Computer සහ Phone භාවිතා කිරීම නිසා විඩාවෙන් අවපැහැ ගැන්වෙන ඇස් වලට ප්‍රතිකාර.

අපි බහුතරයක් ඔෆිස් එකේ වැඩ කරන්නේ පරිගණකයක් සමඟ. ඒ වගේම නිවසේ සිට online business එකක් වගේ දෙයක් කරනවා නම් ෆෝන් එක,ලැප්ටොප් එක නිතරම භාවිතා කරන්න වෙනවා. තවම ඉගෙනීම් කටයුතු කරනවා නම් නිතරම ලැප්ටොප් තිරය නිසා දෑස් වෙහෙසවන්න සිදු වෙනවා. කොහොමත් අපි නිදහස් වෙලාවට ෆෝන් එක නිතරම භාවිතා කරනවා.

ඉතින් මේ හැමදෙයක් නිසාම අපේ දෑස් වෙහෙසට පත් වෙනවා. Dark circles හට ගන්නවා. ඒ වගේ වෙලාවට දෑස්වල ලස්සන යළි ලබා ගන්න අපිට කරන්න පුලුවන් රූපලාවණ්‍ය සත්කාර මොනවද කියලා තමයි මේ ලිපියෙන් කියන්නේ.

පිපිඤ්ඤා සත්කාරය.

  • පිපිඤ්ඤා පෙති කපා ශීතකරණයේ විනාඩි තිහක් තබා ගන්න.
  • ඒවා ඇස් මත මිනිත්තු දහයක් තබාගෙන සිටින්න.
  • ඉවත් කර දෑස් සෝදා හරින්න.
  • මෙය දිනකට දෙවරක් බැගින් සතියක් පුරා සිදු කරන්න.

තක්කාලි සහ ලෙමන් සත්කාරය.

  • තක්කාලි යුෂ තේ හැඳි දෙකකට ලෙමන් යුෂ බෑයක් මිශ්‍ර කරන්න.
  • එය ඩාක් සර්කල්ස්වල ආලේප කරන්න. ඇස් තුළ ආලේප නොකර පිටත ප්‍රවේසම් සහිතව ආලේප කළ යුතුයි
  • මිනිත්තු දහයකින් සෝදා හරින්න.
  • මෙය සතියකට දෙවතාවක් කරන්න.

ටී බෑග් සත්කාරය.

  • පාවිච්චි කළ තේ බෑග් ශීතකරණයේ මිනිත්තු තිහක් ශීත කර ගන්න.
  • පියවා ගත් දෑස් මත මිනිත්තු දහයක් තබාගෙන සිටින්න.
  • ඉවත් කර දෑස් සෝදා හරින්න.

ශීත කළ කිරි සත්කාරය.

  • හොඳින් ශීත කළ ආමන්ඩ් කිරි හෝ නැවුම් එළකිරි වලින් පුළුන් කෑලි පොඟවා ගන්න.
  • ඒවා ඩාක් සර්කල්ස් මත තබා ගන්න.
  • මිනිත්තු විස්සක් තිබෙන්නට හැර ඉවත් කර සෝදා හරින්න.

අල යුෂ සත්කාරය.

  • අර්තාපල් හොඳින් බ්ලෙන්ඩ් කර යුෂ ලබා ගන්න.
  • පුළුන් කැබලි වල ඒ යුෂ තවරා ඩාක් සර්කල්ස්වල තබන්න.
  • මිනිත්තු දහයකට පසු සීතල වතුරින් සෝදා හරින්න.

රෝස වතුර සත්කාරය.

රෝස වතුරින් පොඟවා ගත් පිරිසිදු පුළුන් පියවා ගත් දෑස් මත තබා මිනිත්තු දහයකින් ඉවත් කරන්න.

ඒ වගේම රාත්‍රී නින්දට පෙර කෝමාරිකා ජෙල් හෝ මී පැණි මිනිත්තු දහයක් පමණ ආලේප කර තබා සෝදා හරින්නත් ඔබට පුලුවන්.

කහ සහ මී පැණි මිශ්‍ර කර ආලේපය, දොඩම් යුස සහ ග්ලිසරින් මිශ්‍ර කර ආලේප කිරීම, කෝපි කුඩු සමඟ සීත ජලය මිශ්‍ර කර ආලේපය ද ඉතා හොඳ විසඳුම් වනවා.

මීට අමතරව මොනවද කරන්න ඕනෑ??

මීට අමතරව වැඩ කරන විට මිනිත්තු කිහිපයක් තිරය මතින් දෑස් ඉවතට ගෙන දෑසට විවේකයක් දීම,පරිගණක භාවිතය වෙනුවෙන් සැකසූ උපැස් යුවලක් පැළදීම හොඳ විසඳුම් බව අමතක කරන්න එපා.ඔබ දවල් දවස පුරා දෑස වෙහෙස වනවා නම්‍ රාත්‍රියට හොඳ නින්දක් ලැබීමත් දෑසට හොඳ සත්කාරයක්.

මේ සත්කාර වලින් ඔබට වෙනසක් නැත්නම් එය ඇස් පෙනීම සම්බන්ධ ගැටලුවක මූලික ලක්ෂණ විය හැකි නිසා වෛද්‍යවරයෙක් හමු වන්න.

අමතක නොකළ යුතුම කාරණය ඒ ඩාක් සර්කල්ස් හට ගන්නේ ඔබ වෙහෙස වන්නියක නිසා. ඉතින් ඒවා මඟ හැර ගන්න කරන රුව සත්කාර ඔබේ වෙහෙස වෙනුවෙන් ඔබ ඔබටම ලබා දෙන ත්‍යාගයන්.

ලස්සනට ඉන්න!

Related Articles

Don't Miss


Latest Articles