කෙසෙල් මුව සම්බෝලයක් හා අනෝදා වලින් රසවත් ව්‍යංජනයක්

කෙසෙල් මුව සම්බෝලය

අවශ්‍ය දේ

  • ලපටි කෙසෙල් මුවක්
  • සිහින්ව ගාගත් පොල් මිටක්
  • උම්බලකඩ කුඩු ටිකක්
  • සිහින්ව කපා ගත් රතු ලූනු ලූණු ටිකක්
  • සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 5 ක් පමන
  • රස අනුව ලුණු සහ දෙහි

සාදන ආකාරය

  • කෙසෙල් මුව පිටත ඇති පොතු කිහිපයක් ඉවත් කර ළපටි කොටස මතු කරගන්න
  • ඉන් පසුව සිහින්ව ලියා ගෙන ලුණු වතුරේ දමන්න.
  • මද වෙලාවකින් වතුරෙන් ගෙන හොදින් මිරිකා ගන්න
  • රතු ලූනු, අමු මිරිස් ,පොල් ,උම්බලකඩ එකට දමා හොඳින් කලවම් කර ගන්න. එයට කෙසෙල් මුව සහ ලුණු දෙහි එකතු කර කලවම් කරන්න .

අනෝදා බැදුම

අනෝදා කියන්නේ පලතුරක් .ඉතින් බැදුමක් විදිහට මේ ක්‍රමය ඔබට තරමක් ආගන්තුක වූවත් අනෝදා වලින් රසවත් ව්‍යංජනයක් පිළියෙළ කරන්නට පුළුවන් බව බොහෝ අය දන්නේ නැහැ .ඉතින් පලතුරක් විදියට කන්න අකමැති අයට මෙන්න මේ විදිහට උත්සහ කර බලන්න පුළුවන් .

අවශ්‍ය දේවල්

  • මදක් පැසුණු අනෝදා ගෙඩියක්
  • ලුණු
  • ගම් මිරිස් කුඩු
  • කෑලි මිරිස්
  • කරපිංචා
  • පොල් තෙල්

සකස් කරන ආකාරය

මුලින්ම අනෝදා ගෙඩිය හොඳින් පිරිසිදු කර ගෙන පොතු ඇරගන්න .ඉන්පසු ගෙඩිය හරි මැදින් වෙන්කර ගන්න .ඇට ඉවත් කර දිග කැබලි වලට කපා ගන්න .ඒවා රන්වන් පැහැයක් ලැබෙනතුරු ගැඹුරු තෙලේ බැද ගන්න .ඉන් පසුව කෑලි මිරිස් ලූණු කරපිංචා ආදිය ද ගැඹුරු තෙලේ බැද ගන්න .සියල්ල එකට මිශ්‍ර කර රස පදම අනුව ලුණු සහ ගම්මිරිස් දමා ගන්න .
පලතුරක් විදියට කෑමට ආස නැති අය ත් ඉල්ල ඉල්ලා කන කෑමක් වන බවට කිසිම සැකයක් නැහැ .

Related Articles

Don't Miss


Latest Articles