සමේ පැහැයට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නෙ මෙහෙමයි

නාදළු වැනි රතුතොල් අතීතයේ සිට කාන්තාවන්ගේ සුන්දරතම අංගයක් ලෙස පිළිගැනේ. එනිසාම තොල් ආලේපණ කාන්තාවන් අතර ජනප්‍රියම රූපාලංකරණ අංගයක්. නමුත් බොහෝ කාන්තාවන්ට ඇති ගැටළුවක් තමයි තම සමට ගැලපෙන තොල් ආලේපන වර්ණය තෝරාගන්නේ කෙසේද යන්න.

නිවැරදි තොල් ආලේපන වර්ණයක්  තෝරා ගැනීමට ඔබ අසමත් උනොත් ඔබට බොහෝ අපහසුතා වලට මුහුණ දීමට සිදු වෙනවා.  දැන් කාලයේ ඕනෑම වර්ණයක් ලබාගැනීමේ පහසුව තිබෙන නමුත් එම බොහෝ වර්ණ ඔබේ සමට නොගැලපෙන්න පුළුවන්. ඒ වගේම  සමහර වර්ණ ඔබේ සමෙහි වර්ණය හා ගැලපී වැඩි ලස්සනක් එකතුකරනවා.

මේ තියෙන්නෙ  සාමාන්‍යෙයන් ඒ ඒ සමට ගැලපෙන වර්ණයි. අද ඉදන් හැමවිටම සමේ වර්ණයට ගැලපෙන තොල් ආලේපන තෝරා ගැනීමේදී මේ මග පෙන්වීමට අනුව ඔබේ සමේ වර්ණයට අදාල තොල් ආලේපන තෝරා ගන්න විමසිලිමත් වන්න..

  • ලා පැහැති සමට – රෝස, රතු           
  • තළෙළු සමට- දුඹුරු, රතු 
  • තද පැහැති සමට- තැඹිලි, රතු පැහැයට හුරු දුඹුරු  
  • සාමාන්‍ය දීප්තිමත් සමට-   රෝස, දම්

ඔබ නව වර්ණයක් අත්හදාබලන්න කිසිම තහනමක් නැහැ. සමහරවිට ඔබ හිතන්නෙ නැති වර්ණයක් වඩාත් ලස්සනවෙන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය තොල් ආලේපනය මතු පිටින් gloss ආලේපකිරීමෙන් හෝ වෙනත් තොල් ආලේපන වර්ණයක් අලේපකිරීමෙන් ඔබට ගැලපෙන නව වර්ණයක් සකසාගන්නත් පුළුවන්. ඒ නිසා මතක ඇතිව තොල් ආලේපන වර්ණ කහිපයක් විශේෂයෙන්ම ඔබේ සමේ පැහැයට හුරු තොල් ආලේපන වර්ණ භාවිතාකරබැලීමෙන් ඔඉට ගැලපෙනම වර්ණය තෝරාගන්න පුළුවන්.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles