මේකප් බොක්ස් එකේ තියෙන්නම ඕනෑ දේවල්.

දැන් හැම ගෑනු ළමයෙක්ම ලස්සනට ඉන්න හරිම කැමතියි.ඒ නිසා හැමෝම වගේ මේකප් පාවිච්චි කරනවා.එහෙම මේකප් භාවිතා කරනවා නම් ඔබටම කියලා මේකප් සෙට් එකක් තිබීම වැදගත්. හැමදාම සැලෝන් යනවාට වඩා එදිනෙදා මේකප් ඔබටම කරගන්න එතකොට හැකියාව ලැබෙනවා
ඉතින් ඔබේ මේකප් බොක්ස් එකේ තිබිය යුතුම දේවල් ගැන තමයි මේ ලිපියෙන් ඔබට කියන්නේ.

ෆවුන්ඩේෂන්

ෆවුන්ඩේෂන් අනිවාර්යයෙන් මුහුණේ ආලේප කරන්නම ඕනෑ. මෙය දියරමය ෆවුන්ඩේෂන් ලෙසත් ෆෑන් කේක් ලෙසත් මිලට ගන්න පුලුවන්. බොහෝ යුවතියන් ෆෑන් කේක් එක භාවිතා කරනවා. ඒ නිසා තමන්ට ගැළපෙන විදියට ෆෑන් කේක් එකක් හෝ දියරමය ෆවුන්ඩේෂන් එකක් තෝරාගෙන එය මේකප් බොක්ස් තියෙන්නම ඕන.

ෆිනිශින් පව්ඩර්

කම්පැක්ට් පවුඩර් ලෙස හඳුන්වන්නත් පුලුවන්. මේ මඟින් ෆවුන්ඩේශන් එක සීල් කරනවා.මෙයත් ඔබේ සමේ පැහැයට අනුව තෝරා ගැනීම වැදගත්.
උදා: තලෙලු කෙනෙක් නම් කහ පැහැයට හුරු ෆිනිශින් පවුඩර් එකක් ගැලපෙන අතර ගොඩක් පැහැපත් කෙනෙක් නම් අයිවරි කලර් එකේ කම්පැක්ට් පවුඩර් එකක් ගැලපෙනවා.
නමුත් වඩා වැදගත් කරුණ තමයි මිලදී ගන්නා විය එය ඔබේ අතේ මැණික් කටුව ලඟ ආලේප කර සමේ පැහැයට ගැලපෙනවාද බැලීම.

බ්ලෂ්

බ්ලෂ් කිරීම මේකප් එක වඩා ඔප් නංවනවා. මුහුණේ හැඩැය නිවැරදිව හදුනා ගනිමින් බ්ලෂ් කිරීම ඉතාමත් වැදගත්.

අයිබ්‍රෝ පෙන්සිල්

අයිබ්‍රෝ වල නිවැරදි හැඩය සකසා ගන්න නම් ඔබේ මේකප් බොක්ස් එකට අයිබ්‍රෝ පෙන්සිල් එකත් අනිවාර්යයෙන් ඇඩ් කරගන්න.

අයි ලයිනර්


අයි ලයිනර් එකකින් ඇහැ වටා වඩාත් පැහැදිළිව රේඛාවක් ඇද ගැනීම සිදු කරනවා.මෙය දියරමය හොඉ පෙන්සිල් වශයෙන් මිලට ගන්න පුළුවන්. මෙයත් මේකප් බොක්ස් එකක තිබිය යුතුමයි.

අයි ෂැඩෝ

ඇස්වල සුන්දරත්වය තවත් වැඩි කරලා පෙන්වන්න අයි ෂැඩෝ එකට පුළුවන්. ඒ නිසා අයි ෂැඩෝ වර්ණ කිහිපයකින් මේකප් බොක්ස් එකේ තබා ගන්න.

මස්කාරා

ඇස් පිහාටු වල පෙනුම වඩා ඔපවත් කරන්නේ මස්කාරා වලින්. ලස්සන මේකප් එකකට මස්කාරා එකත් හරිම වැදගත්.

ලිප්ස්ටික්

ඕනෑම ඇඳුමකට ගැළපෙන විදියට රෙඩ්, මෙරූන් වගේ කලර්ස් වලින් ලිප්ස්ටික් කිහිපයක් මේකප් බොක්ස් එකේ තබා ගන්න.ඒ වගේම තමයි ලිප්ස්ටික් එක කෙලින්ම තොල්වල ආලේප කරන්න එපා.ලිප් බ්‍රෂ් එකක් තබා ගන්න. විශේෂයෙන්ම මේ දිනවල තත්වය එක්ක ලිප්ස්ටික් කෙලින්ම තොල්වල ආලේප කිරීම එහි විෂබීජ තැන්පත් වීමට හේතුවක්. ඒ නිසා බ්‍රෂ් එකක ආලේප කර තොල්වල තවරා බ්‍රෂ් එක සෝදා ගන්න.

බ්‍රශ්.

බ්‍රශ් අවම වශයෙන් දෙකක් වත් තිබිය යුතුයි. ෆිනිශින් ෆවුඩර් එකට ටිකක් විශාල ප්‍රමාණයේ බ්‍රශ් එකක් ද බ්ලෂර් වර්ග ආලේප කිරීම සඳහා මධ්‍යම ප්‍රමාණයේ බ්‍රශ් එකකුත් අවශ්‍ය වෙනවා. මීට අමතරව අයි ශැඩෝ වලට කුඩා ප්‍රමාණයේ බ්‍රෂ් එකක් අවශ්‍ය වෙනවා. එය අයි ශැඩෝ ප්ලැට් එකේම තියන නිසා අමතරව මිලදී ගන්න ඕන නෑ.

ඒ වගේම ෆේෂල් ටිෂූස් සහ කපු පුළුන්,කොට්න් බඩ්ස් ඔබේ මේකප් බොක්ස් එකේ තබා ගන්න.

පිටතට ගෙනියන අවස්ථාවන් වල නම් එහි ෆේස් වොෂ් එකක්, ටෝනර් සහ ක්ලෙන්සර් එකක්, සන් ක්‍රීම් එකක් සහ මොයිස්චරයිස් ක්‍රීම් එකක් ද රැගෙන යන්න අමතක කරන්න එපා.

පිළිවෙලකට ලස්සනට ඉන්න කැමති ස්මාර්ට්ලේඩි කෙනෙක් හැටියට මේ විදියට මේකප් බොක්ස් එක ක්‍රමවත්ව තබා ගැනීම ඔබට වැදගත් වේවි.

ලස්සනට ඉන්න!!

තොරතුරු සැපයීම – මධූ ජයවීර මහත්මිය

Related Articles

Don't Miss


Latest Articles