නිතරම එන කේන්තිය අඩුකර ගන්න කළ හැකි දේවල් 8 ක්

තරහයාම සාමාන්‍ය දෙයක් .නමුත් ඔබට නිතරම තරහ යනවා නම් එය සාමාන්‍ය දෙයක් වෙන්නේ නැහැ .නමුත් අපට එය හසුරුවා ගැනීමට පුළුවන්. ඒ සදහා ඔයාට තරහ යන්නෙ මොන වගේ අවස්ථාවලදී ද යන්න ඔයාටම හදුන ගන්න වෙනවා.. මුලින්ම කළ යුත්තේ එයයි..

ඇයි මට තරහ යන්නේ ?

  1. තරහ යන හේතු මොනවා ද ඒවා එකින් එක හඳුනා ගන්න .සිද්ධි ලෙස ලියා තබා ගන්න .මෙ සේ සතියක ඔබට තරහ ගිය අවස්ථාව සහ එයට හේතු ගොනුවක් තබා ගන්න.
  2. මතක තබා ගත යුතු වැදගත්ම කාරණාව වන්නේ තරහ යාම අවම කර ගැනීම සිදු කරන්නේ ඔබේ පහසුව වෙනුවෙන් බව .ඒ වගේම මෙය ඔබේ වැඩක්.
  3. හඳුනා ගත් අවස්ථා සියල්ල සඳහා ම තරහ යාමෙන් පසු ඔබ සිදු කල දේ සටහන් කරන්න .තරහ නොගෙන ඔබ එය සිදු කළා නම් හැසිරෙන ආකාරය ද සටහන් කරන්න .ඔබේ හැසිරීම ඒ අවස්ථාවේ දී කෙලෙසක තිබුණා නම් හොඳද කියා ත් සටහන් කර ගන්න .අමතක කරන්න එපා මෙය ඉතාමත් වැදගත් අභ්‍යාසයක් බව.
  4. දැන් ඔබ ඉන්නේ ඔබ ගැන අවධානයෙන්.ඒ වගේ ම යම්කිසි තේරුම් ගැනීමක් සමග .ඉතින් තරහ යන අවස්ථාවකදී පෙර දී ට වඩා ඔබට යම් පාලනයක් තිබෙනවා.මෙය නවතා ගත යුතු බව ට අදහසක් තිබෙනවා.ඒ වගේ ම මේ හැසිරීමෙන් පසු සටහනක් තැබීමට වන බවත් ඔබ දන්නවා .
  5. ඉතිං තරහ යන අවස්ථාවකදී වෙන විදියෙ දේවල් ක්‍රියාත්මක කිරීමට පොඩ්ඩක් උත්සාහ කරමු .

තරහ යන අවස්තා වලදී එය නිවැරැදිව හසුරව ගන්න කළ හැකි ක්‍රියාකාරකම්

Cout down

සිතින් ගණන් කිරීම පටන් ගන්න.මෙය එකේ සිට සියයට හෝ සියයේ සිට ආපස්සට හෝ කිරිමට පුලුවන්.මේ නිසා heart rate එක පොඩ්ඩක් අඩු වෙනවා.කොහොමත් දැන් ඔබ දන්නවා ඔබේ මේ හැසිරීම නවතා ගත යුතු බව .පළමු වතාවේ අපහසු වුණත් අපහසුවෙන් හෝ ඔබ මෙය කිරීමට උත්සාහ කරනවා.

Take a breath

ඉතාමත් ගැඹුරු හුස්මක් ගන්න.හොඳට ඔක්සිජන් උරා ගන්න .දැන් ඔබට අමුතුම පණක් තියෙනවා.ගැඹුරු හුස්මකට පුළුවන් ඔබ ගේ තරහවේ වේගය පාලනය කරන්න ට.මෙම ගැඹුරු හුස්ම ගැනීම කිහිප වතාවක් සිදු කරන්න.

Go walk around

පොඩි රවුමක් ඇවිදින්නට යාම ඔබ ගේ තරහව පාලනය කිරිමට සමත් වෙනවා .ඒ වගේම ස්නායු කිපීම අවම කරනවා.එළිමහනේ ඇවිදීම,බයිසිකලය පැදීම ,බෝලයක් බම්ප් කිරීම මනසට මෙන්ම ශරීරයට ද ලිහිල් බවක් ඇති කරනවා.

Relax your muscles

සිරුරේ මස්පිඩු සැහැල්ලු කර ගැනීම මගින් අමුතු ම පහසුවක් නිදහස් බවක් ඇති වෙනවා .කේන්ති යාමේ දී මස්පිඬු තද වෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ .සෙමින් සෙමින් ඒ ගැන අවධානය යොමු කරමින් ඒවාට සැහැල්ලු බව ලබා දෙන්න.

A mantra

කේන්ති යාම අඩු කිරීමට පුංචි මන්තරයක් තියෙනවා.ඒක ඔයාට ම තනියම කියන්න ඕන.කට්ටඩියා වගේම ආතුරයා ත් ඔයයි .

මම කේන්තියෙන් නෙවේ
සැහැල්ලු වෙන්න
හරි ඔක්කොම හරි.කලබල වෙන්න එපා
නෑ,කේන්ති ගන්නෙම නෑ
Take it easy
Okay baby,dont worry
Relax baby
මෙවැනි වාක්‍ය ඛණ්ඩ කිහිපයක් ඔබ සඳහා සූදානම් කර තබා ගන්න.

Mentally escape

නිහඬ කාමරයකට හෝ නිහඬ තැනකට යන්න.ඇස් දෙක වහගන්න .ඔබ සැහැල්ලුවෙන් සිටින අවස්ථාවක් සිතින් මවා ගන්න.ඔබ සිටින්නේ කඩා හැලෙන අලංකාර දිය ඇල්ලක් ඉදිරිපිට හෝ,පිහිනුම් තටාකයක පිහිනමින් හෝ මුහුදු වෙරළේ හෝ ඔබ කැමතිම හෝ ඕනෑම අවස්ථාවක විය හැකියි.එය මනසේ මවා ගන්න .ඒ අවස්ථාවේදී ඔබ අත්විඳින සැහැල්ලුව මවා ගන්න.විනාඩි කිහිපයක් මෙලෙස සිටින්න.

Play some tunes

සංගීතයට පුළුවන් ඔබේ කෝපකාරී සිතුවිලි වලින් ඉවතට ඔබව රැගෙන යන්න.ෆෝන් එකේ හෝ පහසුවෙන් ලබා ගත හැකි තැනක Relax music කිහිපයක් නිතර ම තබා ගන්න.නැත්තම් ඔබ ආසම ගායකයාගේ ගීත හෝ ඔබ කැමතිම වාද්‍යය භාණ්ඩයක හඬක් හෝ විය හැකියි .නැතිනම් ස්වාභාවික පරිසරයේ හඬ පටි ගත කළ තැටියක් විය හැකියි .මේ ඕනෑම දෙයකට ඔබේ මනස සන්සුන් කිරීමේ හැකියාව තිබෙනවා.

Take a nap

පුංචි කෙටි නින්දක් සම්පූර්ණයෙන්ම ඔබ ගේ අසහනකාරී සිතුවිලි ඉවතට රැගෙන යාමට සමත් වෙනවා.

දීර්ඝ කාලීන විසඳුම්

1.යෝගා කිරිම හෝ භාවනා කිරීම වැනි මනස සහ ශරීරය දෙක ම සමබර වන ක්‍රියාකාරකම් හි යෙදෙන්න.
2.සමහර කාරණාවන් සම්බන්ධයෙන් ඔබේ ආකල්ප වෙනස් කර ගන්න.ඉහත දී ඔබ තරහ යාමට හේතු හඳුනාගත් නිසා දැන් මෙය ඔබට පහසු යි.
3.ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න .
4.පෝෂ්‍යදායී ආහාර ලබා ගන්න .
5.ක්‍රමානුකූලව ව්‍යායාම් වල යෙදෙන්න .
6.විශ්වාස දායී මිතුරන් ඇසුරු කරන්න.
7.ඔබේ ජයග්‍රහණයන් සටහන් කර තබා ගන්න.කේන්ති නොයාම අඩු වීම හෝ පාලනය කර ගැනීම නිසා ඔබට ලැබුණු සතුට ලියා තබන්න.
8.තමන්ගේ හැඟීම් ඒ ලිවීමට පුරුදු වෙන්න.ඒ මගින් පීඩනය අඩු වීම සිදු වෙන බව වටහා ගන්න .
9.ඔබේ වෙනස මිතුරන් සමග සතුටින් බෙදා ගන්න .
10.පාලනය කරගත කර ගත නොහැකි අවස්ථාවන් සඳහා අනිවාර්යයෙන්ම වෘත්තීයවේදීන්ගේ සහාය ලබා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles