග වෙන්නේ කොට්න් සහ ලිනන් රෙදි වර්ගයි.ෆෝමල් සදහා වඩාත් ප්‍රසිද්ධ කොට්‍න් රෙදියි. ෂර්ට් එක අඳින ස්ථානය එළිමහනද,වායු සමීකරණ සහිත හෝ රහිත තැනක්ද  මත රෙදි වර්ගය තෝරා ගන්න පුලුවන්.100%කොට්න් කමිස බොහෝ සුව පහසුයි.නමුත් විස්කෝස්,පොලියෙස්ටර් මිශ්‍ර රෙදි වලි නිමවූ ශර්ට් ද තිබෙනවා.formal ශර්ට් සඳහා තුනී කපු රෙද්දෙන් මැසූ ෂර්ට්ද,casual සඳහ ඝනකමින් වැඩි කපු රෙද්දෙන් කළ ෂර්ට් ද තෝරා ගන්න පුලුවන්.

3.Fit එක

වඩාත්ම වැදගත් වන්නේ මෙන්න මේ කාරණාවයි.
බෙල්ල ,උරහිස,ශර්ට් එකේ උස, අතේ දිග,cuff එක,පපුව යන තැන් වලින් ශර්ට් එක ගැළපෙන්න ඕනෑ.ඒ වගේම විවිධ සන්නාම යටතේ shirt fit එක පොඩ්ඩක් වෙනස් වෙන බවත් මතක තබා ගන්න.ඉහත කී තැන් වලින් හිර වෙන ප්‍රමාණය සහ හැඩ වෙන ආකාරය වෙනස් වෙනවා.

Modern fit – සිරුරේ හැඩයට අනූව
Slim fit- සිරුරට වඩා ඇළුණු ෂර්ට්
Regular fit- ඉඩකඩ ඇති ෂර්ට් එකක්.මහත අයට සුදුසුයි.
Trim fit- ස්ලිම් ෆිට් තරමටම සිරුරට ඇලී නැහැ.

යන ආකාර බොහෝවිට වෙළඳපොලේ තියනවා.ඔහුගේ ශරීර හැඩය සහ රුචිකත්වය අනුව තෝරා ගන්න පුලුවන්. උරහිසේ size එක විතරක් දැනගෙන ශර්ට් ගන්නවාට වඩා ෆිට් එකත් දැන ගන්න එක වටිනවා කියන එක අමතක කරන්නම එපා.

ඔහු කැමති වර්ණය ගැනත් සැලකිලිමත් වෙන්න. ඔබට වඩාත්ම සමීප කෙනා නිසා ඒ ගැන ඔබ කොහොමටත් දන්න බව අපි දන්නවා. ඔහුගේ සමේ වර්ණය අනුව ෂර්ට් එකේ පාට තෝරා ගන්න.

මේ තෑග්ග ඔහු වඩා ප්‍රිය කරන්නක් වෙනවාට සැකයක් නෑ.

තොරතුරු සැපයීම – තිළිණි භාග්‍යා ජයලත්
B.Des (University of Moratuwa)

Related Articles

Don't Miss


Latest Articles