Lipstick ගාන්නට පෙර මෙන්න මේ දේවල් 3ගැන දැනගමු

ඔබ නිතරම තොල් අලේපන භාවිතාකරන කෙනෙක් නම් හෝ තොල් අලේපන භාවිතාවට කැමති කෙනෙක් නම් තොල් අලේපන භාවිතාකරන්නට පෙර මෙන්න මේ මූලික ද්‍රව්‍ය 3ගැන දැනගත යුතුමයි.

ලිප් ලයිනර් (Lip liner)
තොල්වල හැඩය ලබාගැනීමට භාවිතාකරන මෙය පැනසලක් හෝ ස්වයංක්‍රීය පෑනක් ලෙසත් ලබාගත හැක. මතක ඇතිව තොල්වල වටේ පමණක්නොව මැදත් ආල්පකරන්න. මන්ද තොල් අලේපනය ඉවත්වුව හොත් තොල්වල වටේ ඉර පමණක් අවලස්සනට පෙනෙන්නට හැකි නිසා

ලිප් බාම් (Lip balm)
අධික වියළි, අධික සීතල, දැඩි හිරු එළිය ආදී ඕනෑම පාරිසරික තත්ත්වයකින් ඔබේ දෙතොල් ආරක්ෂාකරදෙයි. රූපලාවන්‍යමය සහ ඖෂධීය ලෙස ලිප් බාම් වර්ග දෙකක්වන අතර බොහෝවිට අවර්ණවන ඖෂධීය ලිප් බාම් ඔසුසැල්වලින් ලබාගතහැකි අතර ගැහැණු පිරිමි භේදයකින් තොරව භාවිතාකරන්න පුළුවන්.  රූපලාවන්‍යමය ලිප් බාම් අවර්ණ හෝ විවිධ වර්ණයන්ගෙන් සහ රසයන්ගෙන් තෝරගන්න පුළුවන්. තොල් අලේපන තොල් මත ආලේපකිරීමට පෙර ලිප් බාම් භාවිතාකිරීමෙන් දෙතොල් අවපැහැගැන්වීම වළක්වයි.

ලිප් ප්රයිමර් (Lip primer)
මෙය මුහුණේ සම මත ෆවුන්ඩේෂන් ආලේප කිරීමට පෙර යොදන ප්රයිමර් එකට සමානයි. තොල් අලේපන දවස පුරා රඳවාගැනීමට වගේම පිරුණු දෙතොලක් ලබාගැනීමටත් හැකියි.

මෙම ද්‍රව්‍ය 3 හරියට භාවිතා කළොත් ඔබට ලස්සනට, පිරුණු සුන්දර දෙතොලක් අනිවාර්යයෙන්ම ඔබට ලබාගන්න පුළුවන්. මතක ඇතිව උසස් ප්‍රමිතියෙන් යුතු අලේපන භාවිතාකරන්න. නැතිනම් ඔබ අපේක්ෂාකරන ප්‍රතිඵල නොලැබේවි.

කල්හාරී

Related Articles

Don't Miss


Latest Articles