ලෝ බජට් එකකින් රොමෑන්ටික් හනිමුන් ට්‍රිප් එකක් ප්ලෑන් කරන්නේ මෙහෙමයි.

0
2666

විවාහය තරමට යුවතියක් දකින සුන්දර සිහිනයක් තමයි මධුසමය කියන්නේ.ඔබේ සැමියා සමඟ යන පළමුවැනි චාරිකාව සුන්දර එකක් විය යුතුමයි. ජීවිතයේ සුන්දර ම දින කිහිපයේ ගැටලුවක් නැතිව සතුටින් ගත කරන්න මේ දේවල් දැනගෙන ඉන්න එක වැදගත් වේවි.

හනිමුන් යන්නේ කොහෙටද?

ඔබ දෙදෙනාම සිහින දුටු තැනක් හනිමුන් යන්න තෝරා ගන්න. ඔබ විතරක් ම කැමති තැනක් තෝරා ගන්නවාට වඩා ඔහුත් කැමති තැනක් තෝරා ගැනීමෙන් ඒ දින කිහිපය වඩා සතුටින් සහ ආදරයෙන් ගත කරන්න ඔබට හැකි වේවි. ඔබ කැමති කඳුකරයට සහ ඔහු කැමති මුහුදුබඩ ප්‍රදේශ වීම ගැටුම් ඇති කර ගන්න හේතුවක් වන්නේ නැහැ. ඒ වෙනුවට ඔබ දෙදෙනාගේ කැමැත්ත රඳා පවතින ප්‍රදේශයක් තෝරා ගැනීම මොන තරම් අපූරු ද?

ඒ ප්‍රදේශය හනිමුන් එකට ගැළපෙනවා ද?

ඔබ කඳුකර ප්‍රදේශයක් තෝරා ගන්නවා නම් ඒ වැසි සහිත කාලයක් ද කියන දේ ගැන සැලකිලිමත් වෙන්න. ඒ මාර්ග වාහන ධාවනයට සුදුසු ද සහ ආරක්ෂිතද යන දේ ගැනත් හිතන්න. උණුසුම අධික ප්‍රදේශයක් හෝ මුහුදුබඩ ප්‍රදේශ තෝරා ගත්තත් ඒ කාලයට අව්ව සැර වැඩි ද,ඔබට එළිමහනේ කාලය ගත කරන්න පුලුවන් ද කියන කාරණා ගැන අවධානයක් යොමු කිරීම හරිම වැදගත්.

ට්‍රිප් එක ගැන සියල්ල නිවැරදි ව තීරණය කරන්න.

බොහෝ වෙලාවට මංගල මාසවලදී හනිමුන් සඳහා කාර්යබහුල වන හැම හෝටලයක් ම වගේ බුක් කර ගැනීම කල් ඇතිව කරන්න ඕනෑ. ඒ නිසා විවාහයට දින නියම කරගත් වහා හනිමුන් එක ගෙවන හෝටලය හෝ හෝටල් කිහිපය අනිවාර්යයෙන් බුක් කරන්න. නිදහසේ ඇවිදින්න ගත්තම චාරිකාව දිගු කර ගන්න ඔබට හිතුණත් නවාතැන් පහසුකම් නැති වුණොත් ඒක කරන්න බෑ. ඒ නිසා ඇත්තටම ඔබ දවස් කීයක් හනිමුන් එක ගත කරනවද කියලා තීරණයක් ගන්න.

අනිත් කාරණය තමයි ක්‍රෙඩිට් කාඩ්වලට ඔෆර්ස් ලැබෙන තැන්, හනිමුන් පැකේජ් ගැනත් හොඳ අවධානයක් තියෙන එක වැදගත්.

ඔබ වෙනත් රටක සවාරියක් යන්න කල්පනා කරනවා නම් ගුවන් ටිකට් පත් ලබා ගැනීම්, නවාතැන් ගන්නා තැන් වෙන් කර ගැනීම් ආදී සියල්ල තිතටම කර ගන්න.කුමන හෝ බාධාවක් මතු වුණොත් ඔබේ ලස්සනම දවස් කිහිපයක් අපතේ යන බව හිතේ තබා ගන්න.

දුරකථන ඇමතුම් ලබා දී, ඊමේල් යවා නවාතැන් ගැන නිවැරදිම දත්ත ලබා ගන්න.

ඇවිදින්න වාහනයක්.

ඔබේ වාහනයක් හෝ කුලියට ලබා ගත් වාහනයකින් හනිමුන් සවාරිය යන්න ඔබ ප්ලෑන් කරලා ඇති. සමහර වෙලාවට සමහර ස්ථානවල ඇවිදින්න නම් ඔබට හෝටලයේ වාහනයක් ලැබේවි. ඒ නැති හැම අවස්ථාවකම ඔබ ප්‍රවාහන පහසුකම් ගැන කල් ඇතිව සැලසුම් කරන එක වැදගත්. ඒ මාර්ග වල රිය පදවන එක ඔබට හෝ ඔහුට මහන්සි නම් අනිවාර්යයෙන් කුලී රථයක් ගෙන්වා ගන්න.

සල්ලි?

හනිමුන් එකටත් කල් ඇතිවම මුදල් වෙන් කර ගන්න. විවාහයේ දී ඔබ ඔබටම දෙන තෑග්ග තමයි හනිමුන් එක. ඒ නිසා ලෝබ නැතුව ඒ දවස් කිහිපය ගෙවන්න පුලුවන් වෙන බජට් එකක් වෙන් කර ගැනීම කළ යුතුම දෙයක්.

බෑග් සකස් කර ගන්න

මේ දේවල් ඔබ රැගෙන යායුතුම ලිස්ට් එකට ඇතුළු කර ගන්න.

ගමනට සරිලන ඇඳුම්

ඔබ යන්නේ ට්‍රිප් එකක් නිසා සැහැල්ලු ඇඳුම් රැගෙන යන්න. ඒ වගේම මේ ඔබ දෙදෙනා අතර ලිංගික සම්බන්ධතා නැවුම් ව ඇරඹෙන දවස්. ඒ නිසා සරාගී පෙනුමැති නයිට් ඩ්‍රෙස් කිහිපයක් ඔබ සතුව තිබීම වැදගත්. පිහිනීම, කඳු නැගීම වගේ දේවල් කරන්න අදහස් තියෙනවා නම් ඒවාට ගැලපෙන ඇඳුම්‍ රැගෙන යන්නත් අනිවාර්යයෙන් මතක තියා ගන්න.

හොඳ කැමරාවක්.

ජීවිතේ ලස්සනම දවස් කිහිපය මතකයේ රැඳෙන ඡායාරූප අවශ්‍යම නිසා කැමරාවක් තිබීම වටිනවා. ජංගම දුරකථනයේ කැමරාව හොඳ නම් එයත් සෑහේවි. ෆෝන් චාජර්ස් එහෙමත් මතක ඇතුව අරන් යන්න. හැබැයි සෝෂල් මීඩියා වලට නහය ඔබාගෙන නොඉඳ ඒ දවස් සතුටින් විඳින්න.

ඔබට අවශ්‍ය හැමදෙයක් ම රැගෙන යාම වැදගත්. සන් ග්ලාසස්, ඔබේ මේකප් බඩු, විශේෂයෙන් බීච් සයිඩ් එකට යනවා නම් සන් ක්‍රීම් වගේ දේවල් අත්‍යවශ්‍යම බව සිහි තබා ගන්න. මේවා ගමන අතරතුර මිලට ගැනීම ඔබේ බජට් එකට අහිතකර වෙන්න පුලුවන්.

කුඩා ප්‍රථමාධාර කට්ටලයක් ළඟ තිබීමත් වැදගත්. මේ ගමනේදී මුලින්ම ලිංගික සම්බන්ධයක් පවත්වන අවස්ථාව එළඹෙනවා නම් ලිහිසිකාරක ද්‍රව්‍ය ළඟ තිබීමත් වැදගත්. ඒ වගේම හනිමුන් බබෙක් හදන්න අදහසක් නැත්නම් ගැලපෙන උපත් පාලන ක්‍රමයකටත් සූදානමෙන් යන්න.

ගමනට පහසු පාවහන්,බ්ලැන්කට්, ස්වීටර්ස් වගේ දේවල් රැගෙන යාමත් වැදගත්.

ඔබ යන ප්‍රදේශයේ නරඹන්නට ඇති ස්ථාන, ඒ දින කිහිපයේ ඔබ නරඹන තැන් සහ හෝටලයේ විවේක සුවයෙන් ගත කරන දවස් ගැනත් කල් ඇතුවම සැලසුම් කර ගන්න.

හනිමුන් එක සතුටින් විඳින්න ඔබට සුබ පැතුම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here