කියවන්න පොතක් – හත්පෙති මල

මල් පෙත්තේ, මල් පෙත්තේ
උතුරු දෙසට – දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරට
ඉගිල ඉගිල මෙහැම දෙසට
කැරකීලා ඇවිත් බිමට
ම කියන දෙය කර දෙන් මට”

පුංචි ශේන්යාට හත් පෙති මල ලැබෙන්නේ ඇය බොහොම කරදරයක වැටිලා ඉන්න වෙලාවක.අම්මාගෙන් ගුටියක් කන්න ඔන්න මෙන්න වෙලාවක.

කරදරයක වැටුණු වෙලාවක උපකාරයක් ලැබෙන එක මොනතරම් වටිනවා ද?ඒත් ඒ උපකාර නිවැරදිව හසුරවා ගන්න අපිට පුලුවන් ද? බොහෝ වෙලාවට අපි කරන්නේ ශේන්යා වගේම හිතෙන හිතෙන දේවල් සේරම කරලා බලන එක.

අන්තිමට අපිට ඉතුරු වෙන්නේ අන්තිම අවස්ථාව විතරයි.

අපි දරුවන්ට යහගුණ කියා දෙන්න නම් ඔවුන්ට ළමා කෘති පරිශීලනය කරන්න ඉඩ දිය යුතුයි. හත් පෙති මල ඔබේ පොඩිත්තන්ගේ අතට ලබා දිය යුතු වන්නේ ශේන්යා සහ පාන් වළලු දරුවන්ට කියා දෙන්නේ බොහොම අපූරු පාඩමක් නිසා යි.

අපිට ලැබෙන අන්තිම අවස්ථාව තවත් කෙනෙකුගේ යහපත වෙනුවෙන් යොදවන්න පුලුවන් නම් ඒක මොන තරම් අපූරු දෙයක් ද?

අන්තිම මල් පෙත්ත වීත්යා සනීප කරන්න ශේන්යා පාවිච්චි කරනවා.

මල් පෙත්තේ, මල් පෙත්තේ
උතුරු දෙසට – දකුණු දෙසට
බටහිරටත් නැගෙනහිරට
ඉගිල ඉගිල මෙ හැම දෙසට
කැරකීලා ඇවිත් බිමට
ම කියන දෙය කර දෙන් මට

වීත්යා සනීප කරන්න ඕන !”

එතකොට ම වීත්යා බංකුවෙන් නැගිටලා ශේන්යාත් එක්ක සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඔහු කොච්චර හොඳට දිව්ව ද කීවොත් ශේන්යාට ඔහු අල්ලා ගන්නත් බැරුව ගියා.

අන්තිම අවස්ථාවක් ඉතිරි වන්නේ වඩා වැදගත් ම දේ ඉෂ්ට කරන්නටයි.

ඒ පාඩම ඔබේ පොඩිත්තාටත් කියා දෙන්න මේ අපූරු ළමා කෘතිය ඔබේ දරුවාගේ පොත් එකතුවට එකතු කර ගන්න අමතක කරන්න එපා.

හත්පෙති මල රුසියන් ළමා කතාවක්.( Tsvetik Semitsvetik) වලෙන්තීන් කතායෙව් ලියූ හත්පෙති මල අපේ රටේ පුංචි දරුවන් අතර බොහෝ ජනප්‍රිය වූ ළමා කෘතියක්. එය අපේ සිංහල පෙළ පොත් වලට පවා ඇතුළත් වන්නේ එහි ඇති අපූර්වත්වය නිසාමයි.

Related Articles

Don't Miss


Latest Articles