නිතර පාවිච්චියට හෑන්ඩ් බෑග් සහ සපත්තු මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල්.

හෑන්ඩ් බෑග් සහ සපත්තු කියන්නෙ අපිට නැතුවම බැරි දේවල්. විශේෂ අවස්ථාවන්ට ගළපමින් භාවිතා කරාට එදිනෙදා ගමනට බිමනට අපිට හෑන්ඩ් බෑග් සපත්තු සහ සෙරෙප්පු පොදුවේ භාවිතා කරන්න සිදු වෙනවා. මේ දේවල් හරියට තෝරා ගන්නේ කොහොමද කියලා අපි මේ ලිපියෙන් කතා කරමු.

හෑන්ඩ් බෑග් එකක් තෝරා ගන්නේ මෙහෙමයි.

  1. ඔබේ බෑග් එකේ මෙටීරියල් එක ලෙදර් මෙටීරියල් එකක් වීම හරිම වැදගත්. හේතුව තමයි දිනපතා භාවිතාවේදී සවි ශක්තිය ඉතාම වැදගත් නිසා. ඒ නිසා හැමදාම භාවිතා කරන අත්බෑගය ටිකක් මිලෙන් වැඩි වුණත් හොඳ මෙටීරියල් එකකින් තෝරා ගන්න.
  2. එහි සුව පහසුවත් හරිම වැදගත්. ඒ නිසා උරහිසට අපහසුව නොවන ලෙස ටිකක් විශාල පටියක් තිබීම තමයි සුදුසු. සිහින් පටියක් උරහිසට වේදනාව ඇති කරනවා.
  3. බෑගයේ වර්ණය කළු, දුඹුරු හෝ තද නිල් පැහැති වීම එය ඕනෑම ඇඳුමක් සමඟ ගළපන්නට පහසුවක් නේද? ඒ වගේම දිගු කාලීන භාවිතයේදී අපිරිසිදු පැහැයකින් දිස්වන්නේත් නැහැ.
  4. බෑගයේ ප්‍රමාණය ගැනත් හිතන්න ඕනෑ. ඔබ පොත් ගොඩක් අරගෙන යන ශිෂ්‍යාවක් නම් ටිකක් ලොකු බෑග් එකක් ඔබට අවශ්‍ය වේවි. නමුත් සාමාන්‍ය ගමන් බිමන් වල යෙදෙනවා නම් සාමාන්‍ය ප්‍රමාණයේ බෑග් එකක් ඇති. ඕනෑවටවඩා සිප්, පොකට් තියන එකත් දීර්ඝකාලීන භාවිතයට ඒ තරම් සුදුසු නෑ.

මේ රූපවල ඇති පරිදි බෑග්ස් ඔබට තෝරා ගන්න පුලුවන්.

සපත්තු සහ සෙරෙප්පු එදිනෙදා පාවිච්චියට තෝරා ගන්නේ කොහොමද?

අපි එක එක ස්ටයිල්ස් වල විවිධ පාට පාවහන් පළඳින්න හරිම කැමතියි. නමුත් දිනපතා පාවිච්චියට අපිට පාවහන් යුගල කිහිපයක් තිබීම ඇත්තටම වටිනවා. අන්න ඒ විදියට පාවහන් තෝරා ගන්නකොට මේ කාරණා ගැන හිතන එක හරිම වැදගත්.

  1. ඔබ පහසුව අගය කරන කෙනෙක් නම් Flat slippers , canvas shoes පාවිච්චි කරන්න. නිතර ඇවිදින්න වෙනවා නම් මේවා කකුලට හරිම පහසුයි. මේවාත් කළු, නිල් සහ අළු වැනි වර්ණවලින් තෝරා ගන්න.
  2. ඔෆිස් යන්න සාරි අඳිනවා නම් හෝ ඔෆිස් කිට් අඳිනවා නම් කළු පැහැයෙන් හීල්ස් තෝරා ගන්න. හැබැයි දිනපතා පාවිච්චි කරන්න හීල් එක ලොකු පාවහන් නම් ගැළපෙන්නේ නැහැ.
  3. දවස පුරාම පාවහන් දමාගෙන ඉන්න වෙනවා නම් කකුල් සම්පූර්ණයෙන්ම ආවරණය වූ පාවහන් ඇත්තටම ගැළපෙන්නේ නැහැ.ඇඟිලි කරු අතර දිලිර ආසාදන වගේ තත්වයන් ඇති වෙන්න ගොඩක් වෙලාවට හැකියාව තියෙනවා. ඒ නිසා දිගු වෙලාවක් එවැනි පාවහන් පාවිච්චි කරනවා නම් ඒවා ඉවත් කළ වහාම හොඳින් කකුල් සෝදා පිසදා moisturizer cream එකක් ආලේප කරන්න.
  4. ඒ වගේම කකුලට හිර සහ කකුල් කැපෙන පාවහන් එදිනෙදා පාවිච්චියට කොහොමවත් ගැලපෙන්නේ නැහැ. ඔබේ පාවහන් වලට කකුල් කැපෙනවා නම් මේ දේවල් වලින් එය නිවැරදි කර ගන්න.

ඒ වගේම ඔබ පාවහන් සහ බෑග් තෝරා ගන්නකොට පොදුවේ හිතන්න ඕනෑ දේ තමයි කල්පැවැත්ම. එය ඉතාම වැදගත් කාරණාවක්. එදිනෙදා පාවිච්චි කරන්න එක පාවහන් ජෝඩුවක් සහ එක බෑග් එකක් පාවිච්චි නොකර බෑග් වර්ග දෙකක්, පාවහන් වර්ග දෙකතුනක් පාවිච්චියට ගැනීමත් මේ කල්පැවැත්ම සඳහා වැදගත් වෙනවා.

ඔබ ස්මාර්ට් පෙනුමට ඉන්න කැමති නම් එදිනෙදා පෙනුමත් ලස්සනට සහ ක්‍රමවත්ව පවත්වාගෙන යාම හරිම වැදගත්. ඒ නිසා එදිනෙදා පාවිච්චි කරන දේවල් පවා ඔබේ පෙනුම සහ සිරුරේ හැඩය අනුව තෝරා ගන්න මේ ලිපි (ලින්ක්) වැදගත් වේවි.

ලස්සන ඉන්න!!

Related Articles

Don't Miss


Latest Articles