නිතර පාවිච්චි කරන ප්ලාස්ටික් නිෂ්පාදන හරහා පිළිකා ඇතුළු රෝග රැසක අවදානමක්

පොඩි වෙලාවක් අරන් කල්පනා කරමුද?
මම දවසකට පාවිච්චි කරන,මගේ පවුලේ අය පාවිච්චි කරන බඩු භාණ්ඩ අතර ප්ලාස්ටික් වලට තිබෙන තැන කිනම් ආකාරයේ එකක් ද බව?
පෙරහැරවල් ,විවිධ සාම්ප්‍රදායික උත්සව අවස්ථාවන්, පූජා භූමී ආදී අප යන එන මග තොට ආදී මේ කොයි තැනත් හරි ම ලාභ,පහසුවෙන් මිලදී ගන්නට පුළුවන් ප්ලාස්ටික් බඩු වලින් අඩුවක් නැහැ .
මේවා අතරින් සෙල්ලම් බඩු වගේම ගෙදර කුස්සියේ වැඩ සදහා පාවිච්චි කරන බඩු බාහිරාදිය විශේෂයෙන් විශේෂයි.

ඉතාමත්ම අඩු මිලට ලබා ගන්නට හැකිවීම වගේම සුලබ වීමත් නිසා ප්ලාස්ටික් නිතරම අප අතර ගැවසෙනවා.

දරුවන්ගේ සෙල්ලම් බඩු මිලදී ගැනීම ඉතා අවදානම්

අපේ දරුවන්ට ඇති ආදරය නිසාම ඔබ ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිතර දරුවන්ට මිලදී අරන් දෙනවා.. නමුත් දරුවන් ට ඇති ආදරය නිසා ඔබ අරන් දෙන සෙල්ලම් බඩුවල දරුවන්ගේ මාරයා සැඟවී සිටින බව ඔබ දන්නවා නම්.

මෙවැනි නිෂ්පාදන අලෙවි කරන වෙළෙන්දන්ටම පමණක් වැරදි පටවන්න ට බැහැ.
අප දරුවන්ට ආදරේ කරනවා නම් ඔවුන්ගේ නිසි සෞඛ්‍ය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුම වෙනවා.
ඒ වගේම රජයක් ලෙස ක්‍රියාත්මක වීමද අවශ්‍ය වනවා.එහෙත් ඒවා සිදුවෙනතුරු අප නිකරුණේ බලා සිටිය යුතු නැහැ
ඒ නිසාම මේ දැනුවත් කිරීම දරුවන්ට අතිශයින් ආදරය කරන, ඒ වගේම ප්ලාස්ටික් සෙල්ලම් බඩු ඇතුළු විවිධ ප්ලාස්ටික් නිෂ්පාදන වලින් නිවස පුරවා ගන්නා වැඩිහිටි ඔබටයි .

රූබික් කැට මේ සදහා උදාහරණයක්

මේ උපකරණය දරුවන් ගේ බුද්ධි වර්ධනය ට ඉතාමත් හිතකර බව ට ප්‍රචලිත එකක්.නමුත් එම රූබික් කැට වල පිටත ආලේපනය කර තිබෙන OctaBDE සහ DecaBDE යන රසායනිකය නිසා දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩුවෙන්නට පුළුවන් බවත් විශේෂයෙන් ම මන්ද බුද්ධික දරුවන් බිහි වෙන්නට ඇති හැකියාව වැඩි බව ත් සොයා ගෙන තිබෙනවා.විශේෂයෙන් ම එම විෂ රසායනය ස්නායු පද්ධතියට බලපෑම් කරන බවට සොයා ගෙන තිබෙනවා.
ඒ වගේ ම ඉහත රසායන ද්‍රව්‍යයන් පිළිකා ජනකයන් බව සොයා ගෙන තිබෙනවා.වැඩෙන දරුවන් මේවා ස්පර්ශ කිරීම ඉතාමත් අනතුරු දායක බව අමුතුවෙන් කිව යුතු නැහැ .

ප්ලාස්ටික් වතුර බෝතල්

පාසලට යන සෑම දරුවෙකුට ම වතුර බෝතලයක් තිබෙන අතර එය ප්ලාස්ටික් වතුර බෝතලයක් වීමේ සම්භාවිතාව 95% ක් පමණ වනවා.ඒ වගේම බෝතල් කළ ජලය පානය කිරීමත් ඉතාමත් ඉහළ තත්වයක තියෙනවා.දැනට සොයා ගෙන තිබෙන පරිදි ඔබ නිතර වෙලදපොලෙන් අරන් පානය කරන බෝතල් කළ පානීය ජලයේ විෂ කාරක අඩංගු වෙනවා.
ඊට අමතරව සාමාන්‍ය ප්ලාස්ටික් බෝතල් මගින් ද එම විෂ රසායන ය ජලයට මුසු කරනවා .
මෙහිදී ප්‍රධාන විෂ කාරක දෙකක් තිබෙනවා .
එ නම් Bisphenol A සහ Micro Plastic .

ගෙදර දොර භාවිතයේදිත් සැලකිලිමත් වන්න

අද වන විට අපේ මුළුතැන්ගෙයි තිබෙන බොහෝ උපකරණ ප්ලාස්ටික් , නිතර හමුවෙන ප්ලාස්ටික් කඩවල් වලින් මිලදී ගන්නා මේ භාජන වල ප්‍රමිතිය ගැන ඔබ සිතා බලුවාද?

ප්ලාස්ටික් වල අඩංගු විෂ රසායනය නිසා ඇති වන සංකූලතා මොනවාද ?

*පිලිකා අවදානම
*අධික ස්ථුල තාවය
*අධික රුධිර පීඩනය
*දියවැඩියාව
*හෝමෝන ආශ්‍රිත රෝග අවදානම වැඩි වීම
*අනාගතයේදී මදසරු බව ඇති වීම
*ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පද්ධතියේ දුර්වලතා ඇතිවීම නිසා නිතරම ලෙඩ රෝග වලට ගොදුරු වීම .

මේ සඳහා ඇති විකල්ප මොනවා ද?

ප්ලාස්ටික් උපකරණ වෙනුවට වීදුරු වැනි ආදේශක භාවිතා කරන්නට පුළුවන්.

මිලදී ගන්නා විට සෑම විටම BPA free ප්ලාස්ටික් මිලදී ගැනීම කිරීම.

ඒ වගේම නිකරුනේ ලාබෙට දකින දකින සෙල්ලම් බඩු සහ අනෙකුත් ප්ලාස්ටික් මිලදී ගැනීමෙන් වැලකීම.

*ඕනෑම භාණ්ඩයක් නැවත පාවිච්චි කළ හැකි නම් logo එක පතුලේ සටහන් කරනවා. ඒ Logo එකේ මැද්දේ තියෙන්නේ භාවිතා කළ හැකි වාර ගණනයි. මේ ආකාරයට වතුර බෝතල් පතුලේද බලා ගන්නට පුළුවන්. ඒ නිසා ඒ සලකුණු ගැන විමසිලිමත් වීම ඉතා වැදගත්

ඉතින් වඩාත් සෞබ්‍යාරක්ශිතව ජීවිත් වීමට ඔබට වඩාත් දැනුවත් බවකින්, හා විමසිලිමත් බවකින් යුතු වීමට සිදුවෙනවා.. ඒ සදහා මේ දැනුම ඔබට වැදගත් වේවි කියල අපි හිතනවා

Related Articles

Don't Miss


Latest Articles