අවපැහැ වූ සම ඉවත් කර සම පැහැපත් කරන වෙනිවැල්ගැට වලින් මුළු සිරුරටම සත්කාර

ලස්සන සමක් සහ නීරෝගී කෙස් කළඹක් වෙනුවෙන් ස්වභාවික සත්කාර හරිම වැදගත්. ඔබේ බොහොමයක් රූපලාවණ්‍ය ගැටලුවලට ස්වභාවික ද්‍රව්‍ය වලින් කරන ප්‍රතිකාර ඉක්මන් ප්‍රතිඵල අරන් එනවා. ස්වභාවික ප්‍රතිකාර අතර වෙනිවැල්ගැට වලට හිමිවන්නේ බොහොම වැදගත් තැනක් . ඒ වගේම හරිම ප්‍රතිඵලදායකයි.

සංවේදී සමක් ඇති මුහුණට සත්කාර.

අද අපි වෙනිවැල්ගැට වලින් කරන සත්කාර ගැන දැනුවත් වෙමු.

අවශ්‍ය ද්‍රව්‍ය

  • වෙනිවැල්ගැට කුඩු
  • කොහොඹ දලු
  • අමු කහ

සත්කාරය කරන අන්දම

  • අමුකහ සහ කොහොඹ දළු බ්ලෙන්ඩර් කර ගන්න.
  • එය භාජනයකට දමා ගන්න.
  • වෙනිවැල්ගැට කුඩු එක් කර ගන්න.
  • වතුර දමා මිශ්‍ර කර ගන්න.
  • මුහුණ හොඳින් සෝදා තෙත මාත්තු කරගන්න.
  • සාදා ගත් මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න
  • පැය බාගයකට පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

මෙය කුරුලෑ වලට වගේම කුරුලෑ වලින් අවපැහැයට පත් වූ මුහුණට ඉතාම හොඳ ප්‍රතිකාරයක්.

Body Scrub එකක් හදා ගන්නෙ මෙහෙමයි

  • වෙනිවැල්ගැට කුඩු
  • සුදු හඳුන් කුඩු
  • දෙහි යුෂ
  • ජලය
  • වෙනිවැල්ගැට කුඩු සහ සුදු හඳුන් කුඩු වලට දෙහි යුෂ එක් කරන්න.
  • ජලය ද එක්කර පේස්ට් එකක් සාදා ගන්න.
  • සම හොඳින් පිරිසිදු කර තෙත මාත්තු කර ආලේපනය ගල්වන්න.
  • විනාඩි දහයක් ගල්වා තබා නැවත ආලේපනය තෙත් කර විනාඩි විස්සක් පමණ ස්ක්‍රබ් කරන්න.
  • ඊට පසු සෝදා හරින්න.

මෙය අවපැහැ වූ සම ඉවත් කිරීමට වගේම මුලු සිරුරේම සම පැහැපත් කිරීමට ඉතා සුදුසු ප්‍රතිකාරයක්

හිස්හොරි වලට ප්‍රතිකාර

  • වෙනිවැල් ගැට කුඩු සහ දෙහි යුෂ හොඳින් මිශ්‍ර කර ගන්න.
  • හිසේ ආලේප කර හොඳින් සම්බාහනය කරන්න.
  • විනාඩි විස්සකට පසු සෝදා හරින්න.

වෙනිවැල්ගැට කියන්නේ ඔබේ සම පැහැපත් කරන ස්වභාවික ද්‍රව්‍යයක්.ඒ නිසාම කිසියම් අතුරු ආබාධයකට ලක් වෙයි යන බියකින් තොරව ඔබට රූපලාවණ්‍ය සත්කාර සදහා වෙනිවැල්ගැට පාවිච්චි කළ හැකියි.

Related Articles

Don't Miss


Latest Articles