අවපැහැ වූ බෙල්ල හා වැලමිටේ මැරුණු සම ඉවත් කර සම දීප්තිමත් කරන බොඩි ස්ක්‍රබ් වර්ග

ස්ක්‍රබ් කිරීම ඔබේ සිරුර සුන්දරව තබා ගන්න අත්‍යවශ්‍යම රූපලාවණ්‍ය සත්කාරයක්. සැලෝන් එකකට ගිහිල්ලා වගේම ගෙදරදී ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරලාත් අපිට ස්ක්‍රබ් කර ගන්න පුලුවන්.
මුළු සිරුරම දීප්තිමත් කරන්න පුලුවන් ස්ක්‍රබ් කිහිපයක් ගැන අද ඔබට කියන්න අපි හිතුවා.

ඇයි ස්ක්‍රබ් කරන්න ඕනෑ?

අපේ මැරුණු සම ඉවත් නොවුණොත් සමේ දීප්තිමත් බව හෝ පැහැපත් බවක් ඇති වන්නේ නෑ.ඒත් ඒ ගැන බොහෝ දෙනෙක් සිතන්නේ නැහැ. ඒ නිසාම මතුපිටින් පමණක් සමට සත්කාර කරන්නට පෙලඹෙනවා. එමගින් සම පැහැපත් කරගන්නට හෝ මෘදු බවට පත්කරගන්නට අමාරුයි. ඒ නිසා තමයි අපි ස්ක්‍රබ් කිරීම අත්‍යවශ්‍ය වන්නේ.ස්ක්‍රබ් කිරීමෙන් සමේ රළු බව දුර්වර්ණ බව වගේම මැරුණු සම ඉවත් කිරීම සිදු කරනවා.

බොඩි ස්ක්‍රබ් අවශ්‍ය ඇයි?

අපේ සිරුරේ, අත් පා, පිට, ඉණ, ගෙල ආදී ප්‍රදේශවල සම ගොරෝසු වෙනවා. ලප කැළැල් ඇති වෙනවා. දුර්වර්ණ වෙනවා. අව්වට පිලිස්සෙනවා. එවිට සම අඳුරු වෙනවා. දහඩිය නිසා ඉකිලි, කිහිලි, ගෙල පිටුපස ආදී ප්‍රදේශ කළුවීම බොහෝ වෙලාවට දකින්න පුළුවන්. මෙවන් තත්ත්වයක් යටතේ නැවත සම දීප්තිමත් කර ගන්න අපි බොඩි ස්ක්‍රබ් එකක් කරන්නම ඕනෑ.

ස්ක්‍රබ් කරන පිළිවෙල

  • මුලින්ම සමට ක්ලෙන්සර් එකක් කර එය පිස දැමීම කරන්න.
  • ඊළඟට ස්ක්‍රබ් එක මුළු සිරුර පුරාම තවරා ගන්න
  • ක්‍රමානුකූලව ස්ක්‍රබ් මිශ්‍රණය තවරා උඩු අතට සියුම්ව පිරිමදිමින් ස්ක්‍රබ් කරන්න.
  • මෙය නියමිත වෙලාව පුරා සිරුරේ ගල්වා තබා ගන්න
  • ස්ක්‍රබ් එක ඉවත් කර සම පිරිසුදු කිරීමෙන් පසු සිරුරේ මොයිස්චරයිසර් එකක් ආලේප කර ගන්න.

බොඩි ස්ක්‍රබ් කිහිපයක්.

කෝපි ස්ක්‍රබ්

  • කෝපි කුඩු තේ හැදි දෙකක්,මඳ උණුසුම් ජලය
  • පොල් තෙල් තේ හැන්දක් යන සියල්ල හොඳින් මිශ්‍ර කර ඇඟේ ගල්වන්න.
  • හොඳින්සම්බාහනය කරන්න
  • විනාඩි විස්සකට පසු සෝදා හරින්න.

දුඹුරු සීනි ස්ක්‍රබ්

  • දුඹුරු සීනි ටිකක්, පොල් තෙල් හෝ ඔලිව් තෙල් තේ හැඳි දෙකකට මිශ්‍ර කරන්න.
  • ඇඟේ ගල්වා හොඳින් සම්බාහනය කරන්න.
  • පැය බාගයකට පසු සෝදා හරින්න.

කඩල පිටි ස්ක්‍රබ්

  • කඩල පිටි කප් එකක්, ඇපල් විනාකිරි ටිකක්, ටී ට්‍රී ඔයිල් තේ හැන්දක් එකට මිශ්‍ර කරන්න.
  • සිරුරේ හොඳින් ආලේප කර ඉන්පසු සම්බාහනය කරන්න
  • විනාඩි විස්සකින් සෝදා හරින්න.

Citrus Scrub

  • කහ දොඩම් ලෙලි වේලා කුඩු කර ගන්න. එයට ගස්ලබු තේ හැඳි දෙකක්, දෙහි බෑයක යුෂ, සූරියකාන්ත හෝ ඔලිව් ඔයිල් ටිකක්, ලුණු කප් බාගයක් සහ සීනි කප් බාගයක් හොඳින් මිශ්‍ර කර ගන්න.
  • සිරුරේ ගල්වා සම්බාහනය කරන්න.
  • පැය බාගයකට පසු සෝදා හරින්න.

මේ ස්ක්‍රබ් වලින් ඔබේ දුර්වර්ණ වූ සම ඉවත් වී හොඳ දීප්තිමත් සමක් ලබා ගන්න පුලුවන්. මේ ස්ක්‍රබ් බොඩි ස්ක්‍රබ් නිසා ගෙලේ සිට පහළට ගල්වන්න.මේ මුහුණේ සමට කළ යුතු සත්කාර නොවෙයි.

Related Articles

Don't Miss


Latest Articles