Salon නොයා ලස්සන වෙන්න බැරිද? ඇයි අපි Salon යන්න ඕනෙ?

Smart lady තුලින් අපි අද, ඔයාල නිතරම කල්පනා කරන ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දෙන්නට ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි නයන කුමාරි මහත්මියව මුණගැහුනා. අපි ඒ ප්‍රශ්නය ඔබ වෙනුවෙන් ඇයගෙන් ඇසුවා. මේ ඇයගේ පිළිතුරයි.

ඇත්තටම Salon යනවා කියන්නේ ලස්සන වෙන්න අප කරගන්න උපකාරයක් විතරයි. නමුත් මෙමගින්  වාසි ගොඩක් ඔබට ලැබෙනවා. බොහෝ දෙනා හිතන්නේ මුදල් වැයවෙනවා විතරයි ලොකු ප්‍රයෝජනයක් නැහැ කියල. ඔබ රූපලාවන්‍යගාරයකට යාමේදී ලබාගතහැකි ප්‍රතිපල මෙසේ සඳහන් කරන්න පුළුවන්.

  • ඔබට ලබාදෙන සත්කාරය නිවැරදි දැනුමක් ලැබූ අයෙක් විසින් කරන නිසා , ඔබට ගැලපෙන සත්කාරය තීරණය කරලා පළපුරුද්ද මත ගුණාත්මක සහ  ආරක්ෂාකාරී ලෙස අවශ්‍ය  දෙය ලබාගන්න පුළුවන්.
  • රූපලාවන්‍යගාරයේ අදාල උපකරණ තිබෙන නිසාත් ගෙදරදී තනියම කරගන්නවා වෙනුවට මෙහිදී වෙන කෙනෙකු විසින් කරන නිසා සත්කාරය නිවැරදි ආකාරයට සිදුවෙනවා.
  • අනෙක් වැදගත් කරුණ නම්, යම් රූපලාවන්‍ය සත්කාරයක් කරන විට එය ලබාගන්න පුද්ගලයාගේ මානසික නිදහස් ( relax ) බව වැදගත් වෙනවා.නමුත් ගෙදරදී තනියම කරගන්න යාමේදී සිතට සැකයක් එනවා සත්කාරය නිවැරදිව වෙනවාද, මම කරන විදිය හරිද යන සිතිවිලි. මේ නිසා ඔබ රූපලාවන්‍යගාරයකට යාම වැදගත්.
  • ඒ වගේම රූපලාවන්‍ය සත්කාරයක් නිදහසේ විඳගත යුතු දෙයක්. තනියම කරගැනීමේදී ඇතිවන මහන්සිය එය රූපලාවන්‍යගාරයක් මගින් ලබා ගැනීමේදී ඇති වෙන්නේ නැහැ.
  • විශේෂයෙන් කිවයුතු තවත් කාරණයක් තියනවා. ඔබට රූපලාවන්‍යගාරයකින් සිදු වන්නේ ඔබේ පෙනුම වර්ධනය කරගැනීමට මුලික මගපෙන්වීමක් සිදු කිරීම පමණයි. ඔබ බලාපොරොත්තුවන 100% ක ලස්සන ඇතිකර ගැනීමටනම්, ඔබ ලබාගත් සත්කාරය පවත්වා ගැනීමට නිවසේදී ද  සැලකිලිමත් විය යුතුයි. උදාහරණයක් විදියට කියනවනම්, ඔබ දෙපාවලට සහ නියපොතු වලට සත්කාරයක් ලබාගත්තේනම්, ඊ ළඟ සත්කාර දිනය එනතෙක් අවම වශයෙන් නිවසේදී  නිදාගැනීමට  පෙර උණුවතුරෙන් දෙපා සෝදා තෙතමනය රැක දෙන ක්‍රීම් වර්ගයක් අලේප කර නින්දට යාම වැනි සරල සත්කාරයක් හෝ ඔබ විසින් කල යුතුමයි.
  • රූපලාවන්‍යගාරයකදී තත්වයෙන් උසස් සහ ඔබට ගැලපෙන නිෂ්පාදනය භාවිත කර අවශ්‍ය සත්කාරය ලබාදෙන නිසා විවිධ නිෂ්පාදන භාවිතයෙන් වන අසාධන තත්ව මගහරවා ගැනීමේ හැකියාවද ඔබට ලැබෙනවා.
  • මේනිසා ඔබේ ලස්සන රැකගැනීමට රූපලාවන්‍යගාරයකට යාම වගේම නිවසේ සිටද ඔබ වෙනුවෙන් යම් කාලයක් වෙන් කල යුතුවනවා. නමුත් මෙය ඉතා විශාල ලෙස මුදල් වැය කරමින් කල යුතුදෙයක් නොවෙයි. මුලික සත්කාරය ලබාගෙන ඊළඟ සත්කාරය ලබන තෙක් ඔබ එය පවත්වා ගත යුතුයි. නැතිනම් දෙවන සත්කාරය වනවිට ඔබ නැවත ආරම්භක තත්වයෙන්මයි සිටින්නේ.

smart විදියට ලස්සන වෙන්න, ලස්සන වෙන රහස් දැනගන්න , ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි නයනා කුමාරි මහත්මිය සමග smart lady අප, ඔබ වෙත ගෙන එන ඊ ළඟ ලිපිය හා එක්වන්න.

nayanart

Related Articles

Don't Miss


Latest Articles