දෑත් වල නියපොතු නිතර කැඩෙනවා නම් මේ සත්කාර කරන්න.

ලස්සන දෑතක් කියන්නේ හැම යුවතියකගේම සිහිනයක්.නමුත් ලස්සන දෑතක් පවත්වාගෙන යන්න අපට තියෙන ලොකුම බාධාවක් තමයි කැඩෙන නියපොතු.නියපොතු කැඩෙන්නේ ඇයි කියන එක වගේම ඒ වෙනුවෙන් කළ හැකි සත්කාර ගැනත් ඔබට කියන්න අපි හිතුවේ ඒ නිසා.

ඇයි නියපොතු කැඩෙන්නේ?

නිතරම අතේ වතුර රැඳීම

කාන්තාවන් විදියට අපිට නිතර වතුර එක්ක ගනුදෙනු කරන්න වෙනවා. රෙදි සේදීම, භාජන සේදීම නිතර කිරීම නිසා නියපොතු වල නිරන්තර තෙත් ගතියක් ඇතිවීම නියපොතු කැඩීමට හේතුවක් වෙනවා.

රසායනික ද්‍රව්‍ය නිතරම අතේ ගැටීම

ගෙදර වැඩ පල වලදි, පිරිසිදු කිරීම් වලදි නිරන්තරයෙන්ම අපේ නියපොතු වල රසායනික ද්‍රව්‍ය තැවරෙනවා.මෙය නියපොතු කැඩීමට බලපාන කාරණාවක්. නිතර භාවිතා කරන සේදුම්කාරක, වගේම විවිධ රසායනික විෂබීජ නාශක දියරත් බොහෝ විට නියපොතු වලට හානිදායකයි.

අනවශ්‍ය ලෙස නියපොතු වැවීම

ඔබ ගෙදර දොර වැඩවල යෙදෙන කාන්තාවක් නම් නියපොතු දිගු වීම වැඩට බාධාවක්, ඒ වගේම ඒ නියපොතු එලෙස දිගු වීම නිසා වැඩකිරීමේදී ඒ නියපොතු විවිධ පෘශ්ඨයන් මත වැදී තුවාල වෙන ඉඩකඩ වැඩී. 

නිය ආලේපන ගැලවීමේදී ඔබ අතින් වන වැරදි

බාල නිය ආලේපන ගැල්වීම නියපොතු වලට ඉතාම හානිදායකයි. ඒ වගේම නිය ආලේපන නිතරම පාවිච්චියත් නියපොතු වලට හානිදායකයි.

නිය ආලේපන භාවිතයේදි ප්‍රථමයෙන් බේස් කෝඩ් ආලේප කර පසුව නිය ආලේපන ගැල්වීමත් ඊට පසුව නැවත ටොප් කෝඩ් ගැල්වීමත් අනිවාර්යයෙන් කරන්න. නමුත් ඔබ ඒ කිසිවක් නොකර නියආලේපන පමණක් ආලේප කිරීමෙන් නියපොතු හානිවී කැඩී යාමට පුලුවන් .

මීට අමතරව ජාන දුර්වලතා, සිරුරේ කැල්සියම්  විටමින් සහ යකඩ ඌණතා ද හේතු වෙන්න පුලුවන්.

කකුලේ නියපොතු වලට හානි වෙන්න නම් ඔබේ පාවහන් අධික හිර වීමත් හේතු වෙන්නත් පුලුවන්

නියපොතු නිතර කැඩෙනව නම් කළ හැකි සත්කාර.

  • ජෙලටීන් උණු වතුරට දමා ඒවා දිය වූ පසු එයට නියපොතු බහාලීම.
  • නියපොතු පිළිවෙලකට කපා නියපොතු වල කඩතොලු ශේප් කර ගැනීම.
  • කියුටිකල් ක්‍රීම් එකක් භාවිතයෙන් අනවශ්‍ය කියුටිකල් ඉවත් කර ගැනීම.
  • Top code, base code භාවිතා නොකර කියුටෙක්ස් නොගැල්වීම.
  • හොඳ වර්ගයේ කියුටෙක්ස් එකක් ගැල්වීම.
  • ඒ වගේම ඔබ නිවසේ කටයුතු වල නිරත වෙන විට හොඳ අත්වැසුම් දෙකක් භාවිතා කිරීමත් ඉතාම වැදගත්. 

මේ සියල්ල අතරේ අමතක නොකළ යුතු දෙයක් තිබෙනවා. ඒ තමයි නියපොතු කැඩී යාම ඔබ අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් සහිත බව කියන්නත් සලකුණක් වෙන්න පුලුවන්. ඒ නිසා සත්කාර වලින් ඔබට වෙනසක් නොදැනේ නම් ප්‍රතිකාර වලට යොමු වීම අනිවාර්යයයි.

තොරතුරු සැපයීම – රූපලාවණ්‍ය ශිල්පිනි මධූ ජයවීර0776 463 308

Related Articles

Don't Miss


Latest Articles