පැහැපත් සමක් ලබා දෙන ග්ලූටතයෝන් මේ ආහාර මඟින් සිරුරට ස්වභාවිකව ලබා ගන්න.

බොහොමයක් දෙනාගේ සිහින අතර පැහැපත් සමක් තිබෙනවා. එනිසා ම ඒ සඳහා විවිධ කැපකිරීම් සිදු කරනවා. සම පැහැපත්වීම ගැන කතා කරන විට ඒ සමගම ඇසෙන වචනයක් තමයි ග්ලූටතයෝන්. පෙති වශයෙන් හෝ එන්නත් වශයෙන් ග්ලූටතයෝන් සිරුරට ලබා ගන්නට ඉතා විශාල මුදලක් වැය වනවා. බොහෝ දෙනාට එය දරන්නට අපහසුයි. අප ගන්නා ආහාර පානවලින් ම ග්ලූටතයෝන් නිපදවීම වර්ධනය කරගන්නේ කෙසේද යන්න විමසා බලමු.

මොනවද මේ ග්ලූටතයෝන්

ග්ලූටතයෝන් ලෙස හඳුන්වන්නේ අප ශරීරයේ සෑම සෛලයක ම නිපදවෙන ප්‍රබල සහ ප්‍රමුඛ ප්‍රතිඔක්සිකාරකයක්. බොහොමයක් ප්‍රතිඔක්සිකාරක ආහාර මගින් සපයා ගත හැකි වුවත් ග්ලූටතයෝන් ශරීරය තුළ ද නිපදවීම විශේෂයි.

ග්ලූටතයෝන් සෑදී ඇත්තේ glutamine, glycine සහ cysteine යන ඇමයිනෝ අම්ල තුන එකතු වීමෙනුයි. වයස්ගත වීමත්, තවත් කාරණා කිහිපයකුත් ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම පහළ හෙලන්නට සමත් වෙනවා. 

ග්ලූටතයෝන්වලින් ශරීයයට ඇති කාර්යභාරය කුමක්ද?

ග්ලූටතයෝන් සිරුරට බොහොමයක් ප්‍රයෝජන ලබා දෙනවා. ඒ අතරින් අප මෙහි කතා කරන්නේ පැහැපත් වීම පිළිබඳවයි. ග්ලූටතයෝන්වලට මෙලනින්වල ඇති tyrosinase අක්‍රීය කරමින් සම පැහැපත් කිරීමේ හැකියාව තිබෙනවා. ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම ඉහළ දමාගැනීමට කටයුතු කිරීමෙන් සම පැහැපත් කරගන්නට ඔබට හැකිවෙන්නේ ඒ අයුරෙනුයි.

ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම ඉහළ නංවා ගන්නේ කෙසේ ද?

ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම ඉහළ නංවා ගැනීමට හැකි ආකාර කිහිපයක් තිබෙනවා. 

1.ග්ලූටතයෝන් අඩංගු ආහාර භාවිතා කිරීම

ග්ලූටතයෝන් මට්ටම ඉහළ ආහාර භාවිතා කිරීමෙන් ශරීරයේ ග්ලූටතයෝන් මට්ටම ඉහළ නැං වෙනවා. එහෙත් ග්ලූටතයෝන් අඩංගු ආහාරවල ග්ලූටතයෝන් ශරීරයට උරා ගැනීම සාපේක්ෂව අඩු මට්ටමක පවතිනවා. කොළ ඇපල්, අලිගැටපේර, ඇස්පැරගස්, නිවිති එවන් ආහාර කිහිපයක්.

      2. සල්ෆර් අඩංගු ආහාර භාවිතා කිරීම

සල්ෆර් ආහාරවල අඩංගු ඉතා වැදගත් පෝෂකයක්. සල්ෆර් අඩංගු ආහාර භාවිතා කිරීමෙන් ග්ලූටතයෝන් මට්ටම ඉහළ නැංවෙනවා. හරක් මස්, මාලු සහ කුකුල් මස් ආහාරයට ගැනීමෙන් ඔබට සල්ෆර් ශරීරගත කරගන්නට පුළුවන්. බ්‍රොකොලි සහ ගෝවාමලවලත් සල්ෆර් අඩංගු වෙනවා.  ලූණු සහ සුදුලූණුත් ඔබට මේ සඳහා භාවිතා කරන්නට පුලුවන්. 

           3. නිසි විටමින් C ප්‍රමාණයක් භාවිතා කිරීම.

විටමින් C ජලයේ දියවන විටමිනයක්. එය එළවලු පලතුරුවලින් බහුලව හමුවෙනවා. ප්‍රතිඔක්සිකාරකයක් වන මෙම විටමිනයට ග්ලූටතයෝන් නිපදවීම ඉහළ නංවන්නට පුලුවන්. පේර, ගස්ලබු, ස්ට්‍රෝබෙරි, දොඩම්, බ්‍රොකොලි, තක්කාලි, බෙල් පෙපර් වැනි ඒවායෙහි විටමින් සී බහුලයි. 

           4. සෙලේනියම් බහුල ආහාර භාවිතා කිරීම. 

සෙලේනියම් ග්‍ලූටතයොන් නිපදවීමට අත්‍යාවශ්‍ය වන ඛනිජ ලවණයක්. හරක්මස්, කුකුල්මස්, මාලු, චීස් වැනි ආහාර සෙලේනියම් බහුල ආහාරයි. මේවා භාවිතයෙන් ඉහළ ග්ලූටතයෝන් මට්ටමක් පවත්වාගෙන යන්නට ඔබට හැකියි. 

          5. කහ අඩංගු ආහාර භාවිතා කිරීම

කහ ලංකාවේ බහුලව භාවිතාවන කුලු බඩුවක්. කහවල අඩංගු curcuminවලට ග්ලූටතයෝන් නිපදවීමට උපකාරී වන්නට හැකියාව තිබෙනවා. නිතර කහ භාවිතා කිරීමෙන් ද ඔබට පැහැපත් සමක් හිමි කරගන්නට පුලුවන්.

පැහැපත් සමක් සඳහා ග්ලූටතයෝන් මට්ටමට ඉහළ දමා ගැනීම පමණක් ම ප්‍රමාණවත් වන්නේ නෑ. දිනකට පැය 6කවත් සුව නින්දක්, හොඳ ව්‍යායාම් කිහිපයක් මගින් නීරෝගී ජීවන පැවැත්මකුත් මේ සඳහා ඔබට අවශ්‍ය වෙනවා. ඉතින් දැන් අධික මිල නිසා ග්ලූටතයෝන්වලින් වැළකුනු කාලය අවසන්. ඔබේ පැහැපත් වීමේ සිහිනය තව දුරටත් සිහිනයක් වන්නේ නැහැ. 

Related Articles

Don't Miss


Latest Articles