2020 වසරේ බොලිවුඩයේ ජනප්‍රිය වූ චිත්‍රපටි.

2020 අවුරුද්ද ලෝකයම වසංගතයක ගිලී හිටියත් පුරුදු ලෙස සිනමා ශාලා වල කල්ගත කරන්න නොහැකි වුණත් මේ වසරේ ද හොඳ චිත්‍රපටි සිනමා ලෝකයට මුදා හැරුණා. රසිකයන් ද හැකි ලෙස චිත්‍රපටි නැරඹුවා. මේ වසරේ බොලිවුඩ් ට්‍රෙන්ඩින් වූ 2020 නිකුත් කෙරුණු චිත්‍රපටි ගැන අපි මේ ලිපියෙන් දැන ගනිමු.Time of India වෙබ් අඩවියට අනුව හින්දි චිත්‍රපටි අතර මුල් තැනට පැමිණි චිත්‍රපට මෙසේ පෙළ ගැස්විය හැකියි.

Thappad

කම්මුල් පහරක සැඟව තිබූ සමාජ යථාර්ථය මේ වසරේ ඉන්දියාවේ සිනමා රසිකයන් වසඟයට ගන්නට සමත් වුණා.කාන්තාවක් කුමන අවස්ථාවක හෝ ගෘහස්ථ හිංසනය දරා සිටිය යුතු නැති බව සාකච්ඡාවට බඳුන් කරමින් ස්ත්‍රීවාදී හෝ ස්ත්‍රී අයිතීන් ගැන කතාබහකට එහා ගිය Thappad නිර්මාණය කරන්නේ අනුභව් සිංහා විසින්. 2020 පෙබරවාරි 27 නිකුත් වූ මෙහි ප්‍රධාන චරිත තාප්සී පන්නු සහ පවේල් ගුලාටි විසින් නිරූපණය කරනවා. පැය දෙකයි විනාඩි විස්සක් දිවෙන මේ චිත්‍රපටය කාන්තාවක් ලෙස ඔබට ඔබ ගැන නැවත වතාවක් හිතන්නට මතක් කරන චිත්‍රපටියක්.

Gunjan Saxena: The Kargil Girl

ගුන්ජන් සක්සේනා යනු ඉන්දියානු ගුවන් හමුදා ඉතිහාසයේ සුවිශේෂී කාන්තාවක්. ඊට හේතුව වන්නේ ඉන්දීය ගුවන් හමුදාවේ යුද්ධ මෙහෙයුම් වෙනුවෙන් ගුවන තරණය කළ පළමු කාන්තාව ඇය වීමයි. ගුවන් යානයක් මෙහෙයවීමේදී එතැනට ගැහැණු පිරිමි බේදයක් අදාල නැත. මොකද ඒ දෙදෙනාම හඳුන්වන්නේ ‘pilot’ කියලයි”. යනුවෙන් පවසන පියෙකුගෙන් දිරිය ගන්නා ඇය තමන්ගේ සිහිනය කරා ගමන් කරන ආකාරය මේ චිත්‍රපටියෙන් විස්තර වෙනවා.චිත්‍රපටයේ ප්‍රධාන පසුබිම් තේමාවක් ලෙස 1999 යේ හටගත් කාර්ගිල් යුද්ධයද සම්බන්ද වනවා.ගුන්ජන් සක්සේනාගේ චරිතය නිරූපණය කරන්නේ ජාන්වී කපූර් විසින්.පන්කජ් ට්‍රිපාතී,විනීත් කුමාර් සිං, මානව් වීජ්, අන්ගඩ් බේඩී සහ අයේෂා රාසා මිර්සාද සෙසු චරිත නිරූපණය කරනවා.ශරන් ශර්මාගේ අධ්‍යක්ෂණයක් ලෙසත් ඔහු සහ නිකිල් මෙහ්රෝත්රා එක්ව කළ තිර රචනයක් ලෙසත් නිර්මාණය වූ ගුනජන් සැක්සෝනා 2020 අප්‍රේල් 24 දා නිකුත් වූවා. කාන්තාවක් ලෙස සිහින හඹා යාම ගැන ඔබට මේ චිත්‍රපටිය කියන දෑ බොහොමයි.

Panga

2020 ජනවාරි 24 වෙනිදා නිකුත් වූ පන්ගා ආසියාතික බොහෝ රටවල ගැහැණියගේ එක් ඉරණම් කතාවක් හෙළි කරන්නක්. දක්ෂ කබඩි ක්‍රීඩිකාවක විවාහයෙන් පසු නැවත ක්‍රීඩාවේ නියලීමට ඉඩ නොලැබීම ජයා නිගම් නම් චරිතය හරහා මෙහිදී විස්තර වෙනවා. දරුවා සහ හොඳම මිතුරිය නිසා ඒ අවස්ථාවට මඟක් යළි හෙලි වෙනවිට ජයා ඇගේ සැඟව ගිය සතුට යළි ලබා ගන්නට යෙදෙන අරගලය Panga චිත්‍රපටියෙන් විස්තර වෙනවා. කංගනා රනාවුත්, රිචා චදා,ජෙසී ගිල් සමඟ නීනා මෙහි ප්‍රධාන චරිත මවනවා.ඉන්දියන් රුපියල් මිලියන 290 ක් වැය කරමින් නිර්මාණය වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ අශ්විනි අයර් තිවාරි විසින්.

විවාහය කියන්නේ තමන්ගේ සිහින බිඳ දැමිය යුතු තැනක් නොවේ. ජයා නිගම් පවසන ඒ කතාව දැන ගන්න මේ චිත්‍රපටියත් ඔබ නැරඹිය යුත්තක්.

Tanhaji : The Unsung Warrior

Tanhaji ඓතිහාසික කතාවක් පාදක කරගත් සිනමාපටයක්. Tanhaji Malusare නමැති මරාති රණශූරයෙකුගේ චරිතය මූලික කරගනිමින් නිර්මාණය වී ඇති මෙහි අජේ දේව්ගන්, සායිෆ් අලි ඛාන්,කාජල්, නේහා ශර්මා වැනි ජනප්‍රිය චරිත කිහිපයක්ම රංගනයේ යෙදෙනවා. තන්හජීගේ චරිතය අජේ නිරූපණය කරද්දී ප්‍රතිවීර චරිතය වූ උදයභාන් චරුතය සායිෆ් විසින් නිරූපණය කරනවා. 2020 ජනවාරි දහ වැනිදා නිකුත් වූ මෙහි අධ්‍යක්ෂණය Om Raut විසින් සිදු කර තිබෙනවා.

𝗦𝗵𝗮𝗸𝘂𝗻𝘁𝗮𝗹𝗮 𝗗𝗲𝘃𝗶 2020

සාර්ථකත්වය හඹා යද්දී අපට අහිමිවීම් සිත් රිදවීම් අනන්තව මුණ ගැසෙනවා.අසාමාන්‍ය ගණිත හැකියාවක් තිබූ සකුන්තලා දේවිගේ කතාව මේ චිත්‍රපටිය හෙළි කරනවා. මවකගේ කතාව දියණියක අතින් විස්තර කෙරෙන මෙය 2020 ජූලි 31 තිරගත වීම ඇරඹුවා අනූ මෙනන් අධ්‍යක්ෂණය කල 𝐒𝐡𝐚𝐤𝐮𝐧𝐭𝐚𝐥𝐚 𝐃𝐞𝐯𝐢 ඉන්දියාවේ විසූ මනෝමයෙන් ගණිත ගැටලු විසඳන්නියක සහ ලේඛිකාවක වූ සකුන්තලා දේවි ගැන චරිතාපදාන චිත්‍රපටියක්. මෙය කොවිඩ් 19 වෛරසය නිසා prime video හරහා ප්‍රදර්ශනය වූවා. සකුන්තලා දේවී විද්‍යා බාලන් ද අනුපමා ලෙස සාන්‍යා මල්හෝත්‍රා ද රංගනයෙන් දායක වෙනවා.දැරියක් ඇගේ ගමන දියණියක,බිරිඳක,මවක ලෙස පසු කරනවා. අත්දැකීම් එකතු කරමින් සිහින හඹා යමින් වැරදි වටහා ගනිමින් ඈ ජීවිතය ගෙවනවා. 1980 වසරේ ගිනස් වාර්තාපොතට පවා එක්වූ ශකුන්තලාගේ කතාව ගණිතවේදිනියකගෙන් එහා ගැහැනියකගේ කතාවක් ලෙස චිත්‍රපටියට නගන්නේ අනූ මෙනන් සහ නයනිකා මහ්තාන්ගේ රචනයක් ලෙස. අධ්‍යක්ෂණය අනූ මෙනන් විසින් සිදු කර තිබෙනවා.

මේ වසරේ වසංගත තත්ත්වයක් පවතිද්දී පවා ඉන්දියාවේ නිකුත් වූ චිත්‍රපට බොහොමයක් තිබෙනවා. පැරණි චිත්‍රපටි නෙට්ෆ්ලික්ස් ආදිය හරහා නැවත නිකුත් වී ට්‍රෙන්ඩින් ලිස්ට් පැමිණියත් මෙහි විස්තර වන්නේ මේ වසරේ නිකුත් වූ අලුත්ම චිත්‍රපට ගැනයි.

ඉතින් මේ ඔබ මඟ නොහැර නැරඹිය යුතු ඒවා නොවේ ද?

Related Articles

Don't Miss


Latest Articles