රැවටිලි කරුවන්ට හසු නොවී කාර් එකක් මිලදී ගන්නෙ මෙන්න මෙහෙමයි

ගොඩක් කාන්තාවන් වාහනයක් තනියෙන් මිලදීගන්න බයයි. ගොඩක්දෙනා හිතන්නෙ කාන්තාවකට තනියෙන්යෙන් මේ වගේ ගනුදෙනුවක යෙදෙන්න බැහැ කියලයි. නමුත් ඒක මිත්‍යාවක්. එය ඉඩමක්, රත්‍රං ආබරණයක් මිලදීගන්නවාට වඩා වෙනස් ගනුදෙනුවක් නෙමෙයි. පුංචි කරුණු කිහිපයක් පිළිබඳව දැනුවත්වීම ප්‍රමාණවත්, වෙන කිසිම කෙනෙක් මත නොයැපී Smart lady කෙනෙක් වගේ තනියෙන් කාර් එකක් ගන්න ඔබට මේ කරුණු වැදගත් වේවි .

දැනුවත්වන්න

මතක ඇතිව හරියටම හොයල බලල දැනුමෙන් සන්නද්ධ වෙලා යන්න. වාහන විකුණන අයට බොහෝ විට කාන්තාවන් ලෙහෙසියෙන් නොමඟ යවන්න පුළුවන් කියල හිතන්නෙ වාහන පිළිබඳව අවබෝධයක් නොමැති නිසයි. ඒ නිසා අනිවාර්යයෙන්ම හොඳට හොයල සියළු තොරතුරු කියවල හොදින් දැනුවත්ව යන්න.

ඔබට මිලදී ගත යුතු වාහනය පළමුවෙන්ම වාහන කීපයක් සසඳා බැලීමෙන් පසුව තීරණය කරන්න. ඉන්පසුව එම වාහනය පිළිබඳව දැනගතයුතු වෙනත් කරුණු: ඉන්ධන භාවිතය, වේගය, තිරිංග තත්ත්වය ආදිය පිළිබඳව සොයාබලන්න. මේ සඳහා ඔබට අන්තරජාලය, සඟරා,  පුවත්පත් ආදිය භාවිතා කළහැකියි. අමතක කරන්න එපා වාහනය ඔබේ අවශ්‍යතාවන්ට, ආර්ථිකයට සහ රිය පැදවීමේ හැකියාවන්ට ගැලපෙනවාද යන්න.

වාහනයට අවශ්‍යඋපාංග කලින්ම තීරණය කරන්න

බොහෝ අලුත් වාහනවල අවම මිල යටතේ ලබාදෙන්නේ අවම පහසුකම් පමණයි. වැඩිවෙන අමතර උපාංග (extra features) සඳහා අමත මුදලක් අයකරනු ලබයි. Air Bags, power shutters, reverse sensors, screensආදී ඔබට අවශ්‍ය අමතර උපාංග සඳහාවන මිල පිළිබඳව දැනුවත්වන්න. ඔබට අත්‍යාවශ්‍ය අමතර උපාංග කලින්ම තීරණයකරන්න.

බයවෙන්න එපා

අඩුමගණනේ බයවෙලා ඉන්නෙ කියල පෙන්න්න එපා. ඔව් පෙන්වාදෙන දේවල් සාවධානව අසන්න. ඔබ දන්නා සහ සොයාගත් කරුණු සමඟ සසඳන්න. මධ්‍යස්ථව සිතා තීරණයක්ගන්න.

රිය පදවා බලන්න

වාහනය අනිවාර්යයෙන්ම Test drive කරබලන්න. වාහනය ඇත්තට පැදවීමේදී එහි ඇති දුබලතා, පැදවීමේ පහසුව යනාදිය ඔබට ප්‍රායෝගිකව තීරණය කලහැකියි. මතක ඇතිව වාහනයේ කොටස්, උපාංග නිසිලෙස ක්‍රියාත්මක වනවාදැයි පරීක්ෂාකර බලන්න.

ඔබේ ආර්ථිකය රහසක් !

කුමන විටකවත් ඔබේ ආර්ථික තත්ත්වය හෙළිනොකරන්න. වාහනයේ මිල මිසක් ගෙවන ආකාරය පිලිබඳව කේවල් කිරීමෙන් වැළකීසිටින්න.

හිතන්න !

වාහනයට මුදල්ගෙවන්න කලින් ඔබ සොයාබැලූ දෑ සහ දැනගත් දෑ පිළිබඳව නැවතත් හිතල බලන්න. හදිසි තීරණගැනීමෙන් වැළකී සිටින්න.

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් වාහන සම්බන්ධ මිකැනික්කෙනෙක්ගේ හෝ පවුලේ දන්නකියන කෙනෙක්ගෙන් අහලබලන්න. ඔබට විශ්වාසනම් එය ඔබට ගැලපෙනම වාහනය  බව බයනැතිව මිලදීගන්න.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles