මේ දවස්වල ඔබට ඔබව අමතක වෙලා ද?

එදිනෙදා ඇති අධික වැඩ කටයුතු, රාජකාරී, පුද්ගල බැඳීම් නිසාම මේ වන විට ඔබ ජීවිතය තුල ප්‍රශ්න, ගැටළු වලින් හෙම්බත් වෙලා ඔබට ඔබ ගැන හිතන්ත් අමතක වෙලා ඇති… මානසික පීඩාවන්ට  යටවීගිය ඔබට ඔබවම අමතකවෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් ඔබ එම වේදනාකාරී ජීවිතය දිගටම ගතකළොත් ආතතිය ආදී මානසික ව්‍යාකූලතා ඇතිවන්න පුළුනන්. ඔබත් රැකියාවේ හෝ පවුල තුලදී  මුහුණ දෙන සිදුවීම් නිසා ජීවිතය දැඩි පීඩාකාරී වාතාවරණයක ගත කරන කාන්තාවක් නම් මේ යොජනා ඔබට වැදගත් වේවි.

  1. ඔබ තැනකට හෝ කෙනෙක්ට අකමැතිනම් එතැනින් හෝ එම පුද්ගලයා හෝ පුද්ගලයන්ගෙන් ඉවත්වන්න. ඔබ මුල් ඇද ඇති වෘක්ෂයක් නොවෙයි. ඔබ ජීවත්වන විලාසය, ඔබේ සබඳක් ඔබට සතුටට වඩා දුකට හේතූන් නම් ඔබට ඒවායෙහි රැඳී සිටින්නට කිසිම හේතුවක් නැහැ. ඔබට ගැලපෙන නිවැරදි පුද්ගලයන් පමණක් ඇසුරුකරන්න. එසේත් නැතිනම් තනිව සිටින්න. ඔබේ මොළයට වගේම හදවතටද කන්දෙන්න.
  2. සමහර පාඩම්, යහපත් දේවල් ජීවිතයට එන්නෙ කරදරයක් ලෙස වෙස්වලාගෙන වෙන්න පුළුවන්. ඒවගේම සමහර අත්දැකීම් හෝ පුද්ගලයන් ඇසුරෙන් ඔබට ඔබේ ජීවිතය නොසිතූ ආකාරයකට යහපත්ව ගොඩනඟාගන්කට හැකියාව ලැබේවි. ඔබ ඉගෙනගන්නා ජීවන පාඩම් ඔබේ ජීවිතයේ හොඳම ගුරුවරයායි. මතක තබාගන්න, යමක් සිදුවන්නේ කුමන හෝ හේතුවකට බව.
  3. නිතරම මතක තබාගන්න ඔබ පසුවන ජීවිතයේ අසීරුතම අවස්තාව ජීවිතයේ අවසාන අවස්ථාව නොවනබව. ජීවිතයේ වඩාත් හොඳ අවස්ථා ඉදිරියේදීඇතිවිය හැකි අතර එක් අඳුරු නිමේෂයකින් සිය ජීවිතයම අඳුරුබව නොසිතන්න. කළුවළාවන් පහව ගිය පසු ඉදිරි මඟ පැහැදිලිව දිස්වනු ඇත.

අපේ ජීවිතවල අතරමංවුණු,මංමුලා වුණු මොහොතක් තිබීම සාමාන්‍යයයි.එය සැමට පොදු ධර්මතාවක්. ඒ ගැන පසුතැවෙමින් නොසිට  නොබියව ජීවිතයට මුහුණ දී නැවතත් ඔබවම සොයාගන්න.

Related Articles

Don't Miss


Latest Articles