කියවන්න පොතක් – ගරුඩ මුහුර්තය

කීර්ති වැලිසරගේ මහතා රචනා කළ ගරුඩ මුහුර්තය 2017 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට සහ ගොඩගේ සම්මානයට නිර්දේශ වී රාජ්‍ය සාහිත්‍ය සම්මානයට පාත්‍ර වෙනවා.

නූරි, මාලිම්බඩ, මාගල ආදී ප්‍රදේශ වල ට ගිය ගමනකදී මේ කෘතිය සඳහා වස්තු බීජය සිතෙහි ඇති වූ බව කතුවරයා පවසනවා. ශතවර්ෂයකට පමණ පෙර හුදෙකලා ගම්මානයක් ගැන මෙහි විස්තර වෙනවා.ලාංකිය ඉතිහාසයේ අප මුහුණ දුන් බරපතල ඛේදවාචකයන් සහ සමාජයේ සිදු වූ විවිධ පරිවර්තනයන්හි දිග හැරුමක් ලෙස ගරුඩ මුහුර්තය හඳුන්වන්න පුලුවන්.

“අන්දකාර වනාන්තරයේ ඉහළ, අතු බෙදෙන නිල් විදුලි එළි පසුපසින් කන් බිහිරි කරවන අකුණු පිපිරෙද්දී ඇද හැළුණු මහ වරුසාවේ, ඒ දෙදවසම ගඟත් ඔයත් උතුරා සැඩ දිය කඳ ගුගුරා බැස්සේ වියරුවකින් මෙනි. දෑල ඉවුර බිඳගෙන ගිය මහ වතුරට නමා වැටුණු කෙටල පඳුරු යළි ඔසවා ගන්නට වැතිරුණු ගමන් ය.” (9 පිටුව )

ගරුඩ මුහුර්තයේ ප්‍රධාන චරිතය වන්නේ සරණා. ඔහු සුවඳී සහ කපුරු යන දෙසොහොයුරියන් ම විවාහ කරගත්තෙක්.මාගල ගම්මානයේ මිනිසුන්
ජීවත් වන්නේ කිතුල් කර්මාන්තයෙන් සහ හේන් ගොවිතැනෙන්.නියමිත දිනයකදී ගමට එන වෙළෙන්දන් සමඟ භාණ්ඩ හුවමාරුව ගමේ මිනිසුන්ගේ ජීවිකාවට රුකුල් සපයනවා.

ඉඩම් එලි පෙහෙලි කර තේ වගාව ආරම්භ වීම, ගම්මාන හරහා පාරවල් ඉදි වීම, මැණික් ගැරීම, මැලේරියා වසංගතයක් නිසා මිනිසුන් මියයාම සහ ග්‍රාමීය මිථ්‍යා මත ඉතා හොඳින් මේ කෘතියෙන් විස්තර කෙරෙනවා.

සන්සුන් ගම්මානයකට වී අතීතයට ඇවිද යාමට මේ ග්‍රන්ථය ඔබේ පොත් එකතුවට එක් කර ගන්නට අමතක කරන්න එපා.

Related Articles

Don't Miss


Latest Articles