Fridge එකක් නැතිව කල් තබා ගත හැකි ආහාර වර්ග

ආහාර වර්ග කල් තබා ගැනීම සඳහා  ශීතකරණයේ  ඇසිරීම සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්. ඒ වගේම ගෙනාව ගමන්ම කිසිම සොයා බැලීමකින් තොරව ෆ්‍රිජ් එකට දැමීම ත් දැන් සාමාන්‍ය පුරුද්දක් බවට පත්වෙලා.නමුත් මෙහිදී අධික විදුලි බලයක් වැය වෙනවා වගේම විශාල පරිමාවක් සහිත ශීතකරණයක් ද අවශ්‍ය වෙනවා .ඉතින් මෙන්න මේ ආහාර වර්ග නම්

අර්තාපල්

අන්තයකින් ශීතකරණයේ ගබඩා කිරීම ඉතාමත් හානිකරයි .පෝෂණවේදීන් සටහන් කරන්නේ අර්තාපල් සිසිල් බවට පත්වන විට පිෂ්ටය සීනි බවට පරිවර්තනය වන නිසා එය ඉක්මනින් නරක් වීමට ඉඩ ඇති බවයි.

තක්කාලි

තක්කාලි දවස් කීපයක් කාමර උෂ්ණත්වයේ ගබඩා කර තබන්නට පුලුවන්.

බටර් සහ fresh milk

විවර නොකල එහෙම නැත්නම් නැත්තං මුද්‍රා තැබූ ,සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් කඩන්න ට කලින් කාමර උෂ්ණත්වය තැන්පත් කිරීමෙන් දින කිහිපයක් නරක් නොවී තබා ගන්නට පුළුවන්.නැවුම් කිරි නම් ආරක්ෂක පැකට්ටුවක පැමිණෙන නිසා විවර කිරීමෙන් පසුව පමණයි ශීතකරණයේ තැබිය යුතු.

කොමඩු

කොමඩු ශීතකරණ කගබඩා කරනවට වඩා රසවත් සහ ගුණවත් ලෙස ආහාරයට ගැනීමට නම් කාමර උෂ්ණත්වයේ තැබීම ඉතාමත් ම සුදුසු යි.එහි අඩංගු වටිනා ප්‍රතිඔක්සිකාරක ගුණය ආරක්ෂා කර ගැනීමට එයින් හැකියාව ලැබෙනවා.

අච්චාරු

කොච්චර කල් තබා ගැනීමට විනාකිරි යොදනවා.ඒ නිසා අච්චාරු බෝතලය ඉවර කළත් කල් තබා ගැනීමේ ගැටලුවක් ඇති වන්නේ නැහැ .ඒ වගේම පස්සේ රස වැඩි වන්නේත් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තැබුවොත් පමණයි.

සෝයා සෝස්

සොයා සෝස් බෝතලය විවර කිරීමෙන් පසුවත්,වසරක පමණ කාලයක් කාමර උෂ්ණත්වයේ තබා ගන්නට පුළුවන්.සිසිල් වියලි ස්ථානයක ගබඩා කිරීමෙන් සුරක්ෂිතව තබා ගන්නට පුළුවන්.

පැණි

පැණි බෝතලයක නැවුම් බව දිගු කලක් ආරක්ෂා කර ගැනීමට නම් වියළි සිසිල් ස්ථානයක ගබඩා කිරීම ප්‍රමාණවත් .

මී පැණි

බොහෝ මී පැණි බෝතල් වල සඳහන් වෙනවා ශීතකරණ යේ නොතබන ලෙසට.එහි රසය මෙන්ම ගුණය ආරක්ෂා වීමට එය බලපානවා .  ප්‍රති බැක්ටීරියා  සංඝටක තිබෙන නිසා නරක් වීමකින් තොරව තබා ගන්නට පුළුවන් .

සෝස් වර්ග

සෝස් මිලදී ගැනීමේදී හෝ ගබඩා කිරීමේදී කිරීමේ දී එහි ලේබලය හොඳින් කියවන්න .ශීතකරණයේ තැබිය යුතුයි පවසනවා නම් යි පවසනවා නම් අනිවාර්යයෙන් ම එසේ කළ යුතුයි .නමුත් බොහොමයක් සෝස් වර්ග ශීතකරණයක්  නොමැතිව. හෝ ගබඩා කිරීම කළ හැකියි .

ඩාක් චොකලට්

 වැඩි කාලයක් තබා ගැනීම සඳහා ශිතකරන අවශ්‍ය නැහැ .සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ දින කිහිපයක් නරක් නොවී තබා ගැනීමේ හැකියාව තිබෙනවා.

විනාකිරි

විනාකිරි අම්ලයක් නිසා ආහාර නරක් කරන බොහොමයක් බැක්ටීරියා වලට ප්‍රතිරෝධතාවයක් දක්වනවා .හොඳින් වසා සිසිල් වියලි ස්ථානයක ගබඩා කර තබන්නට පුලුවන්.

ටින් කළ ආහාර

විවර නොකල   ටින්  කල ආහාර ශීතකරණයේ තැන් පත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ.වියළි සිසිල් ස්ථානයක තැන්පත් කර තැබීමෙන් දිගු කාලයක් තබා ගන්නට පුළුවන්.නමුත් අනවශ්‍ය තරම් හිරු එළිය හෝ උෂ්ණත්වය වැඩි ස්ථානයක් සුදුසු නැහැ.

පිසූ ආහාර

මාලු ඇඹුල් තියල්,ගැඹුරු තෙලේ බැදුම ආදී කල් තබා ගත හැකි ආහාර  ශීතකරණයක් නොමැතිව මාසයක පමණ කාලයක් තබා ගන්නට පුළුවන්.

පිටි කිරි

පිටිකිරි ගෙනාවම පැකට් එක පිටින්ම ශීතකරණ යේ දැමීම දැන් පුරුද්දක් .නමුත් ඉස්සර අපේ ගෙවල් වල පිටිකිරි හුලං නොවදින  බෝතලයකයි ඇසුරුවේ.විශේෂයෙන් ශීතකරණයක් තුල තබන ලෙසට සටහනක් නොමැති නම් පිටිකිරි සාමාන්‍ය ලෙස ගබඩා කර තබන්නට පුලුවන් .

ධාන්‍ය වර්ග

සහල් ඇතුළු බොහෝ ධාන්‍ය වර්ග ගබඩා කිරීම සඳහා ශීතකරණ අවශ්‍ය වන්නේ නැහැ.සිසිල් වියළි සුළං නොවදින ඇසුරුමක බහා තැබීමෙන් නරක් නොවී තබා ගන්නට පුළුවන්.

සීනි

සුළං නොවදින සිසිල් වියලි ස්ථානයක සීනි බොහෝ කාලයක් ගබඩා කර තබා ගන්නට පුළුවන්.ශීතකරණයකදී තෙත් සහිත බවක් ඇති වීමට පුළුවන් .

ලුණු

ලුණු ශීතකරණයේ තැන්පත් කිරීම මඟින් හානිදායක බැක්ටීරියා වර්ධනය වීමට ඇති ඉඩ කඩ වැඩි වන බව පවසනවා.සුළං නොවදින භාජනයක අසුරා තැබීම ප්‍රමාණවත්.නමුත් ලුණු පොල්කට්ට නිතරම විවර ව පවතින දෙයක් .සාමාන්‍ය පරිසරයට නිරාවරණය වුවද ලුණු  නරක් වන්නේ නැහැ.

මේ පැහැදිලි කිරීම අනවශ්‍ය ලෙස සියල්ල කල්තබා ගන්න ශීතකරණයේ දැමිය යුතු යැයි සිතන්න බොහෝ දෙනෙක් පුරුදු වී සිටීම නිසයි..මේ දැනුවත් කිරීම අනවශ්‍ය විදුලි බිල නාස්තියකින් ඔබව මුදවා ගැනීමටයි.

Related Articles

Don't Miss


Latest Articles