දීප්තිමත් සමක් සහ නීරෝගී කෙස් කළඹක් සඳහා මී පැණි සත්කාර.

මී පැණි ඈත අතීතයේ සිටම රූපලාවණ්‍ය කටයුතු සඳහා භාවිතා කර ඇති බවට ඕනෑ තරම් සාධක තිබෙනවා. විශේෂයෙන්ම රාජකීය කාන්තාවන් රුව වඩවා ගැනීමට මී පැණි භාවිතා කළ බව කියැවෙනවා.ස්වභාවික ක්ලෙන්සර් එකක් වශයෙන් මී පැණි සමේ මිය ගිය සෛල හොඳින් ඉවත් කර දිදුලන සහ පැහැපත් සමක් උරුම කර ගැනීමට උපකාරී වෙනවා.

රූපලාවණ්‍ය කටයුතු සඳහා මී පැණි යොදාගත හැකි ආකාර.

මුහුණට සහ සමට සත්කාර

  • සතියකට වරක් හෝ දෙවරක් මී පැණි යොදා ඔබේ මුහුණ සෝදන්න. සිනිඳු සහ ලප කැළැල්වලින් තොර සමක් ලබා ගැනීමට එය හේතුවක්
  • මී පැණි සහ තක්කාලි යොදාගෙන ඝණ මිශ්‍රණයක් සකස් කරගන්න. ඒ මිශ්‍රණය ඔබේ සම මත ආලේප කර මිනිත්තු විස්සකට පසු සෝදා හරින්න. ඔබේ සමට අවශ්‍ය තෙතමනය ලැබී සම පැහැපත් වීමට එය හේතුවක්.
  • මී පැණි ඔබේ මුහුණේ ආලේප කර විනාඩි දහයකට පමණ පසු මද රස්නය සහිත ජලයෙන් සෝදා හරින්න.මෙය වියළි සමට ඉතා හොඳ ප්‍රතිකාරයක්.
  • රාත්‍රියේ නින්දට යාමට පෙර මුහුණේ මී පැණි ස්වල්පයක් ආලේප කරන්න. මෙය Wrinkles වලට හොඳ සත්කාරයක්
  • මී පැණි තේ හැඳි දෙකකට රෝස වතුර හැඳි තුනක් පමණ දමා මිශ්‍ර කරගන්න. එය සිරුරේ ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. මෙය අව්වට පිළිස්සුණු සමට හොඳම ප්‍රතිකාරයක්.

කුරුලෑ සඳහා මී පැණි සත්කාර

  • මී පැණි මේස හැන්දක් සහ කුරුඳු කුඩු මේස හැන්දක් ගෙන දෙහි බින්දු කිහිපයක්ද යොදා මිශ්‍ර කරන්න.මිශ්‍රණය කුරුලෑ සහිත ස්ථානවල ආලේප කරන්න.
  • මී පැණි, කඩල පිටි සහ කස්තුරි කහ ස්වල්පයක් ගෙන හොඳින් මිශ්‍ර කරන්න.එය කුරුලෑ සහිත ස්ථානවල ආලේප කර සෝදා ඉවත් කරන්න.
  • දෙහි යුෂ තේ හැඳි 2ක් සහ මී පැණි මේස හැඳි 1/2ක් ගන්න.එය මිශ්‍ර කර පුළුන් කැබැල්ලක් භාවිත කර කුරුලෑ ආසාදනය වූ ස්ථානවල ආලේප කරන්න.

මේ සත්කාර වලින් කුරුලෑ වලට ඉක්මන් විසඳුමක් ලබා ගන්න ඔබට පුලුවන්

කොණ්ඩයට සත්කාර

  • ඔබේ හිස කෙස් සේදූ පසු conditioner එකක් ලෙස හිසකෙස් මත මී පැණි ආලේප කර සෝදා හරින්න.
  • මී පැණි සහ ඔලිව් තෙල් මිශ්‍රණයක් සාදා ගන්න. එය හිස කෙස් මත අතුරා පැයක් පමණ කාලයකට පසු සෝදා හරින්න.

මේ සත්කාර ඔබට ශක්තිමත් සහ නීරෝගී කෙස් කළඹක් ලබා ගන්න හේතුවක් වෙයි.

සෑම විටම පිරිසිදු මී පැණි මේ සත්කාර වලට යොදා ගන්න අමතක කරන්න එපා. කලවම් වූ මී පැණි වලින් ඔබට හොඳ ප්‍රතිඵල ලබා ගන්න අසීරුයි.

කෘතිම ද්‍රව්‍ය වලින් රුව සත්කාර කරනවාට වඩා ස්වභාවික සත්කාර ඔබට විශ්වාසයෙන් කරන්න පුලුවන්.මී පැණි භාවිතා කරලා රැජිනක් වගේ ලස්සනට ඉන්න.


Related Articles

Don't Miss


Latest Articles