වතුර කොච්චරක් දවසකට බොන්න ඕනෙද?

මේක ගොඩක් දෙනා අහන ප්‍රශ්නයක්. පුංචිවුණත් පිළිතුරු දෙන්න අමාරු ප්‍රශ්නයක්. මන්ද බොහෝ පර්යේෂණ අනුව පෙනී යන්නේ එය ඒ ඒ පුද්ගලයාගේ සෞඛ්‍යය තත්ත්වය සහ ක්‍රියාකාරී බව අනුව වෙනස්විය හැකි බවයි.

හැමෝටම ගැලපෙන සූත්‍රයක් නොමැති වුණත් ඔබේ ශරීරයට අවශ්‍ය දියර ප්‍රමාණය දැනගෙන සිටියොත් දියකට පානය කළ යුතු ජලය ප්‍රමාණය ඔබට තීරණය කළ හැකියි.

මෙන්න මේ පුංචි ගණිත ක්‍රමයෙන් ඔබට සරල අනුමානයක් ලබාගත හැකියි.

  • ඔබේ බර කොපමණද?
  • එය 2න් බෙදන්න.
  • දැන් ඔබට ලැබී ඇති පිළතුර දිනකට අවශ්‍ය දියර අවුන්ස ප්‍රමාණයයි.

කෙසේ වුවත් Institute of Medicine අනුමත කරන පරිදි කාන්තාවක් දිනකට දියර ලීටර 2.7 ක් හෙවත් කෝප්ප 11  ක් පරිභෝජනය කළ යුතුයි. මෙම ප්‍රමාණය ජලයෙන්ම පිරවිය යුතු නැහැ. ඔබ ගන්නා ආහාර පානය කරන තේ, කෝපි යනාදියත් මෙයට ඇතුළත්.

ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම ස්‍යෙඛ්‍ය සම්පන්න ජීවිතයකට අත්‍යාවශ්‍ය වන නමුත් අනවශ්‍ය ලෙස අධික ජල ප්‍රමාණයක් පාණය කිරීමෙන් මෙන්ම ජලය ස්වල්පයක් පානය කිරීමෙන් ද අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැක. එනිසා තරම දැන නි පරිදි උවමණා තරමට පමණක් ජලය පානය කරන්න.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles