ස්මාර්ට් ෆෝන් එක නැති වුණත් ඔබේ පුද්ගලිකව දේවල් රැක ගන්නේ මෙහෙමයි.

වර්තමානයේ ගොඩක් දෙනා ස්මාර්ට් ෆෝන් භාවිතයට හුරුවී සිටිනවා. ලොකු කුඩා කා අතරත් එක විඳිහට ජනප්‍රිය මේ අපූරු උපකරණය අද අපිට නැතුවම බැරි අංඟයක් වෙලා. ඇතැම් වෙලාවට ඔබේ දෙමාපියන් හෝ හොඳම මිතුරු මිතුරියන් පවා ඔබ ගැන නොදන්නා දේ ඔබේ දුරකථනය දන්නවා.. එහෙම නේද? ඔබේ අතිශය පෞද්ගලික සහ ඔබට ඉතාමත්ම ම වටිනා සංවේදී දත්ත ඔබ දැනුවත්ව හෝ නැතිව ඔබේ දුරකථනයේ සැඟවිලා තියෙන්න පුළුවන්..

ඉතින් එච්චරම වටිනා දත්ත අඩංගු අඩංගු දුරකථනයේ ආරක්ෂාව ගැන බොහෝ දෙනා එතරම් සැලකිල්ලක් දක්වන්නේ නෑ.. පසුගිය කාලය පුරාවට ඇතැම් අයගේ එවැනි අතිශය පෞද්ගලික දත්ත අන්තර්ජාලයේ හුවමාරු වුණ නිසා ඉතාම කණගාටු දායක ප්‍රවෘත්ති රැසක්ම අපිට අහන්නට ලැබුනා. එවැනි සිද්ධි වලින් වැඩි පුරම අපහසුතාවය පත්වන්නේ කාන්තා ඔබ.. ඒ නිසාම SmartLady තුලින් ඔබේ Smart Phone එක සහ එහි සංවේදී දත්ත ආරක්ෂා කරගන්න විදිහ ගැන ලිපි පෙලක් ගෙන ඒමට අපි සිතුවා. මේ එහි පළමුවැන්න.

පළමුව ආරක්ෂාව

සියල්ලට ප්‍රථමයෙන් කිවයුතු දෙයක් තිබෙනවා.. ඒ තමයි කවදාවත් ඔබේ ජංගම දුරකථනය තැන තැන දමා යන්න එපා තත්පරයකට හරි ඔබ ඉන්න තැනින් ඉවතට යනවා නම් දුරකථනයත් රැගෙන යන්න.

ස්ක්‍රීන් / කී පෑඩ් ලොක්

හැම ස්මාර්ට් දුරකථනයක ම අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් ලොක් එකක් තිබෙනවා.. ස්මාර්ට් නොවන දුරකථන වල කී පෑඩ් ලොක් එකක් තිබෙනවා. මෙමඟින් ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ ඔබ නොදැනුවවත්වම දුරකථනයේ අංක හෝ වෙනත් දෑ ක්‍රියාත්මක වීම වැලැක්වීමයි. ස්ක්‍රීන් ලොක් එකක් දාගැනීම තුලින් ඔබේ දුරකථනය වෙනත් අයට පරිහරණය කිරීමට ඇති අවස්ථාවද නැති වෙනවා. ස්මාර්ට් දුරකථන වලට ස්ක්‍රීන් ලොක් වර්ග කිහිපයක්ම එනවා. ඉන් ප්‍රධාන වනනේ පැටර්න් ලොක් සහ පින් (PIN- Personal Identification Number) ලොක්. අද වන විට ඇඟිලි සලකුණු සංවේදක සහිත ස්මාර්ට් දුරකථනත් වෙළඳපොලේ තිබෙනවා. එමඟින් ඔබේ ඇඟිලි සලකුණ භාවිතා කර දුරකථනය ක්‍රියාත්මක කල හැකියි.

  • පැටර්න් ලොක්

මෙමඟින් ඔබට ඔබ කලින් සකසාගත් ඔබ කැමති රටාවකට අනුව දුරකථනය අන්ලොක් කිරීමට භාවිතා කල හැකියි. ආරක්ෂාව අතින් ඉහළ වුණත් හදිස්සියකට ලොක් එක ඇරගන්න නම් ටික් කරදරයි..

  • පින් කෝඩ් ලොක් (PIN- Personal Identification Number)

මෙහිදී ඔබට ඔබ කැමති ඉලක්කම් 4 ක් යොදාගෙන මේ ලොක් එක සකසා ගත හැකියි. ඉලක්කම් 4 කට අවස්ථා (Combination) 10,000 ක්ම තිබෙන නිසා මේ ලොක් එක කඩන එක නම් බොරු.

ඉහත ලොක් වර්ග දෙකම වැරදි ලෙස වැඩි වාර ගණනක් එක දිගටම ඇතුලත් කලොත් ඔබේ දුරකථනය ස්වයංක්‍රීයවම Freez වෙනවා. ඒ නිසා ඔබ සකසාගත් ලොක් එක මතක හිටින එකක් විය යුතුයි. එය ඔබම පමණක් දැන සිටීම මඟින් අනවශ්‍ය කරදර වලින් ඔබ ඈත් කර තබාවි.

ඔබ මේ වන විටත් කිසිම ස්ක්‍රීන් ලොක් එකක් සකසාගෙන නොමැති නම් දැන්මම ලොක් එකක් ස්ථාපිත කරගන්න. ඉදිරි ලිපි වලින්; දුරකථනය අළුත්වැඩියා කිරීමට දීමේදී, දුරකථනය නැතිවූ හෝ සොරාගැනුනු අවස්ථාවක දී ඔබ විසින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු කරුණු පිළිබඳව මෙන්ම අන්තර්ජාලය හරහා සිදුවන දත්ත සොරාගැනීම් (Hack) වලින් ඔබේ ස්මාර්ට් දුරකථනය සහ වටිනා දත්ත ආරක්ෂා කරගන්නා ආකරය පිළිබඳ දැනුවත් වෙමු..  ස්මාර්ට් වෙන්න, ආරක්ෂිතව සිටින්න.

-චතුර-

Related Articles

Don't Miss


Latest Articles