පුංචි සුරතලාට විනෝදය වගේම දැනුම ගෙනෙන අලුත් සෙල්ලම් එකතුවක් (2 වන කොටස)

අප හඳුන්වා දෙන අලුත් සෙල්ලම් එක්ක ඔබේ පුංචි සුරතලා සතුටින් ඉන්නවා ඇති නේද?විවිධත්වයට අපි කවුරුත් කැමතියිඉතින් එහෙනම් අපි බලමු මොනවද අලුත් ක්‍රියාකාරකම් කියලා මේ විශේෂාංග ගොනුවට එකතු වෙන ……….

පෙණ බුබුලක් පස්සේ යමු

මේ ක්‍රීඩාව ගැලපෙන්නේ හොඳට ඇවිදින්න පුළුවන් අවුරුදු දෙකට ඉහළ දරුවන් සඳහා පමණයිකියලා හොඳින් මතක තියාගන්න.අත් සහ ඇස අතර සම්බන්ධතා ග්‍රහණය කරගැනීම,චාලක හැකියාවන් වර්ධනය වීම තමා මේ ක්‍රියාකාරකමෙන් බලාපොරොත්තු වෙන්නේ.

අවශ්‍ය දේවල්

  • පෙණ බුබුළු බෝතලයක්

මේ සබන් බුබුළු ගේ ඇතුලේ යවන්න අකමැති නම් ඔබ මේ සඳහා ගෙවත්තේ ටිකක් දුර ඇවිද යා හැකි කොටසක් ,එහෙම නැත්නම් වාහන නොයන පාරක් ,පාර්ක් එකක් වගේ තැන් තෝරාගන්න පුළුවන් .

පෙණ බුබුලක් අවකාශයට නිදහස් කරන්න.එය දරුවාගේ උසට සමාන උසකින් පටන් ගන්න .දැන් පෙණ බුබුල යන්නේ කොහෙටද කියා බැලීමට ඔහුව හෝ ඇයව පෙණ බුබුළ පසුපසින් යවන්න.එය පුපුරනවිට ඇසෙන පොප් හඬ ඇසීමට සලස්වන්න.මෙලෙස පෙණ බුබුළු යන පසුපසුපස ඔබත් යන්න.සුළඟ යන පැත්තට ඒවා යන බව ඔවුනට කියාදෙන්න.බුබුළු මැදින් පෙනෙන වර්ණ හිරු එළියේ වර්ණ බව කියාදෙන්න.යම් කිසි මතුපිටක ස්පර්ශ වුන බුබුළු ලංවී නිරීක්ෂණය කරන්න දරුවාට ඉඩ දෙන්න.

අඩි සලකුණු

මේ ක්‍රියාකරකමත් වඩාත් සුදුසු වන්නේ අවුරුදු දෙකට වැඩි දරුවන් සඳහා තමයි. වර්ණ හඳුනා ගැනීම ,චාලක හැකියාවන් වර්ධනය,සංවේදී කුසලතා වර්ධනය වීමට මේ ක්‍රියාකාරකම දරුවන්ට උපකාර වනවා.

අවශ්‍ය දේවල්

  • පත්තර පිටු කිහිපයක්,සුදු කොළ කිහිපයක් ,පින්සල් ,වර්ණ [ළමුන්ට හානිකර නොවන ],වර්ණ දියකිරීමට තැටියක් ,අත් පිස්නාවක්

පත්තර පිටු සියල්ල බිම ආවරණය වන පරිදි අතුරන්න.මේ නිසාවෙන් ඔබට ගෙබිම මත වර්ණ ඉහිරවිම නවතා ගන්න පුළුවන්.දැන් සුදු කොළ හෝ විශාල සුදු කොලයක් ඇත්නම් එය පත්තර පිටුමත කාමරයේ පසෙකින් අතුරා තියන්න.දරුවාගේ අත්ලේ ඔහු කැමති පාටක් තවරන්න. කඅත සුදු කොලය මත තබා අතේ හැඩය එහි සලකුණු වීමට සලස්වන්න.කකුල් අඩි සඳහාද මෙය කල හැකියි.යාබදව ඔබේ අත් පා සටහන්ද තබන්න.එහි විශාලත්වයන් සසඳන්න.

ඉතින් මේ පුංචි ක්‍රියාකාරකම් දෙකම ඔබ දෙදෙනාටම අලුත් සතුටුදායක අත් දැකීමක් ගෙනේවි කියලා අප හිතනවා.ආයෙත් තවත් අලුත් සෙල්ලමක් සමඟ මුණගැසෙමු.

– චම්මි – 

Related Articles

Don't Miss


Latest Articles