උදෑසනට පහසුවෙන් සකසා ගත හැකි පෝෂණීය ආහාර වර්ග 4 ක්.

උදෑසන ආහාරය ඔබේ සෞඛ්‍යයට කොතරම් බලපානවාද යන වග ඔබ දන්නවා. එහෙත්, කාර්‍යබහුලබව නිසා ඔබට එය මගහැරෙනවා වෙන්නට පුලුවන්. උදෑසන ආහාරය මග හැරීමත්,ක්ෂණික ආහාරයක් උදෑසන ම ආහාරයට ගැනීමත් එක සේ ම අහිතකරයි. පෝෂණයෙන් සපිරි – පහසුවෙන් හදන්නට හැකි මේ breakfast රෙසිපි කිහිපය කාර්‍යබහුල ඔබ වෙනුවෙන්මයි.

ෆ්‍රෙන්ච් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පෙති හතරක්
  • බිත්තරයක්
  • කිරි කෝප්ප බාගයක්
  • ලුණු සහ ගම්මිරිස් ස්වල්පය බැගින්
  • තෙල් ටිකක්

හදන්නේ මෙහෙමයි

  • පාන්පෙති හැර ඉතිරි ද්‍රව්‍ය සියල්ල එකට මිශ්‍ර කරගන්න. එය පාන්පෙති වල තවරා තෙල් ගාන ලද තැටියක තබා බිත්තර ඉදෙන තෙක් දෙපැත්ත ම පුළුස්සා ගන්න.
  • අවශ්‍ය නම් පැණි ටිකක්, අයිසින් සීනි ටිකක්, පලතුරු ටිකක් එක්කත් රස බලන්න පුලුවන්.

කුරක්කන් කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

  • කුරක්කන් මේස හැන්දක්
  • හාල්පිටි තේ හැන්දක්
  • පොල්කිරි කෝප්පයක්
  • ලුණු ටිකක්

හදන්නේ මෙහෙමයි

සියල්ල එකට කලවම් කොට ලිප තබා උකු වන තුරු හැඳි ගාමින් උයාගන්න.

පොල් රොටී

අවශ්‍ය ද්‍රව්‍ය

  • ආටා පිටි කෝප්ප බාගයක්
  • පොල් කෝප්ප එකක්
  • ලුණු ස්වල්පයක්
  • වතුර ටිකක්

හදන්නේ මෙහෙමයි.

සියල්ල එකට අනා බෝලයක් හදාගන්න. එය තුනී කර තැටියක් මත තබා දෙපැත්ත පුලුස්සා ගන්න.
ජෑම් ටිකක්, බටර් ටිකක් එක්ක තවත් රසයි.

උප්පුමා

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැදගත් රුලං කෝප්පයක්
  • සිහින්ව කපාගත් කැරට් සහ ලීක්ස් ටිකක්
  • කුඩාවට කැපූ මස් හෝ මාලු
  • අබ ටිකක්
  • තලාගත් සුදුලූණු බික් දෙකක්
  • සිහින්ව කැපූ ලූණු ගෙඩියක්
  • කරපිංචා ටිකක්
  • ලුණු සහ ගම්මිරිස්
  • තෙල් ටිකක්
  • වතුර කෝප්ප බාගයක්

හදන්නේ මෙහෙමයි

තෙල් ටික රත් වන විට අබ පුපුරවාගෙන මස් හෝ මාලු දමා බැදගන්න. ඉන්පසු ලූණු, සුදුලූණු, කරපිංචා දමා කලවම් කරගන්න. හොඳින් තැම්බුණ පසු රුලං සහ එළවලු ත් එක් කර වතුර කෝප්ප බාගය එක් කරන්න. ලුණු සහ ගම්මිරිස් එක් කර වතුර හිඳුන පසු කෑමට ගන්න.

මේ ලේසි breakfast රෙසිපිවලින් ඔබත් උදෑසන ආහාරය සපුරා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles