ඔබේ සබඳතා වලට හානි කරන සැකය

“නැත ලොවේ අන් රසදුනා
ආදරේ මිස සුව දෙනා “

මෙහෙම කියමින් පටන් ගන්නා බොහෝ සම්බන්ධතා සමහර අවස්ථා වලදී හොරා පොලිස් සෙල්ලම ක ස්වරූපය ගන්නවා .ඔබට නිරන්තරයෙන් ම එවැනි චරිත හමු වෙනවා ඇති.එකිනෙකා ගැන සැක කරමින් ,ඒ පසුපස පන්නමින් ,අනෙකා ගේ නිදහස සතු ට තනිකර ම තමා සතු යැයි පමණක් සිතමින් හැසිරෙන බොහෝ අය අපට එදිනෙදා ජීවිතයේදී හමු වනවා .සමහරුන් සිතන්නේ ඒ ආදරයයි කියලයි.නමුත් ඔබම හිතන්න .එය කෙතරම් පීඩාවක් අනෙක් පුද්ගලයාට දෙනවා ද කියා.බොහෝ විට එවන් සම්බන්ධතාවයක අවසානය වන්නේ වෙන් වීමක් .

සැකය කියන්නේ ඊර්ෂ්‍යාව ද ?

නැහැ .මේ දෙක සම්පූර්ණයෙන් ම එකිනෙකට වෙනස්.ආදර සම්බන්ධයක් ඇතුලේ ඊර්ෂ්‍යාව කියන එක තරමක සාමාන්‍ය දෙයක්. ඒත් එය පාලනය කර ගත නො හැකි තරමට ,දීර්ඝ කාලීනව තිබෙනවා නම් එයට ලිංගික ඊර්ෂ්‍යාව ,එහෙමත් නැත් නම් sexual jealousy නැත්නම් Othello syndrome යනුවෙන් හඳුන්වනවා.

මොකක්ද මේ Othello syndrome කියන්නෙ?

ඒ නමින් මේ රෝගය හැඳින්වීමට ප්‍රධාන හේතුව තමයි ලෝක ප්‍රසිද්ධ ශේක්ෂ්පියර්ගේ ඔතෙලෝ නාට්‍ය යේ කතාවට සමාන සිදුවීමක් මෙහිදී සිදුවීම
.එම නාට්‍යයේ ප්‍රධාන චරිතය වන ඔතෙලෝ තමන්ගේ බිරිඳ තමන්ට ද්‍රෝහිකම් කරනවා කියන සංකල්පය හිතේ තියාගෙන බරපතළ ලෙස මානසිකව විඳවනවා.
අවසානයේ පීඩනය දරා ගත නොහැකි තැන ඛේදවාචකයක් බවට ඔවුන්ගේ ජීවිත පත් වෙනවා.
ඉතින් එම තත්වය මානසික රෝගයක් බවට දැන් වෛද්‍යවරුන් හඳුනා ගෙන තිබෙන නිසා නිසි ප්‍රතිකාර මගින් සුව කරගන්නට හැකියාව තිබෙනවා.

රෝගයෙහි ස්වභාවය

ඇත්තටම මේ රෝගය delusional disorder වර්ගෙට වැටෙන මානසික රෝගී තත්ත්වයක් .කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද මෙය වැළඳෙන්නට පුළුවන් .

රෝග ලක්ෂණ මොනවා ද ?

  1. වෙනත් සම්බන්ධතාවයක් ඇති බවට සැක කිරීම.
    2.ජංගම දුරකථනය, ෆේස්බුක් ගිණුම ඇතුලු සියලුම පෞද්ගලික දේවල් ආදිය හොරෙන් පරික්ෂා කිරීම .
    3.නිතර කේන්තියෙන් ,තරහෙන් ,නොරිස්සුම් ගතියකින් සිටීම.
    4.බොහෝ අය හිතෙනවා තමන් ව මහත් ලොකු පාවාදීමකට ලක් වෙලා ඇති බව .
    5.ලෝකය ම තමන් තනි කර ඇතැයි කියා සිතීම.
    6.සහකරුගේ සහකාරියගේ හැසිරීම් ගැන ,සනීපාරක්ෂාව ගැන උවමනාවට වඩා සැලකිලිමත් වීම.
    7.තමා ගේ හිතේ ඇති සැකය නිරන්තරයෙන් සාධාරණීකරණය කිරීම .
    8.තමන් තරම් අනෙකාව බලන වෙන කිසිවෙකු ත් නැතැයි සිතමින් උපදෙස් දෙමින් මෙහෙයවන්නට යාම.

මේ තත්ත්වය ඇති වීමට හේතු ගණනාවක් බලපාන්නට පුළුවන් .

1.අතීතයේ සිදු වීම් නිසා
2.එකිනෙකා තේරුම් ගැනීමේ ගැටලු නිසා
3.සම්බන්ධතාවයෙහි සිදුවන ඈත්වීම් නිසා
4.තමන් බලාපොරොත්තු වන තැනැත්තා නිර්මාණය කර ගත නොහැකි වීම නිසා .

මෙය මනෝ චිකිත්සක වරයෙක් මුණ ගැසීමෙන් පහසුවෙන් විසඳා ගත හැකි තත්වයක් .මෙවැනි පුද්ගලයන් ජීවත් වන්නේ ඉතාමත් අපහසුවෙන් බව අමුතුවෙන් කිව යුතු නැහැ .ඒ වගේ ම අනිකාගේ ස්වාධීනත්වය ,ඔහු හෝ ඇය වෙනස් පුද්ගලයකු බව දැකීමේ හැකියාව ද ඔබව සුවපත් පුද්ගලයකු බවට පත් කරනවා .

ලෝ ප්‍රකට සාහිත්‍යධරයකු වන පවුලෝ කොයියෝ ගේ කෘතියකින් සිංහල ට පරිවර්තිත කොටස ක් මෙහි සටහන් කරන්නට සිතෙන්නේ එවන් නිදහස් චින්තනය ක් සහිත වූවෙකුගේ ලෝකය අනෙකාට කෙතරම් ප්‍රිය දායක වනු ඇතිදැයි සිතන්නට අපවද යොමු කරවන නිසාවෙන්.

“සෑම මිනිසෙක්ම තමන්ටම ආවේණික වූ ගුණාංග, නැඹුරුතාවන්, වින්දනීය මානයන් හා හඹායෑමේ ආශාවන් ඇති අන් අයගෙන් වෙනස් වූ තැනැත්තෙකි. කෙසේ වුවත් සමාජය නිරන්තරයෙන්ම අපට පොදු සම්මත හැසිරීමකට අනුගත වන්නැයි බලකර සිටින අතර කිසිවෙක් මද ඉසිඹුවක් ගෙන එසේ කළ යුතු මන්දැයි කියා සිතීමට නොපෙළඹෙති. යතුරු පුවරුවේ සම්මත අකුරු ඇති පිළිවෙළ ඒ සඳහා වන හොඳම විදිය බව අදහන යතුරුලියන්නෙකු මෙන් මිනිස්සු එකී හැසිරීම් පිළිගනිති. ඔරලෝසුවේ කටු දක්ෂිණාවර්තව මිස වාමාවර්තව ගමන් නොකරන්නේ මන්දැයි විමසන එකදු පුද්ගලයෙකු හෝ ඔබගේ ජීවිත කාලය තුළ ඔබට හමු වී ඇතිද?”

Related Articles

Don't Miss


Latest Articles