රට සවාරියක් යන ඔබට වැදගත් කරුණු

නොදැන ගියොත් අතරමග කියල කතාවක් තියෙන්නෙ විහිළුවට නොවෙයි. යන තැනක්ගැන දැනගෙන ලෑස්තිවෙලා යන එක කොහොමටත් හොඳයි. විශේෂයෙන්ම ගුවන් ගමනක් සැලසුම් කරනව නම් ආරෂාකාරීව වගේම සැහැල්ලුවෙන් ඔබේ සංචාරය අවසන් කිරීමත් වැදගත්.

ඒ සදහා ඔබේ ගුවන් ගමන පිටත් වීමට පෙර මනා සූදාණමක් තිබිය යුතු බව නම් අමතක කරන්න එපා…අපි සුදානම් වෙන්නේ ගුවන් ගමන  යෑමට සති කිහිපයකට පෙර කල යුතු දේවල් කිහිපයක් පිළිබද ඔබේ අවධානය යොමු කරන්නයි.

ආරක්ෂාකාරී සැහැල්ලු ගුවන් ගමනකට මේ දේවල් ගැන අවධානය  යොමු කිරීම වැදගත්…..

  1. ගුවන් ගමන් බලපත්‍රය කල් ඉකුත්වී ඇත්දැයි පරීක්ෂාකර බලන්න.
  2. දින කිහිපයකට කලින් වීසා බලපත් ලබාගන්න.
  3. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගන්න. සමහර රටවල්වලට යෑමට පෙර ලබාගතයුතු විශේෂිත එන්නත් තිබෙන අතර බොහෝ එන්නත් ගමනට සතියකට පෙරදී වත් ලබාගත යුතුයි.
  4. Travel insurance එකක් ලබාගන්න. විශේෂයෙන්ම හදිසි සෞඛ්‍ය අවස්තාවකදී බෙහෙවින් ප්‍ර‍යෝජනවත් වේවි.
  5. අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පිළිබඳව සොයා බලන්න. ඒ සමඟම මාර්ග සිතියම් ආදියත් ලබාගන්න.
  6. Travel warnings සහ විශේෂ අනතුරු ඇඟවීම් පිළිබඳව දැනුවතවන්න.
  7. මුදල් මාරුකරගන්න. මුදල් අනුපාතයන් පිළිබඳ දැනුවත්වන්න.
  8. අවශ්‍ය කරන බෙහෙත් ද්‍රව්‍ය රැස්කරගන්න.

වෙනත් රටකට යන අවස්තාවකදී ඔබට කරදරයක් නොවී නිසි දැනුමෙන් යුතුව නොදන්නා රටකට වුණත් smartly travel කරන්නට හැකියාවක් මෙම උපදෙස් අනුව ක්‍රියා කලොත් ලැබේවි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles