බිළිඳාගේ ආරක්ෂාව ගැන ඔබ සැලකිලිමත්ද

බිළිඳු දරුවන් රැක බලා ගැනීම කියන්නේ මහත් අරපරිස්සමකින් කල යුතු කටයුත්තක්. ඉතින් කොතරම් ආරක්‍ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කලත් සුළු ප්‍රමාද දෝෂයකින් ඇතිවිය හැකි අනතුරු ඉතාමත්ම විශාලයි. ඒ නිසා අප සිතුවා බිළිඳාගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් වන ඔබට පුංචි මඟපෙන්වීමක් කරන්න.

  1. දරුවා තනිවම ඇඳක නොතබන්න.ඔහු අසලින් ඔබ මොහොතකට හෝ ඉවත් වේනම් පැදුරක් හෝ රෙද්දක් දමා බිම තබන්න..
  2. ආරක්‍ෂිත ලී කොටුවක දරුවා තබා ඉවුම් පිහුම් කටයුතු,සනීපාරක්ෂක කටයුතු ආදියේ නිරත වන්න.
  3. ඉහළට පා ඔසවන දරුවන් තනියම කොට් එකේ නොතබන්න.
  4. කටේ දමාගත හැකි කුඩා ද්‍රව්‍ය ඉවත් කර තබන්න
  5. කුඩා දරුවන්ට දරුවා බලා ගැනීමට නොදෙන්න
  6. වෙරළු ආදී පලතුරු ලබා දෙන විට මාංශමය කොටස පමණක් දෙන්න .
  7. විදුලිපේනු වලට ආරක්‍ෂිත ආවරණ ගසා වසා තබන්න.
  8. මේස වල මේස රෙදි ඉවත් කර තබන්න.
  9. ඇඟට පෙරළාගත හැකි ඝන ද්‍රව්‍ය අසලට යාමට නොහැකිවන ලෙස තබන්න.
  10. අනාරක්ෂිත ළිං පොකුණු ආදිය අසලට දරුවා රැගෙන යෑමෙන් වළකින්න.
  11. දරුවා අසල සිටින විට දුම්පානය නොකරන්න.
  12. වාහනවල ඉදිරිපස අසුනේ දරුවා රැගෙන නොයන්න.
  13. දරුවා සඳහා සුදුසු අසුනක ආරක්ෂක පටිය දමා දරුවා රැගෙන යන්න.
  14. මෝටර්සයිකලයක දරුවාව ගෙන යන්නේ නම් හිස ආවරණයක් පලන්දවන්න.

ඉතින් මේ දේවල් පමණක් නොවේ.සමහරවිට අපට නොදනිම අනාරක්ෂිත වටපිටාවක් අප වටා නිර්මාණය වනවා.ඉතින් මවක ලෙස ඔබේ මනා සුරැකුම සහ ආදරණිය සැළකිල්ල මේ සියල්ලටම වඩා දරුවාට රැකවරණය සපයන බව නොකියාම බැහැ.

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles