රෝග රැසකින් ඔබ ආරක්ශා කරන උළුහාල් වලින් රසවත් ව්‍යාංජනයක්.

උළුහාල් කියන්නේ අපි හැමෝගෙම මුළුතැන්ගෙයි සිටිය යුතු මිතුරෙක්. උළුහාල් වලට රෝග නැසීමේ ගුණයක් පවතිනවා.

  • කොලෙස්ටරෝල් පාලනය,
  • පිළිකා නැසීමේ ගුණ,
  • බඩ පිපීම අඩු කිරීම
  • උදරයේ වේදනා අඩු කිරීම,
  • රුධිරගත සීනි මට්ටම අඩු කිරීම,
  • අධික රුධිර පීඩනය අඩු කිරීම,
  • හිමොග්ලොබීන් වර්ධනය කිරීම වගේ බොහෝ ප්‍රයෝජන උළුහාල් වලින් අපට ලබා ගන්න පුලුවන්.

මේ නිසාම පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍යය ගැන හිතන ගෘහනියක් ලෙස ඔබටත් උළුහාල් කුළුබඩුවක් ලෙස හෝ වැඩිපුර පරිභෝජනයට යොදා ගැනීම වැදගත්.

ඒ වගේම කුළුබඩුවක් ලෙස උළුහාල් ව්‍යාංජන වලට එක් කිරීම,රෝග සඳහා තම්බා බීම හැරුණම උළුහාල් වලින් රසම රස කරියක් හදාගන්නත් පුලුවන්. ඈත අතීතයේ ගම්වල අපේ මව්වරුන් අතර මේ උළුහාල් මාලුව ඉතාම ජනප්‍රියයි. මසකට දෙවරක්වත් පවුලේ සාමාජිකයන්ට උළුහාල් ව්‍යංජනය සදා දීම ඔවුන් අමතක නොකලේ මේ ව්‍යංජනයේ ගුණාත්මක බව නිසාමයි.

මේ කියන්න යන්නේ ඒ ගැන.

අවශ්‍ය වෙන දේවල්.

  • උළු හාල් ග්‍රෑම් 100
  • සුදු ළූණු ග්‍රෑම් 250
  • රතු ළූණු ග්‍රෑම් 250
  • උම්බලකඩ ග්‍රෑම් 100
  • තුනපහ
  • මිරිස්කුඩු ස්වල්පයක්
  • කරපිංචා
  • කුරුඳු පොතු
  • සියඹලා ග්‍රෑම් 50
  • ගෙඩියක පොල් කිරි

හදන්නේ මෙහෙමයි.

  • උළුහාල් පැය දොළහක් හොඳින් පෙඟෙන්න තබන්න.
  • ඉන්පසු හොඳින් සෝදා ගරා පිරිසිදු කර ගන්න.
  • ඉන්පසු තෙලේ බැද ගන්න.
  • සිලි සිලි යන හඬ ඇසෙන තරමට බැදුණු පසු එය ලිපෙන් බාගන්න
  • තෙල් ඉවත් වන සේ පෙරා ගන්න.
  • එය පිසින බඳුනට දමා ගන්න.
  • ඒ බඳුනටම සුදු ළූණු ග්‍රෑම් 250,රතු ළූණු ග්‍රෑම් 250,උම්බලකඩ ග්‍රෑම් 100,තුනපහ,මිරිස්කුඩු ස්වල්පයක්,කරපිංචා ,කුරුඳු පොතු එකතු කරගන්න.
  • සියඹලා ද එක් කරන්න
  • පොල් කිරි ද එකතු කරන්න.
  • ඉන්පසු ලිප තබා හොඳින් හිඳෙන තුරු පිස ගන්න. (පොළොස් ව්‍යාංජනයක් පිස ගන්නා තරමේ කාලයක්)

මේ රසවත් ව්‍යාංජනය ඔබේ කෑම මේසයට අපූරු රසක් එකතු කරනවා වගේම ඔබේ නිරෝගී බව වැඩි කරන්නත් ලොකු හේතුවක් වෙයි.

Related Articles

Don't Miss


Latest Articles