සරාගී බව සහ ධනවත් බව නිසා ලොව පුරා පුවත් මවන කාඩේෂියන් සොයුරියෝ.

සෙලිබ්‍රිටි ෆැමිලි කියන සංකල්පය ලෝකයේ විවිධ රටවල් වල ජනප්‍රියයි. කාඩේෂියන් පවුල කියන්නේ ඇමරිකාවේ ඒ විදියට ජනප්‍රිය වුණු Celebrity Family එකක්.Keeping Up with the Kardashians මේ පවුලේ ජනප්‍රියත්වය ගැන හොඳම උදාහරණයක් දෙන වැඩසටහනක්. Kim, Kourtney, Khloé කියන සහෝදරියෝ තුන්දෙනා එක්ක ඔවුන්ගේ දෙමාපියන් සහ ඔවුන්ගේ අර්ධ සහෝදරියෝ වුණු Kendall, Kylie මේ වැඩසටහනට ඔවුන්ගේ පැරණි පෙම්වතුන් සහ සැමියන් පවා සහභාගී වීම ටිකක් අමුතු වැඩක් හැටියට රසිකයන් දකිමින් තිබෙනවා.

“ප්‍රසිද්ධ වෙන්න කරන විකාර වැඩක්, මවලා පෙන්වන කතා සහිත වැඩක්” කියලත් බොහෝ දෙනෙක් මේ ප්‍රෝග්‍රෑම් එක හඳුන්වනවා.ඒත් ප්‍රේක්ෂකයන්ගේ අවධානය නිසාම මේ වැඩසටහන ප්‍රදර්ශන වාර විස්සක් පවත්වන බව තමයි කාඩේශියන් පවුල ඉන්ස්ටග්‍රෑම් නිවේදනයකින් දන්වලා තිබෙන්නේ.

කාඩේෂියන් පවුලේ ජනප්‍රියම තරුව කිම් කාඩේෂියන් සිරුර හැඩ කරගන්න විවිධ සැත්කම් ආදිය කර ගැනීමට අමතරව තවත් හේතුවක් නිසා ජනප්‍රිය වෙනවා.ඒ ඇය Sex symbol එකක් හෙවත් සරාගී බව සහිත ගැහැනියක් වීම නිසා. 2007 වසරේ ඇගේ පෙම්වතා ඇය සිටින සරාගී වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීමත් කිම් ජනප්‍රිය වෙන්න තව හේතුවක්. “ලීක් වීම” කියලා බොහොම කැත නින්දා සහගතව අපේ රටෙත් මේ සිදුවීම හඳුන්වනවා. එහෙම වෙන ගෑනු ළමයි සැඟවී ජීවිතය ගෙවන්න තීරණය කරනවා. නමුත් කිම් එහෙම පැරදෙන කෙනෙක් නෙවෙයි.

වීඩියෝ පටය ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනයට එරෙහිව ඇය නඩු පවරනවා. ඒත් මාස තුනකට පසු ඩොලර් මිලියන පහක වන්දියක් ලබාගෙන නඩුව ඉවත් කිරීමට ඇය තීරණය කරනවා. ඒ සිදුවීම නිසා ලැබුණු ප්‍රසිද්ධිය ඇය තමාව තරුවක් කර ගන්න යොදා ගන්නවා.

දැන් හතලිස් වැනි වියේ පසුවන කිම් දරුවෝ හතර දෙනෙකුගේ මවක්.ජීවන සහකරුවෝ තිදෙනෙක් එක්ක ඇය ජීවත් වෙලා තියෙනවා. ඇගේ මුල්ම විවාහය අවුරුදු දහ නවයෙදි සංගීත අධ්‍යක්ෂකවරයෙක් වූ ඩේන් තෝමස් සමඟ සිදු වුණත් ඒ විවාහය වසර තුනකින් අහවර වෙනවා. තෝමස් තමාට නිරන්තරයෙන්ම හිංසා කළ බව ඇය පසුව චෝදනා කරනවා. ඊළඟ විවාහය 2011 දී බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් වූ ක්‍රිස් හැම්පර් සමඟ සිදු වෙනවා.ඒ ආදර කතාව ගැන කිම් රූපවාහිනියේ වැඩසටහනක් පවා සිදු කරනවා. නමුත් ඒ විවාහයත් ඉතා කෙටි කලකින් දික්කසාදයකින් කෙළවර වෙනවා. තිස්තුන්වැනි උපන් දිනය දා රැප් ගායකයෙකු වන Kanye West සමඟ කිම් නැවත විවාහයට පත් වෙනවා. ඇය මවක් වන්නේ ඒ විවාහය නිසා.

කිම්ගේ නම ගූගල් හි සෙවීම පවා වෛරස් අඩංගු වෙබ් අඩවිවලට පිවිසීමට හේතුවක් වන බව පසුගිය දා හෙළි වුණා.සයිබර් හැකර් වරුන්ගේ ප්‍රයෝගයක් එය.ඇය ඒ තරමටම ජනප්‍රියයි.ජනප්‍රිය තාරකාවකට අමතරව කිම් ව්‍යාපාරික කාන්තාවක් ලෙස KKW Beauty සහ KKW fragrance නම් ව්‍යාපාර පවත්වාගෙන යනවා. කිමෝනා ඉන්ටිමේට්ස් නමින් කාන්තා යට ඇඳුමක් වෙලඳ පොලට නිකුත් කරන්නට ඇය 2019 දී ක්‍රියා කළත් ජපන් වැසියන්ගේ දැඩි විරෝධය එහි නම වෙනස් කිරීම දක්වා රැගෙන යනවා. ඒ වගේම නිළියක් සහ නිරූපිකාවක් කියන චරිත තුළත් ඇය ජීවත් වෙනවා. 2015 වසරේදී ටයිම්ස් සඟරාව 100 most influential people අතරට කිම්ගේ නම ඇතුළත් කරන අතර ඒ වසරේදීම කිම් වැඩිම මුදලක් අය කරන රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නිය බවට පත් වෙනවා.

කාඩේෂියන් පවුල ගැන කතා කරනකොට කිම් තරමටම ජනප්‍රිය තව කෙනෙක් තමයි ඇගේ අර්ධ සහෝදරී වන කයිලි ජෙනර්. සමාජ ජාල තරුවක් ලෙස හඳුන්වන කයිලි “ස්වෝත්සාහයෙන් දියුණු වූ ලොව ලාබාලතම ප්‍රකෝටිපතියා” බවට පත් වෙමින් සිටින බව ෆෝබ්ස් සඟරාව සඳහන් කරනවා. ඇගේ ආදායම අවුරුදු විස්සේ දී ඇමරිකානු ඩොලර් මිලියන 900 පමණ බව ෆෝබ්ස් සඟරාව තවදුරටත් සඳහන් කර තිබුණා. කයිලිගේ රූපලාවණ්‍ය නිෂ්පාදන වලට ලෝකයේ දැඩි ඉල්ලුමක් පවතිනවා.ඇය තම දෙතොල් සැත්කම් මඟින් සකස් කරගත්තත් පසුව එය අනාරක්ෂිත බව වටහාගෙන දෙතොල් ආලේපන නිෂ්පාදන සඳහා ද යොමුව තිබුණා.සමාජ ජාලා තරුවකට අමතරව ව්‍යාපාරික කාන්තාවක් වන කයිලි එක්දරු මවක්. ඇයට මිලියන 150කට අධික ප්‍රමාණයක ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා සිටිනවා. Kylie cosmetics නාමය ඇයව තව තවත් පොහොසත් කරමින් සිටිනවා.

ජනප්‍රිය වීම සමහරවිට දරා ගැනීමට අසීරු අත්දැකීම් ලබා දෙනවා තමයි.නමුත් දරා ගැනීම සහ සටන් කිරීම මොනතරම් ප්‍රබල දෙයක් ද කියන දේ කිම්,කයිලි ප්‍රමුඛ කාඩේෂියන් පවුල අපට මතක් කරන බව නොකියාම බැහැ.

ඇත්තටම ලෝකයට උවමනා එහෙම සටන් වදින ගැහැනු තමයි.සරා

Related Articles

Don't Miss


Latest Articles