දිදුලන නීරෝගී සමක් ලබා ගන්න යෝගට් වලින් කළ හැකි සත්කාර.

අපි බොහෝ දෙනෙක් යෝගට් කන්න රුසියෝ. ෆ්‍රිජ් එක යෝගට් වලින් පිරිලා. යෝගට් කන එක අපේ සෞඛ්‍යමත් ජීවිතයට ඉතාම හොඳයි.ඒ වගේම යෝගට් වලින් කරන රුව සත්කාරත් ඒ තරමට ම හොඳයි. යෝගට් වල තියෙන ලැක්ටික් අම්ලය, විටමින් B සහ D අපේ සමට ඉතාමත් ගුණදායකයි.

යෝගට් වලින් කළ හැකි සත්කාර

වියළි සමට සත්කාර

  • යෝගට් තේ හැඳි දෙකක්,හොඳින් බ්ලෙන්ඩ් කර ගත් කෝමාරිකා මද සහ රෝස වතුර මිශ්‍ර කර මිශ්‍රණයක් සකසා ගන්න.
  • එය හොඳින් සමේ ආලේප කරන්න
  • පැය බාගයක් පමණ තබා උණුසුම් වතුරින් සෝදා හරින්න.

මෙය ඔබේ සමේ වියළි ගතිය මඟ හරවා සම සිනිඳු කරන හොඳ මොයිස්චරයිස් සත්කාරයක්.

මුහුණේ වියළි සමට ප්‍රතිකාර

  • යෝගට් තේ හැඳි දෙකක්, මී පැණි සහ කොකෝවා තේ හැඳි දෙක බැඟින් මිශ්‍ර කර ගන්න.
  • මුහුණේ හොඳින් ආලේප කර මිනිත්තු විස්සකට පසු සෝදා හරින්න.

අව්වට දුර්වර්ණ වූ සමට ප්‍රතිකාර

  • කඩල පිටි කෝප්ප බාගයක් සහ යෝගට් තේ හැඳි තුනක් හොඳින් මිශ්‍ර කරන්න.
  • සමේ දුර්වර්ණ ස්ථාන වල ආලේප කරන්න.
  • මිනිත්තු තිහකට පසු සීතල වතුරින් සෝදා හරින්න.

අව්වේ යාමෙන් සමේ ඇති වන කැළැල් වලට සහ දුර්වර්ණතා වලට ගැලපෙනම ආලේපයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්.

කුරුලෑ නිසා හටගත් කැලැල් වලට සත්කාර

  • යෝගට් තේහැඳි තුනකට දෙහි බෑයක යුෂ මිරිකා ගන්න.
  • ආසාදිත ස්ථාන වල හොඳින් තවරන්න.
  • මිනිත්තු විස්සකට පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.
  • නැවත සීතල වතුරෙන් මුහුණ සෝදා පිරිසිදු තුවායකින් මුහුණ පිස දමන්න.

මෙය සතියකට දින තුනක් බැගින් කිරීම හොඳ ප්‍රතිඵල ලැබීමට හේතුවක්

කුරුලෑ සඳහා ප්‍රතිකාර

  • යෝගට් සහ මී පැණි තේ හැඳි දෙක බැගින් හොඳින් මිශ්‍ර කරගන්න.
  • ආසාදිත ප්‍රදේශවල ආලේප කරන්න.
  • මිනිත්තු දහයකට පසු සෝදා හරින්න.

සතියට දෙවතාවක් මේ සත්කාරය කරන්න.

ඇස් යට කළු වීමට ප්‍රතිකාර

  • යෝගට් ටිකක් පුළුන් කැබැල්ලක තවරා ගන්න.
  • dark Circles වල ආලේප කරන්න.
  • මිනිත්තු දහයකින් සෝදා හරින්න.
  • මෙය දිනපතා සිදු කරන්න.

මේ සත්කාරවලින් ඔබේ මුහුණ සහ සම නැවත දීප්තිමත් කර ගන්නත් නීරෝගී බව ආරක්ෂා කරමින් සුන්දර පෙනුමක් ලබා ගන්නත් හේතු වේවි

Related Articles

Don't Miss


Latest Articles