Pre Shoot එකක් වෙඩින් එකට ඕනෑම ද?

මේ මාතෘකාව දැක්කම ඔබ මවිතයට පත් වෙයි. වෙඩින් එකට ප්‍රීශූට් එකක් ඕනෑමයි. ඇයි ඒක ඕනම දෙයක් නෙවෙයි ද?අපි ඒගැන ඔබටම තීරණය කරන්න ඉඩ දෙනවා. ඉතින් මේ කරුණු භිතේ රඳවාගෙනම ඒ ගැන තීරණයක් ගැනීම ඔබට බාරයි.

මේ වන විට මංගල උත්සවයකට කලින් Pre shoot එකක් කිරීම විලාසිතාවක් නැතිනම් රැල්ලක් වෙලා වෙලා.ලස්සන ඇඳුම් එක්ක ලස්සන දර්ශන තලයක පෙම්වතා එක්ක ලස්සන ෆොටෝස් ගන්න හැම ගැහැනු ළමයෙක්ම හරිම කැමතියි. ඒ නිසා ඔබේ මංගල දිනය වෙනුවෙන් වෙන් කරන මුදලින් වැඩිම මුදලක් වෙන් වන්නේ ඡායාරූපකරණය සඳහා.ඒ නිසා බජට් ගැනත් හිතන Smart bride කෙනෙක්ට මේ කාරණාව ගැන බුද්ධිමත්ව හිතීම වැදගත්.

පහුගිය දවසක මනාල යුවලක් දිය ඇල්ලක් ළඟ අනතුරට පත් වීම සහ ඉන්පසු මරණයකින් ඒ සිදුවීම අහවර වූ හැටි ඔබට මතක ඇති.

ඇත්තටම per shoot අවශ්‍ය ද කියන දේ කරලියට එන්නේ ඉන්පසු.

ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක්‍ වන ප්‍රසන්න හෙන්නායක මහතාගෙන් අපි මේ ගැන විමසීමක් කළා.

ඔහු කියන හැටියට මෙය ඇත්තටම අවශ්‍යම දෙයක් නෙවෙයි. ප්‍රීශූට් කියන සංකල්පය මෑතකදි තමයි අපේ රටේ ප්‍රචලිත වෙන්නේ. වෙනත් රටවල ක්‍රියාත්මක දේවල් අනුකරණයට කැමති අපි විලාසිතාවක් වගේ මෙයත් වහාම අනුකරණය කරන්න පටන් ගත්තා.දැන් ඡායාරූප ශිල්පින්ගේ පැකේජ් වලට මෙය ඇතුළත්. ඉතින් ඔහු කියන දර්ශන තලවල ඔහුට උවමනා හැටියට per shoot කිරීම විලාසිතාවක් සහ රැල්ලක් බවට පත් වෙලා. අනවශ්‍ය විදියට මනාල යුවලගේ මුදල් නාස්ති කරන ක්‍රියාවක් බවට පත් වෙලා.

ඔබ බුද්ධිමත්ව මේ ගැන තීරණයක් ගත යුතුයි.ඔබ සිතනවා නම් ප්‍රීශූට් එකක් ඔබට අවශ්‍ය කියල අඩුමතරමින් මේ ඡායාරූප ගන්න කලින් අඳින්නේ මොනවද, ඒවා ඔබට ගැලපෙනවද සහ කරන්නේ කොහෙද, ඒ ස්ථාන ආරක්ෂිත ද යන්න ගැන නිවැරදි එකඟතාවයකට එන්න. විවාහය ඔබ දෙදෙනාගේ. එහි තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ ඔබට මිස ඡායාරූප ශිල්පියාට හෝ ඔබේ වෙඩින් ප්ලෑනර්ට නොවේ.

නොගැළපෙන ෆොටෝ ෂූට් එකක් කරලා වෙඩින් වීඩියෝස් හදලා විවාහය දා එය ප්‍රදර්ශනය කරමින් ඔබේ තත්වය පහත හෙළා ගන්න අවශ්‍ය නැහැ.ඒ වගේම අනතුරුදායක තැන් වල ෆොටෝ නොගත්තට බොහොම සුන්දර සහ ආරක්ෂිත ස්ථාන ඕනෑ තරම් තියනවා. අනිත් කාරණය ඔබේ ඡායාරූප සමාජ මාධ්‍ය වල පළ කරන්නට ඔබ අකමැති නම් ඒ ගැන ඡායාරූප ශිල්පියාට කියන්න. ඔහුගේ ජනප්‍රිය බව වැඩි කරගන්න ඔබේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ කටගැස්මක් වෙන්න ඕනෑත් නැහැ.

ඒ වගේම ඔබේ මංගල දිනයේ සිදුකරන ඡායාරූපකරණය ගැනත් මෙහිදී ඔබට යමක් කිව යුතුයි.මේ අනවශ්‍ය ඡායාරූපකරණයට නිසා විවාහ දිනයේ පවා ඔබ අපහසුතාවයට පත් වෙනවා. විවාහ දිනයේ කෙරෙන ඡායාරූපකරණය පවා කලින් නිවැරදි වෙලාවක් හා ස්ථාන තෝරා ගෙන ඔබේ අවශ්‍යතා හා කැමැත්ත මත කරගන්න. සියල්ල ඡායාරූප ශිල්පියාට තීරණය කරන්න ඉඩ දී බලා සිටින්න එපා. සමහර මංගලෝත්සව වල නැකැත් පවා මඟ හැරෙන මනාල යුවල අධික තෙහෙට්ටුව පත් වෙන කාරණාවක් තමයි මේ අනවශ්‍ය ලෙස කෙරෙන ඡායාරූපකරණය. ඔබ හිතයි “ෆොටෝ විතරයි ඉතුරු වෙන්නෙ ඒ නිසා ඒ සියල්ල අවශ්‍යයි “කියලා. ඔබේ විවාහ දිනයේ විශේෂ මතක සැමරුම් ඡායාරූප ගන්නවා මිසක් ඡායාරූප ගන්න විවාහයක් කරන්න එපා.නිදහසේ සතුටින් ගතකරන ඔබේ විවාහ දිනයේ සුවිශේෂී සුන්දර මතක සටහන් වල එකතුවක් බවට ඔබේ වෙඩින් ඇල්බම් එක පත් කරගන්න ඔබට පුලුවන්.

ප්‍රීශූට් කියනවා නම් ඔබ සැලකිලිමත් විය යුත්තේ ඔබේ විවාහ දිනයේ කෙරෙන , විවාහයේ ඡායාරූප ගැන මිස විවාහයට පෙර අධික මුදලක් වැය කරමින් කරන Pre Shoot ෆොටෝස් ගැනීම ගැන නෙවෙයි , ඇත්තටම එය අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. ඒ නිසා ඒවාත් ඇතුළත් පැකේජ් එකක් ලබා ගන්න මුදල් මදි වීම, ඔබේ පෙම්වතා ඒවා ලබා ගන්න අකමැති වීම ඔබ දුක් විය යුතු කාරණාවක් වෙන්නෙම නෑ. හොදින් සිතා බලා බුද්ධිමත් smart bride කෙනෙක් විදියට ඔබේ තෝරා ගැනීම කරන්න.

වඩා වැදගත් ඔබේ මංගල දිනය අනවශ්‍ය අධික වියදම් වලින් තොර සුන්දර මතකයන් පිරුණු ඔබේ දිවියේ සුවිශේෂීම දිනයක් බවට පත් කර ගැනීමයි. තීරණය ගත යුත්තේ ඔබයි.

Related Articles

Don't Miss


Latest Articles