ඔබේ සිරුරේ අනවශ්‍ය බර ඉක්මනින් අඩු කරන විස්මිත පානය.

ඩෙටොක්ස් පානය ( Detox water ) කියන්නෙ මේ දිනවල ආහාර පාලනය සහ සෞඛ්‍යමත් ජීවිතය කියන මාතෘකාව එක්ක බොහෝවිට නිතරම ඇහෙන වචනයක් . පහසුවෙන් සකසා ගන්න පුලුවන් ඩෙටොක්ස් පානය ගැන ඔබව දැනුවත් කරන්න අපි හිතුවේ මේ පානය ඇත්තටම බොහොම ප්‍රතිඵලදායක නිසාමයි.

මොකක්ද මේ ඩෙටොක්ස් වෝටර් ( Detox water ) කියන්නේ.

ඩෙටොක්ස් පානයක් ලෙස හඳුවන්නේ නැවුම් එලවලු, පලතුරු හෝ ⁣ඖෂධ වලින් රසවත් කර ඇති ජලයයි. මෙම පානය ආහාර පාලනය කරන අය අතර වඩාත් ජනප්‍රිය පානයක්. තරබාරු අයට බර අඩුකරන්න මේ පානය නිර්දේශ කරනවා. බොහො දෙනා අත්දැකීමෙන් කියන කරුණක් තමයි සිරුරේ අනවශ්‍ය මේදය ඉවත් කිරීමටත් බඩ අඩු කර ගැනීමටත් මේ පානය මහත් රුකුලක් ලබා දෙන බව.

ඩෙටොක්ස් පානයක් සකසා ගන්නේ මෙහෙමයි.

අවශ්‍ය දේවල්

  • මින්චි කොළ ග‍්‍රෑම් 250 ක්
  • දෙහි ගෙඩි 10 ක්
  • ලොකු වතුර බෝතලයක්

සාදාගන්නා ආකාරය.

  • පිරිසිදු වතුර ලීටර් දෙකක් බෝතලයට දමා ගන්න.
  • දෙහි සිහින් තීරුවලට කපා මිරිකමින් වතුරට දමා ගන්න.
  • මින්චි කොළ හොඳින් මිරිකා බෝතලයට දමා ගන්න.
  • අවශ්‍ය නම් ස්ට්‍රෝබෙරි පෙති කීපයක්, ඉඟුරු කැබැල්ලක් එක්කර ගන්නත් පුලුවන්.
  • මේ වතුර බෝතලය දවස පුරා බීමට ගන්න. දිනපතා අලුත් වතුර බෝතලයක් සකසා ගන්න.

තවත් අමතර වාසි රැසක්.

බර අඩු කර ගන්න ඩෙටොක්ස් පානය කරත් මේ පානය තුලින් වාසි රැසක් ඔබට ලැබෙනවා.මේ ඉන් කිහිපයක්.

  • සිරුර බර අඩුවීම,
  • සිරුරේ විෂබීජ ඉවත් කිරීම,
  • සමෙහි තෙතමනය ආරක්ෂා කිරීම,
  • සිරුරේ pH අගය සමබර කිරීම,
  • හොඳ ජීර්ණ සෞඛ්‍යයක් ඇති කිරීම ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය වර්ධනය කිරීම

දිනපතා මේ පානය ලබා ගැනීම තුලින් වාසි රැසක් ඔබට ලබා ගන්න පුලුවන් කෙට්ටු වීමට කෘත්‍රිම බෙහෙත් වර්ග ලබා ගන්නවාට වඩා මෙවැනි ස්වභාවික පානයක් තුලින් ලැබෙන වාසි සෞබ්‍යාරක්ශිත බවින් හා වටිනාකමින් ඉහලයි නේද?

Related Articles

Don't Miss


Latest Articles