අවුරුදු 35 පිරුණු කාන්තා ඔබ අනිවාර්යයෙන් ම කළ යුතු වෛද්‍ය පරීක්ෂණ පහක්.

වර්තමානයේ කාන්තාව නිවසේ වැඩකටයුතුත් රැකියා වැඩකටයුතුත් බොහොම සමබරව කරගෙන යෑම දක්නට ලැබෙනවා. මේ කාර්‍යබහුල කමත් සමග ඇයට ඇය මගහැරෙන්නේ නොදැනුවත්මයි. බෝ නොවන රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇත්තේ කාන්තාවන්ට වන්නේ ඒ හේතුවෙන් බව ඔබ දන්නවා ඇති. අපි අද මේ ලිපියෙන් වයස 35 පිරුණු කාන්තා ඔබ අනිවාර්යයෙන් ම කළ යුතු වෛද්‍ය පරීක්ෂණ 05ක් ගෙන එන්නේ ඒ නිසායි. ඕනෑම රෝගයක් කලින් හඳුනාගන්නා තරමට සුව කිරීමේ හැකියාව ඉහළයි.

Thyroid test

මෙයින් සිරුරේ තයිරොයිඩ් මට්ටම පරීක්ෂා කිරීම සිදු කරනවා. තයිරොයිඩ් අඩු වීම සහ වැඩි වීම බොහෝ රෝගවලට මුල්වන කාරණාවක්. බර සීඝ්‍රයෙන් වැඩි වීම, කොණ්ඩය යාම, නියපොතු අවපැහැ වීම තයිරොයිඩ් මට්ටමේ වෙනස්කම් නිසා ඇති වන බාහිර ලක්ෂණයන්. ගර්භනී සමයේදී, කිරි දෙන සමයේදී, ආර්ථවහරණයේදී මෙම වෙනස්කම් බහුලව දැකිය හැකි වෙනවා. කෙසේවුවත් ඉහත ලක්ෂණ නොමැති වූවද වයස 35න් පසු ඔබ අවුරුදු පහකට වතාවක් මෙම පරීක්ෂණය කළ යුතුයි. මෙය සරල රුධිර පරීක්ෂණයක්.

Vitamin D test and Calcium DeDeficiency test

මේ පෝෂක දෙක සිරුරේ මනා පරිවෘත්තීය ක්‍රියාකාරිත්වයට සහ අස්ථිවල සෞඛ්‍යමත් භාවයට ඉවහල් වනවා. වයස්ගත වීමත් සමඟ මෙන් ම නිසි ආහාර රටාවක් නොමැති කම ආදී විවිධ හේතු නිසා කාන්තාවන්ගේ සිරුරේ විටමින් ඩී සහ කැල්සියම් හිඟවීමක් ඇති වන්නට පුලුවන්. බොහෝ විට ඇඟපත් රිදීම්, දුර්වල අස්ථි ඇති වන්නේ ඒ නිසායි. මෙම පර්‍යේෂණය වසරකට වරක්වත් සිදු කරගැනීමෙන් ඔස්ටියෝපොරෝසිස් නිතරම හැදෙන කොන්දෙ ආබාධ ආදිය පූර්වයෙන් ම දැනගන්නට ඔබට හැකියාව ලැබෙනවා.

Vitamin B test

ඇඟපත අමාරුකම්, අලසබව, නිදිබර බව කාන්‍තාවන් අතර නිතර දක්නට ලැබෙන අපහසුතා. සමහර විට ඔබ විටමින් බී අඩුපාඩුවකින් පෙළෙනවා විය හැකියි. විටමින් බී සංකීර්ණයක් බැවින් පරීක්ෂණය සිදු කරන්නේ විටමින් බී12 වලට අදාළවයි. මෙය ද සරල රුධිර පරීක්ෂණයක්. අඩුතරමේ වසරකට වරක්වත් මෙම පරීක්ෂණය කරගැනීම වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. යම් වෙනස්වීමක් ඇත්නම්, පූර්වයෙන් හඳුනාගෙන ආහාර මගින් ක්‍රමවත් කර ගන්නට පුලුවන්.

Pap smear test

ලිංගික ව සක්‍රීය වීමෙන් පසු සෑම කාන්තාවක් ම වසර තුනකට වරක් අනිවාර්යයෙන් කරගතයුතු පරීක්ෂණයකි. ලිංගික ව සම්ප්‍රේෂණය වන HPV නම් වෛරසය මගින් ගැබ් ගෙල පිළිකාව වැළඳීම සිදු වෙනවා. මෙම Pap පරීක්ෂණය මගින් එසේ යම් ගැටලුවක් වේදැයි පරීක්ෂා කර බැලීමයි සිදු කරන්නේ. මූලික අවස්ථාවේ ම හඳුනා ගතහොත් මෙය 100%ක් නිට්ටාවටම සුව කරගත හැකි පිළිකා තත්ත්වයක්. නිරන්තර පරීක්ෂණ කිරීම වැදගත් වන්නේ ඒ නිසායි. අපේ රටේ නම් රජය මගින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් හරහා ක්‍රියාත්මක වන වැඩසටහනක් වන සුවනාරී වැඩසටහන මගින් රජයේ රෝහල්වලදී නොමිලයේ වයස 35 සහ 45 පිරෙන කාන්තාවන් අනිවාර්යයෙන් මෙම පර්‍යේෂණයට බඳුන් කරනවා.

Mammography test

මේ වන විට ඉතා සීඝ්‍රයෙන් වැළඳෙමින් පවතිනවා. ගැබ්ගෙල පිළිකා සේම පියයුරු පිළිකා මුලින් හඳුනාගත් විට ඉතා පසුවෙන් සුව කරගන්නට පුලුවන් වීම මෙහි වාසියක්. Mammogram එකක් මගින් ඔබට මෙම ගැටලු ඇත්දැයි නිරීක්ෂණය කරනවා. මෙය බාහිරින් කරනා පරීක්ෂණයක්. වයස 35 සම්පූර්ණ වූ පසු වසරකට වරක්වත් මෙම පරීක්ෂණය කළ යුතු බව වෛද්‍ය මතයයි.

කුමන රැකියාවක නියුතු වුවත්, කොපමණ කාර්‍යබහුල වුවත් ඔබ ඔබට ප්‍රමුඛත්වය දිය යුතුයි. මේ පරීක්ෂණ නිසි කාලයේදී සිදු කරගන්නා අතරතුරදී ම, සෞඛ්‍යමත් ආහාර රටාවත් ව්‍යායාමත් මගින් නීරෝගී දිවිපැවැත්මක් උරුම කරගන්නට හැකියාව ලැබෙනවා.

Related Articles

Don't Miss


Latest Articles