උදෑසන ආහාරයට ඕට්ස් වලින් සකසා ගත හැකි කෑම වර්ග 4 ක්

ඕට්ස් කියන්නෙ හරිම පෝෂ්‍යදායක ආහාරයක් උණත්, එය තරමක් රසින් අඩු බවට සමහරු චෝදනා කරනවා. ඒකාකාරී වීමත් ඊට හේතුවක්. පහසුවෙන් රසවත් ව හදාගන්න පුලුවන් ඕට්ස් රෙසිපි හතරක් මේ ලිපියෙන් ඔබට දැනගන්න පුලුවන්.

ඕට්ස් උප්පුමා

කලබල වෙලාවක ඉක්මනින් හදාගන්න පුලුවන් වගේම පෝෂණයෙන් සපිරි ආහාරක් විදියට ඕට්ස් උප්පුමා හඳුන්වන්නට පුලුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕට්ස් කප් එකක්
  • අවශ්‍ය තරම් එළවලු
  • සුදුළූණු බික් දෙකක්
  • තෙල් ටිකක්
  • අබ ටිකක්
  • කරපිංචා ටිකක්
  • ලුණු සහ ගම්මිරිස්
  • වතුර ස්වල්පයක්

හදන්නේ මෙහෙමයි

තෙල් ටික ලිප තබා රත් වන විට අබ දමා පුපුරවන්න. සුදුලූණු දමා රන්වන් පැහැ වන විට කරපිංචා රම්පෙ එක් කර සුවඳ හමන තුරු බැදගන්න. එළවලු එක් කර යන්තම් බැදෙන විට වතුර ටිකක් එක්කර තම්බා ගන්න. වතුර ඉතිරිව ඇති විටම ඕට්ස් ටිකත් එක්කට හොඳින් උයා ගන්න. රස අනුව ලුණු සහ ගම්මිරිස් එක් කරගන්න.

ඕට්ස් රොටී

රොටී කන්න අපි කවුරුත් ආසයි. ඒත් පාන්පිටි කියන්නෙ ශරීරයට හිතකර දෙයක් නෙවෙයි. රොටී කන්න කැමති ඔබට සෞඛ්‍ය සම්පන්න විකල්පයක් තමයි මේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕට්ස් කෝප්ප එකක්
  • පොල් කෝප්ප එකක්
  • බිත්තරයක්
  • වතුර ටිකක්
  • ලුණු

හදන්නේ මෙහෙමයි

ඉහත ද්‍රව්‍ය සියල්ල එකට අනාගන්න. කුඩා රවුම් සාදා පැතලි කර රොටී සකසා පුළුස්සා ගන්න.

ඕට්ස් ඔම්ලට්

මේ පොඩි බඩගින්නට ඉක්මනින් හදාගන්න පුලුවන් රසවත් වගේම කැලරි අඩු නමුත් පෝෂණීය ඔම්ලට් රෙසිපියක්.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕට්ස් කෝප්ප බාගයක්
  • බිත්තර තුනක්
  • ගාගත් කැරට් සහ ලීක්ස් ටිකක්
  • කපාගත් ලූණු ගෙඩියක්
  • ලුණු සහ ගම්මිරිස්

හදන්නේ මෙහෙමයි

සියල්ල එකට කලවම් කර බැදගන්න.

[psac_post_carousel show_date=”false” show_author=”false” taxonomy=”post_tag” cat_taxonomy=”category” tag_taxonomy=”post_tag” limit=”9″ category=”recipes”]

ඕට්ස් ව්‍යාංජනය

ලංකාවෙ අපි පුරුදු වෙලා ඉන්නෙ තරමක් තුනපහ යෙදූ ආහාර රටාවකට. විදේශීය ආහාරක් වන ඕට්ස් අපේ කටට හුරු රසට හදාගන්නේ මෙහෙමයි. ඉඳිආප්ප හෝ පාන් සමඟ මේ ව්‍යාංජනය කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඕට්ස් කෝප්පයක්
  • සිහින්ව ලියූ රතුලූණු ගෙඩියක්
  • අමුමිරිස් කරල් දෙකක්
  • කරපිංචා සහ රම්පෙ
  • කහ ස්වල්පයක්
  • මිරිස් කුඩු ස්වල්පයක්
  • මිටි කිරි කෝප්පයක්
  • දිය කිරි කෝප්පයක්
  • ලුණු

හදන්නේ මෙහෙමයි

මිටි කිරි හැර ඉතිරි අමුද්‍රව්‍ය සියල්ල එකට දමා තැම්බෙන තුරු පිස ගන්න. මිටි කිරි ටික දමා නටන විටම බා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles