ඔබේ දරුවා ට ඔබේ අවධානය මදි බව හැඟවෙන ලක්ෂණ

දෙමාපියන් වෙනවා කියන්නේ පාර්ට් ටයිම් ජොබ් එකක් කියල හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.නැහැ Parenting කියන්නේ ෆුල්ටයිම් ජොබ් එකක් .ඒ වගේම අධ්‍යයනයක් සහිතව ඉටු කළ යුතු කාර්යයක්. දරුවෙකුට ලබා දිය යුතු නිසි අවධානය නො ලැබීම නිසා විවිධ සංකූලතා හට ගන්නට පුළුවන් .ඒ මොනවා ද? ඒ සඳහා විසඳුම් සොයා ගන්නේ කෙසේද ?

1.සමාජ අන්තර් ක්‍රියාකාරිත්වයේ ගැටලු ඇති වීම .Problems with Social Interaction

දරුවකු මුලින්ම ඉගෙන ගන්නේ නිවසින්.අවධානය ලැබීම, ආදරය ,රැකවරණය ,වගකීම් බෙදා හදා ගැනීම ,සතුටු සාමීචියේ යෙදීම ආදී සියලුම ක්‍රියාකාරකම් වල පළමු අත්දැකීම දරුවාට ලැබෙන්නේ නිවසින්.දෙමාපියන් වෙතින් .නොසලකා හරින ලද දරුවෙකු ,එහෙමත් නැත්තන් අඩු අවධානයක් සහිත දරුවකු මුලින්ම ඉගෙන ගන්නේ අන් අය ම නොසලකා හරින්නට වගේම හුදෙකලා ව සිටීමට.
මෙවැනි දරුවන් බොහෝ විට පන්ති කාමරයේ දී මිතුරන් ඇති කර ගන්නේ හරිම අකමැත්තෙන්.විවේක කාලයේදී කාලයේ දී හුදෙකලා ව සිටීමට කැමතියි.අනික් අය කෙරෙහි නුරුස්සනා බවක් දකින්නට පුළුවන් .

2.හිංසාකාරී වීම Victimization

මෙවන් දරුවන් හරිම මුරණ්ඩුයි.දෙමාපියන් හෝ වැඩිහිටියන් හෝ කියන දේ අහන්න කැමති නැහැ.
දෙමව්පියන්ගේ ආදරය අවධානය ලැබෙන දරුවා, සිටින්නේ නිතරම සතුටින් .ඔහු ට අනිත් අය හරිම වැදගත් .ඒ වගේම අනිත් අයගේ සතුට ගැන සැලකිලිමත් වෙනවා.දරුවාට එවන් ආදරණීය අත්දැකීම නොලැබෙන විට ඔහු ස්වභාවයෙන්ම ස්වභාවයෙන් ම අනෙක් අයට හිංසාකාරී ,පීඩාකාරී හැසිරීම් රටාවක් පෙන්නුම් කරනවා.

3.චිත්ත වේග ,චර්යාත්මක සහ සංජානන දුර්වලතා පෙන්වීම.

Emotional,Behavioral and Cognitive Impairment
අධ්‍යනයන් පෙන්වා දෙන්නේ කුඩා කාලයේ දී අවධානය නො ලැබුණු දරුවන් චිත්තවේග යෙ දුර්වලතා මෙන්ම ,හැසිරීමේ දුර්වලතා සහිත විවිධ රෝගාබාධ වලට ලක්වන බව යි.

4.අධ්‍යාපනයේ දුර්වලතා පෙන්වීම
Poor Academic performance

මෙවැනි දරුවන් පාසලේ දී සම වයස් කාණ්ඩයේ දරුවන්ට සාපේක්ෂව විශාල පසුබෑමක් පෙන්නුම් කරනවා.විභාග සඳහා ඉතා අඩුවෙන් ලකුණු ලබා ගන්නවා.

5.මානසික අවපීඩනය සහ විශාදය

දරුවන් තමන්ගේ දුක්බර හැඟීම් හසුරුවාගැනීම සම්බන්ධයෙන් තනිවම ක්‍රියා කරන්නට දන්නේ නැහැ .අඩු අවධානය ,හුදෙකලා බව නිතරම ඔවුන් ව අසරණ කරනවා .ඔවුන්ගේ හැඟීම් ආදරයෙන් බෙදා බෙදා ගැනීමට කිසිවකු නැති නිසා ඉතා ඉක්මනින් මානසික අවපීඩනය,විශාදය වැනි තත්වයන්ට ගොදුරු වෙනවා.

6.පෞරුෂයේ දුර්වලතා
Personality disorders

ඉදිරිපත් වීම, අනිත් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි දේවල් ආගන්තුක මෙ වැනි සිසුන් නිතරම පසු බෑමටත් ,සෘජු ප්‍රකාශ කළ නොහැකි සිතුවිලි වෙනත් හානිදායක ආකාරයෙන් සංනිවේදනය කිරීමටත් උත්සාහ කරනවා .එය ඔහුගේ ඇයගේ පෞරුෂය ට හානිකර බලපෑමක් එකතු කරනවා.

ඔබේ දරුවා ඕනෑම වයසකට අයත් කෙනෙක් වෙන්නට පුළුවන්.ඒ ඕනෑම වයසක් සදහා ආදරය අවශ්‍ය බව ඔබ තේරුම් ගත යුතු වනවා.ඔබේ පුංචි වෙනසකින් කුඩා ජීවියෙකුගේ මුළු ලෝකයක් ම,ජීවිත කාලයක් ම ආලෝකමත් කරන්නට පුළුවන් බව ඔබ දන්නවාද ?

මෙන්න මේ පුංචි දේවල් ඔහු හෝ ඇය වෙනුවෙන් කිරීමට අමතක කරන්න එපා .

1.දරුවා දෙස හොඳින් බලන්න .හිනා වෙන්න .නිතරම වැළඳ ගන්න.
2.ඔවුන්ගේ ඕනෑම ක්‍රියාකාරකමක් කෙරෙහි ඔහු තරමටම ඔබත් උනන්දු බව පෙන්වන්න.ඔහු ආසම ක්‍රියාකාරකම් ,ක්‍රීඩා සඳහා ඔබත් සහභාගි වෙන්න .
3.හොඳින් ඇහුම්කන් දෙන්න.
4.ඔබ දෙදෙනා සඳහා විශේෂ වේලාවක් වෙන්කර ගන්න .
5.කෙතරම් කාර්ය බහුල වුණත් දරුවා වෙනුවෙන් වෙන් වූ වේලාව රාජකාරි කටයුතු සඳහා යොදා නොගන්න.දරුවා තේරුම් ගත හැකි මට්ටමේ කෙනෙක් නම් නිතරම ඔහුගෙන් ඇයගෙන් සහයෝගය ඉල්ලන්න.අතිශයින් කාර්ය බහුල දිනයක දීත් දුරකථන ඇමතුමකින් හෝ ඔහුට සවන් දෙන්න .


6.නිවසට ගිය මොහොතේ පටන් නිවසෙ වැඩ සමග කාර්‍යබහුල වුනත්, දරුවන් සමග කතාබස් කිරීම තුලින් ඔවුන්ගේ දවස ගෙවුනු ආකාරය , ඔවුන්ගේ හැගීම්, ආකල්ප ගැන අවබෝධයක් ගැනීම ප්‍රධානතම කාර්‍ය කර ගන්න.. රූපවාහිනී වැඩසටහන් ඉදිරියේ ගෙවන කාලය හෝ දුරකථන සංවාද සදහ ගත කරන කාලය අඩුකරල ඒ කාලය දරුවන් සමග ගෙවන්න ඔබට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles