කුළුබඩුවලට හෘද රෝග වළක්වන්නට හැකිබව ඔබ දැනසිටියා ද?

එදිනෙදා ජීවිතයේ ආහාර සකස් කිරීමේදී ස්වාභාවික රසකාරක ලෙසින් කුළු බඩු වර්ග රාශියක් එකතු කිරීමේ වාසනාව අප සතුයි.නවීන ලෝකයේ දී එය තරමක් කරදරයක් ලෙස සැලකුවත් කුළු බඩු වලින් අත්වන මෙන්න මේ වාසි ගැන ඔබ දැනගෙන සිටීම හරිම වැදගත්.ලෙඩ දුක් නිසා ඇතිවන බොහෝ කරදර රාශියකින් ඔබ ඈත් කර තැබීමට ආහාර රසකාරකයක් ලෙස එකතු කරන කුළු බඩු වලට මේ තරම් හැකියාවක් තිබෙනවාද ?

කුරුඳු

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පිරිපුන් කුරුඳු වෛරස හා සටන් කිරීමට ,රුධිරගත සීනි ප්‍රමාණය අවම කිරීමට,කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට ,ස්නායු අකර්මණ්‍ය වීම වැලැක්වීම ,පිළිකා වලින් ආරක්ෂා කිරීම,හදවත් රෝග වැළඳීම වැළැක්වීම ඇතුළු වැදගත් කර්තව්‍යයන් රාශියක් ඉටු කරනවා.එහි අඩංගු cinnamaldehyde,cinnamic accid,cinnamate නිසා සිරුර ට වාසි රැසක් අත්වෙනවා.
ඕටස් සමග වගේම,තේ,විවිධ ආහාර,යෝගට් ආදිය සමග කුරුදු ආහාරයට ගන්නට පුළුවන්.

කොත්තමල්ලි

ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් කොත්තමල්ලි සතුව ප්‍රතිජීවක ප්‍රතිඅසාත්මික ගුණය පවතිනවා.ආහාර ජීරණය පහසු කරවීම,ශරීරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව ආදිය නිසා හදවතට මෙන්ම සිරුරට ඉතාමත් ගුණ දායක වනවා.
දවසකට කොත්තමල්ලි මේස හැඳි දෙකක් පානය කිරීමෙන් හෝ ආහාර සඳහා දමා සකසා ගැනීමෙන් හදවත සුරැකෙන බව පවසනවා.

කහ

කහ වල අඩංගු curcumin නිසා ප්‍රතිඔක්සිකාරක,ප්‍රතිදාහ,ගුණයෙන් යුතුවෙනවා.විශේෂයෙන් ම පිළිකා වැළැක්වීමේ ගුණයෙන් යුතු වීම නිසා කහ සඳහා විශාල ඉල්ලුමක් පවතිනවා.එසේම බැක්ටීරියා වෛරස් සහ පරපෝෂිත රෝග කාරකයන්ට එරෙහි වෙමින් ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට සේම විෂබීජ නාශනය කිරීමටද කහ සමත් වෙනවා.

ගම්මිරිස්

පෙරදිග හෝ බටහිර හෝ කියා වෙනසක් නොමැතිව ලෝකයේ බොහෝ රටවල මිනිසුන් ආහාර පිළියෙල කිරීමේදී යොදා ගන්නා ගම්මිරිස් ඉතාමත් ජනප්‍රිය කුළුබඩුවක් ලෙස හඳුන්වන්නට පුළුවන්.කැලරි අඩු එහෙත් විටමින්, මැංගනීස් ,කැල්සියම් ,යකඩ සහ තන්තුමය ගුණයෙන් පොහොසත් ගම්මිරිස් සෞඛ්‍යය ට ඉතාමත් හිතකර කුළුබඩුවක්.එහි අඩංගු piperine නම් රසායනික සංයෝගය නිසා වාසි රැසක් අත් වෙනවා.පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාව ,වයසට යාම වැළැක්වීම ,විස නැසීමේ හැකියාව,සෙම්ප්‍රතිශ්‍යාව කැස්ස වළක්වාලීමේ හැකියාව ,දහඩිය පිට කිරීම සහ මුත්‍ර පිටවීම වැනි පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි සිදු කිරීමට ගම්මිරිස් ඉවහල් වෙනවා.ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ නිරෝගීතාවය කෙරෙහිද ගම්මිරිස් ඉතාමත් විශාල මෙහෙයක් සිදු කරනවා.ප්‍රතිජීවක, ප්‍රති දාහක සහ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් පොහොසත් ගම්මිරිස් ආහාර දිරවීම පහසු කිරීමට ද දායක වෙනවා.

ඉඟුරු

ඉඟුරු කියන්නේ ආහාර පිළියෙල කර ගැනීමේදී පමණක් නොව විවිධ පාන වර්ග සඳහා බහුලව යොදා ගන්නා දෙයක්.විශේෂයෙන්ම ඉඟුරු තේ ඉතාමත් ජනප්‍රිය පානයක්.ඉඟුරු වල ඇති ප්‍රතිපදාහක ගුණය (anti inflammatory) නිසාවෙන් එය ප්‍රබල ඔසු ගුණ පෙන්වනවා.ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරවීම,රුධිරයෙ මේදය අඩු කිරීමට ඇති හැකියාව,දියවැඩියාව පාලනය,ආහාර ජීර්ණ පද්ධතිය සේම ඩිම්බ කෝෂ පිළිකා වැළැක්වීමට ද දායකත්වය සැපයීම,උණ හෙම්බිරිස්සාව ආදී රෝග වලදී සාර්ථක ඔසුවක් ලෙස ක්‍රියා කිරීම මෙන්ම විශේෂයෙන් ප්‍රතිශක්තිකරණය වර්ධනය ට ද ඉඟුරු මහා මහත් ලෙස දායක වනවා.ඉතින් සාමාන්‍ය ආහාරයක් ලෙස ඒ වගේම විශේෂ ඔසුවක් ලෙසද ඉඟුරු ආහාරයට එක්කර ගැනීමෙන් වාසි රැසක් අත්වෙනවා .

උලුහාල්

සෞඛ්‍යයට හිතකර කුළුබඩු වර්ග අතර උලුහාල් ඉතා ඉහළ පිළිගැනීමක් සහිත ඔසු ගුණයෙන් යුතු කුළුබඩු වර්ගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ප්‍රතිඔක්සිකාරක,ප්‍රති ප්‍රදාහමය උලුහාල් පිළිකා වැළැක්වීමේ දී ඉතා විශාල කාර්යයක් සිදු කරනවා.ඒ වගේම මුත්‍රා කාරකයක් ලෙසද ක්‍රියා කිරීමේ හැකියාව සතු වෙනවා.
විටමින් සී ,පොටෑසියම් ,මැංගනීස්,යකඩ,ෆෝලික් අම්ලය උලුහාල් වල අඩංගු වනවා.විශේෂයෙන්ම උදරයේ ඇති වන වේදනා,පාචනය,ආහාර දිරවීමේ ගැටලු,බඩ පිපුම,බඩ වේලීම ආදී උදරගත රෝග සඳහා සහන සැලසීමට උළුහාල් සමත් වෙනවා.විශේෂයෙන්ම ශරීරයේ කොලෙස්ටරෝල් අඩු කිරීමේ හැකියාව වගේම හෘද රෝග අඩු කිරීමට ද ,රුධිර පීඩනය පාලනය කිරීමට ද,කාන්තාවන්ගේ ආර්තව ගැටලු ලිහිල් කිරීමටද උලුහාල් සමත් වෙන බව පර්යේෂකයන් පවසනවා. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය මනාව පවත්වාගෙන යාමට ද උදව් දෙනවා.

තින් පෙරදිග කුළුබඩු වලින් සකසන ආහාර,නිකම්ම නිකම් කුසගින්න නිවන ආහාරයකට එහා ගිය ඔසු ගුණයෙන් යුතු බව වැටහෙනවා නේද ?

Related Articles

Don't Miss


Latest Articles