ඔබත් දරුවා මහත් කරගැනීමේ අභිලාෂයෙන් පසුවන මවක්ද? එහෙනම් නොවැරදීම කියවන්න

”අනේ මෙයාගේ කෙට්ටු .කොච්චර කන්න දුන්නත් මහත් වෙන්නෙම නෑ.” මේ බොහොමයක් මවුවරුන්ගේ මුවඟින් නිතරම ඇසෙන වදනක්.ඔවුන් දරුවාගේ නිරෝගිතාවය මනින්නේ ශරීරයේ උස බර ලෙඩ රෝග නොමැතිවීම,ක්‍රියාශීලිත්වය වැනි සාධක වලින් නොව සම්පුර්ණයෙන්ම ඇඟ පතේ මහත දෙහෙතින් වීම දරුවාගේ සම්පුර්ණ අනාගතයම ලෙඩ කරවීමක් ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.දරුවා මහත් කරවීමේ අරමුණින් දෙමාපියන් සමබල ආහාර වේලක අවශ්‍යතාවය නොතකා දරුවාට කෘතීම මෙන්ම පිෂ්ටය සහ තෙල් සහිත ආහාර දීමට පෙළඹී සිටිනවා.

ආහාර නිසා දරුවන් ලෙඩ වෙනවාද

අද ශ්‍රී ලාංකික දරුවන් වැඩිපුරම පිඩා විඳින්නේ ස්ථුලතාවය සහ දියවැඩියාව හේතු කොටගෙන.ක්‍ෂණික ආහාර ඇතුළු වැරදි ආහාර රටා පුරුදු,ඇඟ වෙහෙස වන ක්‍රීඩාවන්හි නිරත නොවීම,සුපිරි ආහාර ,අධික සීනි අඩංගු සුපිරි පාන දරුවා රෝගියෙකු කරවීමේ මාර්ගය වෙත බොහොම පහසුවෙන් රැගෙන යනවා.ඒ වගේම ආදරය විසින්ද දරුවා ලෙඩ කරන්නේ දෙමාපියන් ආදරය නිසා දරුවාගේ සිත නොරිදවා ඔහු ඉල්ලන ඉල්ලන කෑම බීම වර්ග ලබා දීමට පෙළඹෙන නිසයි.කෙසේ නමුත් මේ පිටුපස තම ආහාර ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා සුක්ෂමව ක්‍රියාත්මක වන වෙළඳ යාන්ත්‍රණයක් ඇති බැවින් දරුවා තමන්ට ලබා දෙන ආහාර මත දෙමාපිය ආදරය තීරණය කිරීමට වෙළෙන්දන් විසින් උගන්වමින් පවතිනවා.ඉතින් බුද්ධිමත් ලෙස මේ දේවල් අවබෝධ කරගැනීම දෙමාපියන් සතු කාර්යක් වී තිබෙනවා.

නිවැරදි ආහාර රටාවකට දරුවන් යොමු කරන්නේ කොහොමද

ඝන ආහාරයට දරුවන් හුරු කරවීමත් සමඟ ඔවුන් ආහාරයේ රසය හඳුනා ගන්නවා.පෝෂණ ගුණයෙන් යුතු ආහාර රසවත්ව දරුවාට පිළියෙළ කරදීම මවගේ කාර්යභාරයේ විශේෂතම කාර්යක් වන්නේ ඉදිරියේදී දරුවා කෑම වර්ග පිළිගන්නේ ඒ රසවත්භාවයත් සමඟ වන නිසා.දරුවාට කෑම ගැනීමට වෙන්වූ ස්ථානයක් පිළියෙළ කර අලංකාරව වර්ණවත්ව සැකසු කෑම පිඟානක් ඉදිරිපත් කිරීමෙන් දරුවාගේ රුචිකත්වය ඇති කිරීම කළහැකි සේම මෙය නිරන්තරයෙන් වෙනස් කල යුතු වන්නේ දරුවා ඒකාකාරිත්වයට අකමැති නිසා.

මුලින්ම හඳුන්වා දියයුතු ආහාර

කැරට්,වට්ටක්කා,රතු කැකුළු බත්,බෝංචි ,අලුත් මාළු ,පලාවර්ග ,පරිප්පු ආදිය බ්ලෙන්ඩර් කර ලබාදෙන්න පුළුවන් .ඒ වගේම දත් ඇති අය සඳහා පතෝල ,වැටකොළු වැනි තන්තු සහිත ආහාර එකතු කල යුතුයි.බතල ,ධාන්‍ය වර්ග ,නිවිති,මුරුංගා කොළ ,මෑ ආදී එලවලුත් ඉතාමත් සුදුසුයි.

පළතුරු හඳුන්වා දීමේදී ඇපල්,මිදී ,පෙයාර්ස් වැනි පළතුරුවලට වඩා පේර,ජම්බු,අඹ,කෙසෙල් ,ලොවි,කටු ලොවි , නෙල්ලි ,නාරං වැනි පලතුරු දරුවන්ට ඉතාම ගුණ දායකයි.

ඈතින් තබා ගත යුතු ආහාර මොනවාද

චිකන් ඩ්‍රම්ස්ටික්,ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්,පීසා,කෙටි ආහාර ,ක්ෂණික නුඩ්ල්ස් ,පැණි බිම වර්ග,ටිපි ටිප්,අධික පැණිරස කෑම වර්ග, අධික ලුණු සහිත ආහාර වර්ග වලින් දරුවා හැකි තරම් ඈත් කර තබන්න.

ඉතින් දිව පිනවන රසයන්ට වහ නොවැටී දරුවා වෙනුවෙන් ගුණයෙන් මෙන්ම රසයෙන් පිරිපුන් ආහාර වේලක් නිර්මාණය කිරීම මවකගේ ආදරය සැබෑ ලෙසම දරුවාට දීමේ ප්‍රධානම කාර්යයි කියලා අමතක කරන්න එපා.ඒ ඔහුගේ අනාගත නිරෝගිතාවය අද ඔබ ඔහුට පිරිනමන කෑම වේල මත තීරණය කරන බැවින්.

චම්මි

Related Articles

Don't Miss


Latest Articles