නිවැරදිව අයි මේකප් එකක් කරන්නෙ මෙහෙමයි.

ලස්සන දෑසක් අපි හැම කෙනෙක්ගේම ආසාවක් සහ සිහිනයක් කියලා හඳුන්වන්න පුලුවන්. ස්වභාවික ලස්සන ඇස් දෙක මේකප් එකකින් තවත් ලස්සන කරගන්න අපිට පුලුවන් .

මේ ඒ ආකාරයට ඇස් දෙක ලස්සන කරගන්න හැටි..

  • දෑස් මේක්අප් කිරීමට ප්‍රථම අයි බේස් එකක් ගෙන ඇසේ උඩු පියන අසල සිට අයි බ්‍රෝ දක්වා ඇති ඉඩ කොටස පුරාම එය තැවරිය යුතුයි.
  • මේ සඳහා ඇඟිල්ල හෝ අයි බ්‍රෂ් එකක් භාවිතා කරන්න.
  • අයිෂැඩෝ තැවරීමේ දී ලා පැහැති වර්ණ, මධ්‍යස්ථ වර්ණ සහ තද පැහැති වර්ණ තෝරා ගන්න.
  • දෙනෙතට ගැඹුරක් එක් කිරීමට අයි ෂැඩෝ භාවිත කරනවා
  • මෙම වර්ණ ඇඳුමට ගැළපෙන වර්ණවලින් හෝ එයට ප්‍රතිවිරුද්ධ වර්ණවලින් තෝරාගෙන ආලේප කරන්න.
  • මෙම අයි ෂැඩෝ ගැල්වීමේ දී ඇසේ වර්ණය ගැන ද සැලකිලිමත් වෙන්න.
  • අයි ෂැඩෝ වර්ග අතර මැට් වර්ණ , මුතු වර්ණ, ග්ලිටර් වර්ණ , ග්ලොසි වර්ණ පවතිනවා.
  • අයිෂැඩෝ තනි වර්ණයක් යොදා ගන්නවාට වඩා වර්ණ කිහිපයක් භාවිත කිරීමෙන් වඩා හොඳ මේක්අප් එකක් කිරීමට ඔබට හැකියාව ලැබෙනවා.
  • අයිෂැඩෝ කිරීමේ දී හයිලයිට් කිරීමට ගන්නා ලා වර්ණ ඇස් පියනේ මැදට සහ අයි බ්‍රෝ පිට කෙලවරේ සහ අයි බ්‍රෝ බෝන් එක ප්‍රදේශයේ ආලේප කරන අතර මධ්‍යස්ථ වර්ණ ඇස් පියනේ ඇතුළත කෙළවරේ ආලේප කරන්න.
  • තද වර්ණයෙන් අයිෂැඩෝ කළ යුත්තේ ඇස් පියනේ පිටත කෙළවරයි.
  • මෙය අයිෂැඩෝ වර්ණ ගැන්වීමේ දී සිදු කරන සාමාන්‍ය ක්‍රමයයි.

අයි මේකප් ට්‍රෙන්ඩ්..

මේකප් කරනකොට කාලයට අනුව ට්‍රෙන්ඩ් ගැනත් විමසිලිමත් වෙන්න. එතකොට ඔබට අලුත් තාලේ විලාසිතා කරල ඔබේ පෙනුම වැඩි කරගන්න පුලුවන්.

Feathery Brows

විහිදුණු මහත පෙනුමක් තියෙන ඇහි බැම විලාසිතාවක්.

Smudge Eyeliner 

අයි ශැඩෝ එකත් එක්කම ස්මජ් උන අයිලයිනර් එක.

Sunset Eyes

අයිලිඩ්ස් වර්ණ ගන්වන අලුත්ම ක්‍රමය.

Extreme eyelash volume 

ස්වභාවික පෙනුමට අයිලෑශස් වල ප්‍රමාණය වැඩි කරල පෙන්වන මස්කාරා එකක් තියෙනවා..

eye makeup  එක කරනවා වගේම  makeup  හොඳීන් පිරිසුදු කර සමෙන් ඉවත් කිරීමත් කළ යුතුයි. මේ සඳහා වෙළෙඳපොළේ ඇති  eye makeup remove භාවිතා කරන්න. වෙට් ටිෂූ වර්ග ද මේ සඳහා භාවිත කළ හැකියි. eye makeup  ඉවත් කළ හැකි ක්ලෙන්සර් වර්ග ද eye makeup  වර්ග ද වෙළෙඳපොළේ පවතිනවා. සමට ගැළපෙන ඉතා හොඳ සන්නාමයක් ඇති නිෂ්පාදන මේ සඳහා තෝරාගන්න. නැත්නම් බාල වර්ගයේ ඒවා භාවිත කිරීමෙන් දෑසට ගැටලු ඇති විය හැකියි.

Related Articles

Don't Miss


Latest Articles