බබාලගෙ දත් මදින නිවැරදි ක්‍රමය මෙන්න

කුඩා දරුවන්ගේ දත් මැදීම කළ යුතු නිවැරදි ක්‍රමය කුමක්ද? මේ කරුණු ඔබට වැදගත් වේවී ..

කුඩා දරුවන්ට තේරෙනවා අඩුයි. කුඩා දරුවන් දත් මැදීමට දිරිගැන්විය යුත්තේ දෙමව්පියන් විසිනුයි.
දෑසන හා රාත්‍රී නින්දට පෙර දත් මැදීමට දරුවා හුරු කළ යුතුයි.

විශේෂයෙන්ම වයස අවුරුදු හත අටක් යන තුරු දරුවා දෙමාපියන් විසින් දිනපතා දත් මැදීම හා දිනකට දෙවරක් දත් මැදීම සදහා උනන්දු කළ යුතුය.
කුඩා දරුවාගේ දත් මැදීමට ඒ සදහ ගැලපෙන කුඩා බුරුසුවක්, දල මුං ඇටයක තරම ෆ්ලෝරයිඞ් සහිත දන්තාලේපයක්ද භාවිතා කල යුතුය.
බුරුසුවට දන්තාලේප දැමීමට පෙර එය සෝදා වතුර ඉවත්වන තුරු බුරුසුව ගසා ගැනීමෙන් දරුවාගේ කටට එන කෙළ ප්‍රමාණය අඩු කර ගත හැකිය.
එමගින් ළමයා දත් බෙහෙත් සහිත කෙළ ගිළීම වළක්වා ගත හැකිය.
කටේ ඇති සියළුම දත් පිරිසිදු කර ගැනීම ඉතාම වැදගත් වේ.
දත් මැදීමෙන් පසුව දත් බෙහෙත් සියල්ල ඉවත් වන ආකාරයට තදින් කට සේදීම නොකළ යුතුය.

ළදරුවෙකුගේ දත් පිරිසිදු කළ යුත්තේ කෙසේද?

සාමාන්යයෙන් ළදරුවෙකුගේ කිරි දත් මතු වීම මාස 6 කදී සිදුවන අතර ලංකාවේ ළදරුවන්ගේ මෙය මාස 8-9 දක්වා ඇතැම් අවස්ථාවලදී ප්‍රමාද වීම සිදුවිය හැකිය. පළමු කිරි දත මතු වු දින පටන්ම දත් පිරිසිදු කිරීම ආරම්භ කළ යුතුයි. මේ සඳහා ඇගිල්ලට පළඳින බුරුසුවක් හෝ ඉතා කුඩා හිසක් සහිත බුරුසුවක් යොදාගත හැකිය. එසේ නොමැති නම් පිරිසිදු රෙදි කැබැල්ලක් ඒ සඳහා භාවිතා කළ හැකිය.

දන්තාලේප භාවිතය ගැන සැලකිලිමත් වන්න

දන්තාලේප භාවිතය මුලින්ම ළදරුවන් සදහා අවශ්‍ය නොවන අතර දරුවා සෝදන අවස්ථාවලදී දරුවා සතුටින් සිටින අවස්ථාවකදී දත් පිරිසිදු කිරීම ආරම්භ කළ හැකිය.

දරුවාගේ කටෙහි දත් හතරක් මතු වු පසු කුඩා ළමුන් සඳහා භාවිතා කරන දත් බුරුසුවක් භාවිතා කරන්න.
ළමයාට කෙළ ගැසීමට හැකි කාලය වන විට බුරුසුවේ කෙඳි වල යන්තම් ගෑවෙන පරිදි ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේප යොදා දිනකට දෙවරක් දත් මැදීම සිදු කළ යුතුය.
ළමයාට අවුරුදු තුන පසු වූ විට මුං ඇටයක ප්‍රමාණයට දන්තාලේප බුරුසුව මත යොදා ගන්න.
පොඩිත්තන්ගෙ දත් නිවැරැදිව පිරිසිදු කරමින් යහපත් මුක සෞඛ්‍යයක් පවත්වාගෙන යාමේ වැදගත්කම විනෝදාත්මක වීඩියෝ හෝ වෙනත් ක්‍රම ඇසුරෙන් නිර්මාණශීලීව කියා දීම මෙහිදී ඉතා වැදගත්. දත් මදින්න අකමැති පොඩිත්තොත් සතුටින් දත් මදින්න කැමති වේවි.

Related Articles

Don't Miss


Latest Articles