ආර්ථවහරණය සමග ඔබතුල සිදුවෙන කායික මානසික වෙනස්කම්

ආර්ථවහරණය Menopause කියන්නේ කාන්තාවකගේ ජීවිතයේ එක්තරා වැදගත් සන්ධිස්ථානයක්.
වැඩිවිය පත්වීමේ දී සිට මෙතෙක් සුපුරුදු පරිදි ඔබේ ගර්භාෂය විසින් ඩිම්බයක් පිටකරනු ලැබුවා .තව දුරටත් ඒත් සිදු කිරීමට ගර්භාෂය සමත් වන්නේ නැහැ. මේ සිදුවීම නිසාම ඔබ තුල ශාරීරික හා මනසික වෙනස්කම් රාශියක් ඇතිවෙනවා.. නමුත් බොහෝ දෙනෙක් තුල ඒ ගැන නිවැරැදි අවබෝධයක් නැති නිසාම ජීවිතේ අනවශ්‍ය පීඩනයක් සමග ජීවිතේ ගෙවනවා..නමුත් එසේ විය යුතු නැති නිසයි මේ දැනුවත් කිරීම.

ආර්ථවහරණය සිදු වන්නේ කිනම් වයසකදීද?

ගැහැණු දරුවකු උපදින විටම ඩිම්බකෝෂවල ප්‍රාථමික ඩිම්බ සෛල විශාල සංඛ්‍යාවක් තිබෙනවා .මින් හාරසියක් පමණ නිසි ලෙස වර්ධනය වීමට හැකියාව ලැබෙනවා .එම නිසා මල්වර වීමේ සිට ආර්තවය නවතින තුරුම මාසික ව එකින් එක මෙම ඩිම්බ පිටවීම සිදුවෙනවා .ඒ වගේ ම විවිධ හේතු නිසා වර්ධනය වන ප්‍රාථමික ඩිම්බ සෛල ප්‍රමාණය වෙනස් වීමට පුළුවන් .ඒ ඒ කාන්තාවන් ජීවිත කාලය තුළ පිටකරන ඩිම්බ ප්‍රමාණය ඒ අනුව වෙනස් වෙනවා.ඉතින් ඒ ඩිම්බ සියල්ලම පිටව පිට වී අවසන් වූ පසු ඩිම්බ නිකුත් වන්නේ නැහැ .එම නිසා ආර්ථවහරණය වන වයස කාන්තාවන්ගෙන් කාන්තාවට වෙනස් වෙන්නට පුළුවන්.සාමාන්‍යයෙන් මෙය අවුරුදු 45 ත් 55ත් අතර කාලය තුළ සිදුවිය හැකි බවයි පවසන්නේ.

ආර්ථවහරණයෙන් පසු ශරීරයේ ඇතිවිය හැකි කායික ,මානසික වෙනස්කම් මොනවාද ?

අපි මුලින්ම ඔබේ සිරුරේ සිදුවන කායික වෙනස්කම් ගැන අවබෝධයක් ලබා ගමු.

කායික වෙනස්කම්

  • ඩිම්බ නිකුත් කිරීම නැවතීමත් සමඟඒ මඟින් නිපදවනඊස්ට්‍රජන් ,ප්‍රොජෙස්ට්‍රෝන්,ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝර්මෝන මට්ටම ශරීරයේ අවම වනවා .ඊස්ට්‍රජන් හෝමෝනය කාන්තාවන්ගේ සම හිසකෙස් ,පියයුරු ,ප්‍රජනක අවයව ,අස්ථි වල නිරෝගීතාව පවත්වා ගැනීමට වැදගත් වෙනවා . මේ නිසා සිරුරේ එම අංග වල වැහැරුණු ස්වභාවයක් මේ නිසා ඇති වීමට පුළුවන් .
  • මුහුණ සහ ගෙල ප්‍රදේශයේ ඇතිවන දැවිල්ලක් වැනි තත්ත්වයක්
  • රාත්‍රී කාලයේ අධික ලෙස දහඩිය දැමීම ,
  • යෝනි මාර්ගයේ වියළි ස්වභාවය
  • නින්ද නොයාම
  • ශරීරයේ වියලි බව
  • හිසකෙස් තුනීවීම
  • ඔස්ටියෝපොරෝසිස්
  • වැනි තත්ත්ව ඇති වෙනවා .මෙය ඔසප් චක්‍රය නැවතීමට මාස කිහිපයක සිටම ඇති වෙන්නට පුළුවන් .

මානසික වෙනස්කම්

  • මතකය සහ අවධානය යොමු කිරීමේ හැකියාව අවම වීම
  • කෝපය,කලකිරීම
  • මානසික ආතතිය
  • අසහනකාරී බව/ ආතතිය
  • ලිංගික ආශාවන් අඩුවීම.

මේ සියලු තත්වයන් සෑම කාන්තාවකටම මුහුණ දෙන්නෙ වෙන්නෙ නෑ. නමුත් යම් යම් කාලවල බොහෝ විට කාන්තාවන් අතර මෙම තත්ව ඇතිවිය හැකි. බොහෝ කාන්තාවන් මේ පිළිබද නිවැරැදි අවබෝධයක් එක්ක සුදුසු පරිදි මේ තතවයන් නිවැරැදිව කළමනාකරණය කර ගනිමින් ජීවිතේ සුන්දර ලෙසම අත්විදින අවස්තා ඕනෑතරම්…
මෙවැනි අපහසුතා මග හරවා ගැනීමට කළ හැකි දේවල් ගැන ඔබ පෙර සිටම දැනුවත් වීම වැදගත් .

ඇත්තෙන්ම ආර්ථවහරණයෙන් පසු ඇතිවෙන අපහසුතා මඟහරවා ගැනීමට සිදු කළ යුතු දේවල් මොනවාද ?

  • හෝමෝන පිටතින් ලබා ගැනීම .
  • සංගීතය ,භාවනාව, ව්‍යායාම ,පෝෂ්‍යදායී ආහාර ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කර ගැනීම .
  • හුදෙකලා නොවීම
  • තමන් සිටින තත්ත්වය පිළිබඳ ඉතාමත් හොඳ අවබෝධයකින් සිටීම .
  • පැය අටක නිසි නින්දක් ලබා ගැනීම
  • නිතරම ධනාත්මක පසුබිමක කටයුතු කිරීම.
  • කැල්සියම් ,මැග්නීසියම් ,විටමින් ඩී,විටමින් බී,විටමින් ඊ ,ඔමේගා 3, ලබා ගැනීම ගැන විශේෂයෙන් සැලකිලිමත් වීම.

අප අමතක නො කළ යුතු කාරණාව වන්නේ මේ අතිශයින් ස්වභාවික ක්‍රියාවක් බව .ඔබ පමණක් නොව සෑම කාන්තාවක ම ජීවිතේ මෙම තත්වයට මුහුණ දෙන බවයි .එ නිසා ඒ ගැන අවබෝධයෙන් සිටීම හරිම වැදගත් .

Related Articles

Don't Miss


Latest Articles