පෝෂණ ගුණය සහිත පහසු breakfast රෙසිපි.

උදෑසනට ඉක්මනින් සකසා ගන්න පුලුවන් පහසු breakfast රෙසිපි කිහිපයක් තමයි මේ.හොඳ පෝෂණ ගුණයක් සහිතව ලෙහෙසියෙන් උදේ කෑම කන්න මේ රෙසිපි ඔබට උදව් වෙයි.

ඕට්ස්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • ඕට්ස් කෝප්ප බාගයක්
  • කිරි කෝප්ප එකක්
  • ලුණු ස්වල්පයක් 

හදන්නේ මෙහෙමයි

කිරි උතුරන විට ඕට්ස් සහ රස අනුව ලුණු දමාගන්න. ඕට්ස් හොඳින් තැම්බෙන තෙක් හැඳි ගාමින් පිස ගන්න.

පලතුරු කැබලි කිහිපක්, කජු හෝ වෙනත් නට් කිහිපයක් එක්ක ඉතා රසවත්.

බිත්තර ඔම්ලට්

අවශ්‍ය ද්‍රව්‍ය 

  • බිත්තර දෙකක්
  • සිහින්ව කැපූ එළවලු දෙකක් පමණ
  • චීස් කැබැල්ලක්
  • ලුණු සහ ගම්මිරිස් 
  • තෙල් ටිකක්

හදන්නේ මෙහෙමයි

තෙල් ටික හැර සියල්ල හොඳින් කලවම් කරන්න. පෑන් එකක තෙල් තවරා හොඳින් බැදගන්න.

බනානා ස්මූදි

අවශ්‍ය ද්‍රව්‍ය

  • කෙසෙල් ගෙඩියක්
  • යෝගට් එකක්
  • කිරි කෝප්ප බාගයක්
  • සීනි මේස හැන්දක්

හදන්නේ මෙහෙමයි

මේ සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න.

සැන්ඩ්විචස් 

අවශ්‍ය ද්‍රව්‍ය 

  • පාන් පෙති හතරක්

බටර් තේ හැන්දක්

  • තම්බා පොඩි කරන ලද මාලු හෝ බිත්තර 
  • තක්කාලි පෙති කිහිපයක්
  • පිපිඥ්ඥා පෙති කිහිපයක්
  • සලාද කොළ දෙකක්

හදන්නේ මෙහෙමයි

පාන්වල බටර් තවරගන්න. මාලු හෝ බිත්තර මැදට තබා ගන්න. පිපිඥ්ඥා සහ තක්කාලි ඒ උඩින් තබා අනෙක් පාන් පෙත්තෙන් වසා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles